Wednesday, July 31, 2013

ඒ ඇගෙ පෙමයි

කිත් පැසසුම් වලට වැඩියෙන් නව ....නින්දා
මේ පෙම නිසා අප තනි තනියෙන් .....වින්දා
එක් වී පෙම් කරන්නට නුඹ නැති ......හින්දා
තෙත් බව සිඳෙන තුරු නෙත කවි පද බැන්දා

ගේ දොර ඉඩ කඩම් සහ හරකා ..........බාන
වාහන මිළ මුදල් වෙත නතු වූ ..............හීන
නෑ හිත මිතුන් වටවූවත් .................පුරවාන
නෑ මට වගෙම නුඹටත් දැල්වුවෙ .......පාන

පෙවු කිරි වලට සදහට ණයගැති .......වන්නා
කැවු රස බොජුන් මට අමතක නොම වන්නා
නැවු නැඟ යන්ට සිතුවිළි හද ..නොනඟින්නා
මවු මගෙ පණ සමයි මා පමණක් .......දන්නා

නෑ හිත තරහ' මා අමතක ..............කෙරුවාට
වාවනු හැකිය නුඹ මගෙ ළඟ .........නැතුවාට
මෑණිය මගේ විත් හරහට ................හිටියාට
ඒ ඇගෙ පෙමයි නොව වෛරයෙ ....රතුපාට

10 comments:

  1. නෑ හිත තරහ' මා අමතක ..............කෙරුවාට
    වාවනු හැකිය නුඹ මගෙ ළඟ .........නැතුවාට
    මෑණිය මගේ විත් හරහට ................හිටියාට
    ඒ ඇගෙ පෙමයි නොව වෛරයෙ ....රතුපාට

    ලස්සණ අදහසක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි..

      Delete
  2. හ්ම් . ඒ අම්මගෙ ආදරේ පාට තමයි.

    ReplyDelete
    Replies
    1. ආදරේ පාට කොහොම හොයන්නද?

      Delete
  3. අද කවි වැහි වැහැලා... ගිහින් මීගොඩගේ කවියත් කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. කොයි.. අර මාළු ගැන කියපු කවියද?

      Delete
  4. මෙවන් කවි වැස්සේ
    නාමු අපි සිත්සේ
    හතර පද මැස්සේ
    කවි කාලෙකට පස්සේ
    අන්තිම කවිය මුල් කවි තුනෙන්ම කියන්න හදන දේ එක්තැන් කරනවා.එළකිරි.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..