Thursday, February 4, 2016

ගෙදර පුංචි හුරතලා..

ගෙදර පුංචි හුරතලා
සණ්ඩු කළත් දඟ වෙලා
මාත් එක්ක හුරතලේට හිනාවෙන්නෙ තාම
කාට නැතත් පුතේ නුඹව වටිනව මට බෝම
පුතා දෙසම බල බලා
තරුත් ඉන්නෙ නැවතිලා
නිවි නිවි දිලිසෙන්නෙ මොකද එ තරු හරිම සෝකෙන්
පණිවුඩ හෙම තියෙනවාද ගෙනාව සුර ලෝකෙන්
ටික ටික නුඹ ලොකු වෙලා
සිප් ගුණ මල් දම් නෙළා
මිනිසත් කම් නිබඳ හැඳින පෙරටම යා නම්
නිවටුන් දෙස නොබලන් එය හරි අවදානම්
රට දැය දෙක සරසලා
නුඹ එනතුරු මඟ බලා
මං ඉන්නම් කල්ප කලක් වුව ඉවසාගෙන
පුළුවන්නම් හිනා වෙයන් මාව බදාගෙන

2 comments:

  1. රට දැය සලකනවාට වඩා තමුන්ගේ වැඩක් කරගෙන සංතෝසෙන් ඉන්න එක වටිනවා..කාටවත් කරදරයක් නැතුව..

    ReplyDelete
    Replies
    1. "තමුන්ගේ වැඩේ" හරියට කරනවා නම්.. රට දැය වෙනුවෙන් ඒ ටිකත් ඇති..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..