Tuesday, July 9, 2013

ගෑණු නම් එපා..!


මා වැනි දිළින්දා
කෙල්ලෙකුට පෙම් බැන්දා
ඈත් හොඳ හින්දා
මා ගියා ඇගෙ ගෙදර කැන්දා

කාරය කෝ ඇසේ
තට්ටු කීයද නිවසේ
බැංකුව මොන දෙසේ
නෑ කිසිත් මට හිඳිමි සුවසේ

මෙය මෙයාකාරය
බඳින්නට කරකාරය
තිබිය යුතු බාරය
එසේ නැත්නම් මහා පාරය

නැන්දම්මා කිපී
පොළොවේ හැපී නොහැපී
පරළව යළි පිපී
කීය යනලෙස නොඉඳ සැතපී

හිත වාවනු කෙසේ
ඇගෙ මූණ වත් නොදිසේ
පිටවී යන ලෙසේ
නැගිට යන'තර බැලිමි ඇ'දෙසේ

කිසි වෙනසක් නැතේ
සිනාසී ඈ සිටිතේ
බලා මම දසතේ
කළෙමි ගෑණුන් එපා සපතේ..!

27 comments:

  1. අළුත් සංදේශ කාව්‍යයක් ! , ලස්සන කවි පෙළ ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා..

      Delete
  2. බලන්ටකෝ ඒකෙත් හැටි....

    ReplyDelete
  3. දැම්ම හම්බකරගනිල්ලා කොල්ලනේ. නැත්තං බර අත්තක් උස්සන්න තමා වෙන්නේ. පංකාදු පහයි කවි ටික.

    ReplyDelete
    Replies
    1. නලීන් සහෝදරයා.. නං බර අතු අල්ලපු පාටයි..

      Delete
    2. මොන පිස්සුද තාම මහ රැ කොච්චියේ යන එන සාමාන්‍ය එකෙක් මමත්

      Delete
  4. එළ කිරි තමා.. මටත් එපා බං ගෑනු..

    ReplyDelete
    Replies
    1. මේ නහින දෙහින කාලෙ මොන ගෑණු ද අප්පා.. ඔන්න ඔහේ දේශනයක් තියාන ඉන්ට දේශක තුමා...:D

      Delete
  5. මෙය ලියු ආරය
    ඇත්තටම මාරය
    ඉතාමත් සාරය
    පුදමි උපහාරය

    ReplyDelete
    Replies
    1. ඔබේ උපහාරය
      කවි රසයෙන් ද සාරය
      දැන් මගේ වාරය
      ඔබට දෙමි උත්තමාචාරය

      Delete
  6. මම ගැන දැනගෙන ලිව්වද මන්දා? පට්ටයි

    ReplyDelete
    Replies
    1. ඕක අපේ අය බොහෝ දෙනෙක් ගෙ කවිය නෙ සහෝ..

      Delete
  7. එළ! මම දැක්ක බුකියෙත් මේක.

    ReplyDelete
    Replies
    1. ඔවු දෙතුන් තැනකම දැම්මා නෙ..

      Delete
  8. ඇත්තටම මේක තමයි ලංකාවේ කොතැනත් වෙන්නේ, එගොල්ලෝ බලන්නේ සල්ලි, යාන-වාහන, ඉඩ-කඩම්, ගේ-දොර, පරම් පරාව .... වගේ දෙවල් විතරයි... ඒ අතින් යුරෝපයේ ගෑනූ නම් දාහකින් හොඳයි....

    ReplyDelete
    Replies
    1. ඒ අතින්... වෙන්න ඇති..
      කෙල්ලො එහෙම කරන එකටත් අපට දොසක් කියන්න බෑ අප්පා.. අපි වගේ වැලේ වැල් නැති අයත් එක්ක ඇවිත් දුක් විඳිනවට වඩා... හොයලා බලලා බෑ කියන එක හොඳයි.. කියලයි මං හිතන්නෙ..

      Delete
  9. ඔන්න අද තමයි මුලින් ම ආවේ. මේක නං ඇත්ත ම ඇත්ත කතාවක්. ඉඩම්, ගෙවල්, කාර් තියෙනවා නං බැඳපු සල්ලාලයෙකුට වුණත් කමක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නැතු ව දෝණි ව පූජා කරයි මේන් කියලා.

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්.. ඒක ඇත්ත.. කොහේ හරි එක තැනක වැරදිලා තියෙනවා.. මං හිතන්නෙ ඒ තැන හිතා ගන්න බෑ.. සල්ලි නැති එකෙකුට දෙද්දි... දෙපාරක් හිතන්ට වෙලා තියෙනවා.. මූ ඇත්තටම එන්නෙ කෙල්ලට ආදරේට ද කෙල්ලගෙ සල්ලි වලට ආදරේට ද කියලා... අනෙක.. මූට කෙල්ල ගෙදර හිටියා වගේම සංතෝෂෙන් තියන්න පුළුවන්ද කියලා.. (දුප්පත්කම ඉස්සරහ දොරෙන් එද්දි ආදරය පෑල දොරින් යනවා කියලත් කියනවනෙ.. අත්දැකීමෙන්..කියන්නෙ.. ඒක ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනවා..) අද කාලෙ වංචාකාරයෝ වගේම වංචාකාරියෝත් එමට.. දරුවෙක් දීග දෙද්දි දෙමවුපියන්ට පස්මහ බැලුම් බලන්ට වෙනවා.. දරුවොත් යාළුවෙන්ට කලිං පුළුවං තරං හොයලා බලන්ට ඕන..

      Delete
  10. අම්මා කියු හින්දා
    කෙල්ල හින හී උන්නා
    වෙනත් කෙල්ලෙක් බලලා
    ගන්න කරකාර බන්දා

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..