අතීතය නම් මිරිඟුවට වද දී
එකතු කළ ජීවිතයෙ රස සොයමී
හිස් ම හිස් වේ බඳුන ඒ පුදුමා
කවුරු සොරකම් කළෙද රසමදිරා..
හකුරු හංගපු වක්කඩේ
කිමද මට සරදම් කළේ
දැනුණ දා ගලනා දියෙහි අරුමා
මුහුද මා වෙත රැගෙන එනු මැනවී..
තුටින නැඟි මහ ගිරි දඹේ
කෙළවරක් නොම හමු වුණේ
දෙපස ඇත්තේ මහරු කඳු පමණා
මගේ සිහි මා මුලා කළ මැනවී..
හොරු ගෙනිච්චා ලැබුණත් ඒ තරම් වැඩක් නෑ. අලුත් දෙයක් හොයාගන්න වෙර දරන්න තමා ඕනැ.
ReplyDeleteහ්ම්.. හ්ම්.. අලුත් විදිහට බලන්නයි ඉගෙන ගන්න ඕන..
Deleteආයෙත් ඕං මට අර පරණ ලෙඩේ. තේරුනේ නෑ අයියෝ .....
ReplyDeleteඔයා නියම පොයින්ට් එකට ඇවිත්.. නොතේරෙන එක ගැන තමයි මේ ලියලා තියෙන්නේ..:D
Deleteතමන්ගේ හිතෙන්ම අහල බලන එක තමා වටින්නේ.. ලස්සන පැදි පෙලක්..
ReplyDeleteහිත ඇතුලටම යන්න ඕන..
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි..
Deleteකවුරු සොරකම් කළෙද රසමදිරා
ReplyDeleteමුලු නිර්මාණයේම මා සිතගත්ම පද පේලිය.මුලු කවියම නැගිට්ටවන්නේ එතැනින් කියලා මට හිතෙන්නේ.
මට හිතෙන්නෙත් එහෙමයි.. බොහොම ස්තුතියි..
Deleteකවුරු හොරකම් කරන්නද
ReplyDeleteමගේම තොල කට තෙමුවා මිසක...
මගේ තොල කටත් වියැළී..ඇත..
Delete