මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, July 9, 2013
ගෑණු නම් එපා..!
මා වැනි දිළින්දා
කෙල්ලෙකුට පෙම් බැන්දා
ඈත් හොඳ හින්දා
මා ගියා ඇගෙ ගෙදර කැන්දා
කාරය කෝ ඇසේ
තට්ටු කීයද නිවසේ
බැංකුව මොන දෙසේ
නෑ කිසිත් මට හිඳිමි සුවසේ
මෙය මෙයාකාරය
බඳින්නට කරකාරය
තිබිය යුතු බාරය
එසේ නැත්නම් මහා පාරය
නැන්දම්මා කිපී
පොළොවේ හැපී නොහැපී
පරළව යළි පිපී
කීය යනලෙස නොඉඳ සැතපී
හිත වාවනු කෙසේ
ඇගෙ මූණ වත් නොදිසේ
පිටවී යන ලෙසේ
නැගිට යන'තර බැලිමි ඇ'දෙසේ
කිසි වෙනසක් නැතේ
සිනාසී ඈ සිටිතේ
බලා මම දසතේ
කළෙමි ගෑණුන් එපා සපතේ..!
Subscribe to:
Post Comments (Atom)
පට්ටයි ඕං ඈ....
ReplyDeleteබොහොම ස්තුතියි කිවුවා..
Deleteඅළුත් සංදේශ කාව්‍යයක් ! , ලස්සන කවි පෙළ ..
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ් මහත්තයා..
Deleteමල් හතයි ....
ReplyDeleteස්තුතියි සහෝ..
Deleteබලන්ටකෝ ඒකෙත් හැටි....
ReplyDeleteඒක නොවෙන්නම්..
Deleteදැම්ම හම්බකරගනිල්ලා කොල්ලනේ. නැත්තං බර අත්තක් උස්සන්න තමා වෙන්නේ. පංකාදු පහයි කවි ටික.
ReplyDeleteනලීන් සහෝදරයා.. නං බර අතු අල්ලපු පාටයි..
Deleteමොන පිස්සුද තාම මහ රැ කොච්චියේ යන එන සාමාන්‍ය එකෙක් මමත්
Deleteඑළ කිරි තමා.. මටත් එපා බං ගෑනු..
ReplyDeleteමේ නහින දෙහින කාලෙ මොන ගෑණු ද අප්පා.. ඔන්න ඔහේ දේශනයක් තියාන ඉන්ට දේශක තුමා...:D
Deleteමෙය ලියු ආරය
ReplyDeleteඇත්තටම මාරය
ඉතාමත් සාරය
පුදමි උපහාරය
ඔබේ උපහාරය
Deleteකවි රසයෙන් ද සාරය
දැන් මගේ වාරය
ඔබට දෙමි උත්තමාචාරය
මම ගැන දැනගෙන ලිව්වද මන්දා? පට්ටයි
ReplyDeleteඕක අපේ අය බොහෝ දෙනෙක් ගෙ කවිය නෙ සහෝ..
Deleteඑළ! මම දැක්ක බුකියෙත් මේක.
ReplyDeleteඔවු දෙතුන් තැනකම දැම්මා නෙ..
Deleteඇත්තටම මේක තමයි ලංකාවේ කොතැනත් වෙන්නේ, එගොල්ලෝ බලන්නේ සල්ලි, යාන-වාහන, ඉඩ-කඩම්, ගේ-දොර, පරම් පරාව .... වගේ දෙවල් විතරයි... ඒ අතින් යුරෝපයේ ගෑනූ නම් දාහකින් හොඳයි....
ReplyDeleteඒ අතින්... වෙන්න ඇති..
Deleteකෙල්ලො එහෙම කරන එකටත් අපට දොසක් කියන්න බෑ අප්පා.. අපි වගේ වැලේ වැල් නැති අයත් එක්ක ඇවිත් දුක් විඳිනවට වඩා... හොයලා බලලා බෑ කියන එක හොඳයි.. කියලයි මං හිතන්නෙ..
සුපිරි පදද ගැලපීමක්
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ..
Deleteඔන්න අද තමයි මුලින් ම ආවේ. මේක නං ඇත්ත ම ඇත්ත කතාවක්. ඉඩම්, ගෙවල්, කාර් තියෙනවා නං බැඳපු සල්ලාලයෙකුට වුණත් කමක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නැතු ව දෝණි ව පූජා කරයි මේන් කියලා.
ReplyDeleteහෙක්.. හෙක්.. ඒක ඇත්ත.. කොහේ හරි එක තැනක වැරදිලා තියෙනවා.. මං හිතන්නෙ ඒ තැන හිතා ගන්න බෑ.. සල්ලි නැති එකෙකුට දෙද්දි... දෙපාරක් හිතන්ට වෙලා තියෙනවා.. මූ ඇත්තටම එන්නෙ කෙල්ලට ආදරේට ද කෙල්ලගෙ සල්ලි වලට ආදරේට ද කියලා... අනෙක.. මූට කෙල්ල ගෙදර හිටියා වගේම සංතෝෂෙන් තියන්න පුළුවන්ද කියලා.. (දුප්පත්කම ඉස්සරහ දොරෙන් එද්දි ආදරය පෑල දොරින් යනවා කියලත් කියනවනෙ.. අත්දැකීමෙන්..කියන්නෙ.. ඒක ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනවා..) අද කාලෙ වංචාකාරයෝ වගේම වංචාකාරියෝත් එමට.. දරුවෙක් දීග දෙද්දි දෙමවුපියන්ට පස්මහ බැලුම් බලන්ට වෙනවා.. දරුවොත් යාළුවෙන්ට කලිං පුළුවං තරං හොයලා බලන්ට ඕන..
Deleteඅම්මා කියු හින්දා
ReplyDeleteකෙල්ල හින හී උන්නා
වෙනත් කෙල්ලෙක් බලලා
ගන්න කරකාර බන්දා
ඒක හොඳා...
Delete