කිත් පැසසුම් වලට වැඩියෙන් නව ....නින්දා
මේ පෙම නිසා අප තනි තනියෙන් .....වින්දා
එක් වී පෙම් කරන්නට නුඹ නැති ......හින්දා
තෙත් බව සිඳෙන තුරු නෙත කවි පද බැන්දා
ගේ දොර ඉඩ කඩම් සහ හරකා ..........බාන
වාහන මිළ මුදල් වෙත නතු වූ ..............හීන
නෑ හිත මිතුන් වටවූවත් .................පුරවාන
නෑ මට වගෙම නුඹටත් දැල්වුවෙ .......පාන
පෙවු කිරි වලට සදහට ණයගැති .......වන්නා
කැවු රස බොජුන් මට අමතක නොම වන්නා
නැවු නැඟ යන්ට සිතුවිළි හද ..නොනඟින්නා
මවු මගෙ පණ සමයි මා පමණක් .......දන්නා
නෑ හිත තරහ' මා අමතක ..............කෙරුවාට
වාවනු හැකිය නුඹ මගෙ ළඟ .........නැතුවාට
මෑණිය මගේ විත් හරහට ................හිටියාට
ඒ ඇගෙ පෙමයි නොව වෛරයෙ ....රතුපාට
ලස්සනයි තව ලියමු කවි
ReplyDeleteස්තුතියි සහෝ..
Deleteනෑ හිත තරහ' මා අමතක ..............කෙරුවාට
ReplyDeleteවාවනු හැකිය නුඹ මගෙ ළඟ .........නැතුවාට
මෑණිය මගේ විත් හරහට ................හිටියාට
ඒ ඇගෙ පෙමයි නොව වෛරයෙ ....රතුපාට
ලස්සණ අදහසක්....
බොහොම ස්තුතියි දිලිනි..
Deleteහ්ම් . ඒ අම්මගෙ ආදරේ පාට තමයි.
ReplyDeleteආදරේ පාට කොහොම හොයන්නද?
Deleteඅද කවි වැහි වැහැලා... ගිහින් මීගොඩගේ කවියත් කියවලා බලන්න.
ReplyDeleteකොයි.. අර මාළු ගැන කියපු කවියද?
Deleteමෙවන් කවි වැස්සේ
ReplyDeleteනාමු අපි සිත්සේ
හතර පද මැස්සේ
කවි කාලෙකට පස්සේ
අන්තිම කවිය මුල් කවි තුනෙන්ම කියන්න හදන දේ එක්තැන් කරනවා.එළකිරි.
බොහොම ස්තුතියි සහෝ..
Delete