සංවර්ධනය මදියැයි කියා ඇතැමුන් මැසිවිලි නගද්දී.. සංස්කෘතිය සහ සදාචාරය විනාශ වන්නේයැයි තවත් පිරිසක් මැසිවිලි නඟයි..
සමාජ හැසිරීමේ ස්වභාවය සංස්කෘතිය යන වදනින් දැක්වෙන අතර.. එය නිරන්තරයෙන් වෙනස් වන්නක් බව වටහා නොගැනීම තුළ ගැටළු බොහෝ.. ඇති වී තිබේ..
යහපත් වූ ආචාර ධර්මයන් සදාචාරය ලෙස දැක්වෙන අතර.. මේවා සංස්කෘතිය තරම් වේගයෙන් වෙනස් වන්නේ නැති.. බොහෝ සෙයින් වෙනස් නොවිය යුතු.. එහෙත් අලුත් විය යුතු.. ක්‍රියා පිළිවෙත් ය.. සංස්කෘතීන් වෙනස් වීමේදී නිරායාසයෙන් ම ඒ හා බැඳුනු සදාචාරයන් ද වෙනස් වන උදාහරණ ඕනෑ තරම් හමු වේ..
උදාහරණයක් ලෙස..තොටියා ගේ රැකියාව සැලකිය හැක.. ඒ වටා වූ සංස්කෘතිය එහෙම පිටින්ම පරිවර්තනය වී.. අද තොටියාගේ වෘත්තිය ක්‍රියාත්මක වන්නේ නැත.. ඒ වෙනුවට.. පාලම හරහා යන.. බස්, ත්‍රී රෝද රථ, බයිසිකල් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් එකී සංස්කෘතියේ දිගුවක් ලෙස පවතී.. එම සංස්කෘතිය තුළ.. එකල පැවත් සදාචාරයන් තවමත් වළංගු ද යන කාරණය විමසා බැලිය යුතුය..
ඉහත කී සංස්කෘතික වෙනස.. සිදුව ඇත්තේ භෞතික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිළිය. එහෙත් ඒ සමඟ, දැල්වී තිබූ සදාචාරයේ පහන් නිවී ගොස් ඇත්නම්.. අප ගමන් කර ඇත්තේ සංවර්ධනය දෙසට නොවන බව පැවසිය හැක.. එවැන්නකට ඊනීයා සංවර්ධනයක් යැයි කිව හැක.
අපට අවැසි ඊනියා සංවර්ධනයක් නොව.. සැබෑ සංවර්ධනයක් නම්.. සදාචාරය රැක ගෙන සංස්කෘතිය වගා කරගෙන.. සංවර්ධනය කරා පිය නැගිය යුතුය..
භෞතික සංවර්ධනය යනු සංවර්ධනයේ.. එක් සාධකයක් පමණි..
සංස්කෘතිය කියන්නේ ස්වභාවයෙන්ම නිරතුරුව පරිනාමය වන දෙයක් බව තේරුම් නොගෙන, ඒ ස්වභාවික පරිනාමය බලෙන් නවත්වන්න යන එක නම් ගොඩක් දෙනා කරන මෝඩ වැඩක්.
ReplyDeleteඒක ඇත්ත.. අපි ඉස්සෙල්ලාම ඒ තත්වය භාර ගන්න ඕන..
Delete