බෙහෙත් ගන්ට කියා මාව නංවාගෙන | රියේ |
මහත්තයෙක් ළඟට යළිත් දක්කාගෙන | ගියේ |
පහත්වෙලා බලා මදෙස අත ගා හිස | මයේ |
යළිත් එන්න කියපි දෙකක් ඉන්ජැක්සොන් | තියේ |
බොන්ටනොවේ දෙන්නෙ බෙහෙත්, ඇඟට තදින් | විදී |
ඉන්ට හිටින්ටත් බැරි වී, බෙරිහන් දෙමි | රිදී |
කන්ට ගෙනෙමි පීස' එකක් හිටු බෙරිහන් | නොදී |
යන්ට යන ගමන් පැවසෙයි ඉවසුම මගෙ | මදී |
පෝලිමෙ පිටුපස ඉන්නා කෙනා දැකල' | හුරුයි |
වේලි වේලි ඉන්නෙ නමින් අඬ ගසනා | තුරුයි |
පාලි මොටද මගෙ ඇස් වල වදන් කෝසෙ | සරුයි |
ජූලි නේද මේ ඉන්නේ, ඈ මට සඳ | හිරුයි |
වැඩිය වෙලා නැති මුත් හනි හනික කතා | කළා |
නඩය අපේ සී සී කඩ ගිය බැවු සිහි | කළා |
වඩය නිසා වුණු රණ්ඩුව ගැන ඉඟි බිඟි | කළා |
කුඩය යටින් යන නෝනගෙ ගමන පමා | කළා |
සැමී, ලිසී දෙන්නම දැන් කොයිබද | ඉන්නේ |
නිකී, විකී මිය ගිය බව ළඟදිනෙ | දන්නේ |
ෂැගී හරිම සැර, නැත කිසිවක් | ඉවසන්නේ |
දුගී වෙලා ඇති බව වික්ටර් | පවසන්නේ |
මතක් කළා කියන්න අපෙ යාළුවො | දුටුවෝතින් |
හිතක් මටත් හිතයි එන්න වටයක් | ලැබුණෝතින් |
නෙතක් දිදී ජූලිට මගෙ වලිගය | වැනුවෝතින් |
සෙතක් නොවනු ඇත ඇය මා සෙනෙහෙන් | බැඳුණෝතින් |
අමතක කර පරණ මතක සෙනෙහෙන් අප | බැඳුණූ |
මොහොතක සුවයම සොයනෙමි මෙදියත් තුළ | දරුණූ |
අහසක එක ඉර ද සඳ ද පායයි විට | හිතුණූ |
පහසක මහ රසක් කොහිද හිතවත් කම | බිඳුණූ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Thursday, September 11, 2014
කලකින් හමු වූ ජූලී
Subscribe to:
Post Comments (Atom)
බූල් නැතිව ඉන්නා අපි මතකත් නැහැ වගේ
ReplyDeleteකටුව කාපු නගුට මොකට වැනුවත් නැහැ වගේ
මැක්කන්ටත් කන්ට නැතුව කෙට්ටු වෙලා වගේ
කවි ටික නම් පට්ට තමයි උඹ සගයනෙ මගේ
අමතකමත් නෑ එනමුත් නැහැ වැඩි මතකයක්
Deleteකොහොම උනත් සතුටුයි උඹෙ කවත් පට්ට එකක්