රෑට බතට කන්ට කියල කෝම් පිට්ටු | ඉවුවා |
කාට හැකිද ඕව' කන්ට! කියල' අම්ම' | රැවුවා |
ඊට පස්සෙ බත් ගෙනැල්ල' අනල' අනල' | කැවුවා |
පාට පිරුණු රහයි ගුණයි අපේ බඩට | යැවුවා |
කූට මිනිස් කැළයකි මේ අනතුරු | ඇඟැවෙවුවා |
මීට වඩා ඉවසිය යුතු බව නිති | පැහැදෙවුවා |
දේට හොඳම යොමු කරද්දි බැන බැන | ඇහැරෙවුවා |
දාට මියෙන ආඩම්බර වෙන්නට | දිවුරෙවුවා |
මෝටරේට බිලක් නැතිව රුහිරු කිරෙන් | පෙවුවා |
ඊට වැඩිය ඇගෙ කුස තුළ මාස ගණන් | ගෙවුවා |
ගාට ගාට උනත් හරි ම පාරෙන් අප | යැවුවා |
කාට ඕන නැතත් ඇයට අපව ඕනි | කිවුවා |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Sunday, February 28, 2016
කෝම්පිට්ටු...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..