++++++++මෙය මා කෙටිකතා තරඟයක් සඳහා ඉදිරිපත් කළ කෙටි කතාවකි. එහි තිබූ අඩුපාඩු කීපයක් සකසා මෙහි පල කරමි+++++++
උපාලිත් කදිරවේලුත් අවුරුදු ගණනක් එකට රාජකාරි කළද, දෙදෙනා එකිනෙකා හා කතා කර ඇත්තේ බොහොම අඩුවෙනි. බොහෝ සංවේදී මිනිසෙකු වූ වේළුට උපාලිගේ මේ හැසිරීම ඉහිලුම් නොදෙයි. අලුතින් පැමිණි සමන් වේළුගේත් උපාලිගේත් හොඳ හිතවතෙක් වූයේ ඔහුත්මේ දෙදෙනා මෙන්ම ඉතා සංවේදී, මිත්‍රශීලී අයෙකු නිසාවෙනි. එහෙත් මේ දෙදෙනා අතර ඇති නිහඬ බව සමන් තුළද කුකුසක් ඇතිකළේය. උපාලි වේළු සමඟ පමණක් නොව අනෙක් ද්‍රවිඩ ජාතිකයින් සමඟද හරි හැටි කතා නොකරන බව සමන් නිරීක්ෂණය කළේය.
ප්‍රභාකරන් ව තාම මරා ගන්ට බැරි වුණා නේ.
පිළියන්දල බෝම්බය පිපුරුණු දාට පහුවදා සමන් උපාලි සමග කතාවට මුල පිරුවේ යටි හිතේ තවත් අදහසක් ඇතුවය.
ප්‍රභාකරන්ව මැරුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ නේ. ප්‍රශ්නේ යට යනවා විතරයි.
උපාලිගේ අදහස සමන් හිතුවාට වඩා වෙනස් ය.
අපේ ඉන්න කට්ටියත් කොටි ද දන්නේ නෑ? සමන් තවත් හීයක් අඳුරේ ම විද්දේය.
ඔය වගේ කතා කියනවා තියා හිතන්නවත් එපා සමන්. අපිත් එක්ක ඉන්න මිනිස්සු ගැන ඔයාට එහෙම සැකයක් තියෙනවද ඇත්තට? මෙවර පැනය උපාලි ගෙනි.
සමන් කතා කරන්නට සැරසුණද උපාලි නැගිට ගියේ හදිසියේ භාර දෙන්නට ලිපි ගොනුවක් ඇති බැවු කියමිනි.
=========================================================================
වේළුලුගේ දරුවාට අසනීප වෙලා ලු.
ඒ මොකක්ද?
හදවතේ සැත්කමක් ලු. සෑහෙන ගාණක් යයි මයෙ හිතේ..
දැං ඉතිං කොහොමද සල්ලි හොයන්නේ?
ජනාධිපති අරමුදලින් භාගයක් දෙනවලු. ඉතුරු ටික නං හොයා ගන්න වෙනවා.
අපි කොහොම හරි උදවු කරමු. උපාලි නැගිට යමින් කීවේ තිර හඬකිනි. සමන් කල්පනා කළේ උපාලි කොහොම මිනිහෙක් දැයි කියාය.

මේක ජීවිතයක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ජීවිතේ බේර ගන්න ඕනි.
ඒ වගේම අවංක කම පිළිබඳවත් ප්‍රශ්නයක්.
දැං ආයෙත් බාලරාම් ගේ කවුරුවත් එන එකක් නෑ.
ඒ වුණත් බැරි වෙලාවත් හොයාගන්න පුළුවං වුණොත්.
උපාලි පෝටිකෝවේ ඒ මේ අත ඇවිදිමින් තමන්ගේ යටි හිතත් සමගම තර්ක කරයි. ඔහුට රෑ බෝ වී ඇතුවා දැනුණේ නැති තරම්ය.
ආ... මෙන්න තේකක් ගෙනාවා. මොනවද ඔය හැටි කල්පනා කරන්නේ ?
කල්පනා කරන්නද දේවල් නැත්තේ? උපාලි ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙමින් පුටුවක ඉඳගනියි.
පුතා ගේ පිටි එක නම් ඉවරයි.
ම්..ම්.. දැනට අපේ කිරිපිටි වලිං ම දෙමු. දැං අවුරුද්දකටත් කිට්ටුයිනේ..!සුසුමක් පිට කරමින් ළය සැහැල්ලු කරගත් උපාලි තේ කෝප්පය තොල ගාන්නේ ප්‍රශ්න සියල්ල විසඳූ ලෙසිනි.
මවු පියන් ද දරුවන් දෙදෙනෙක් ද නඩත්තුව දැන් ලේසි පහසු නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළායැයි උපාලිට මතක නැත. උපාලි විය පැහැදම් කළේ ඉතා අරපරිස්සමිනි. එහෙත් තමාගේ යුතුකම් මඟ හරින්නට ඔහු කිසි විටකත් කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බැවු ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් වෙසෙන රටේ තම පුතු එතරම් අසරණයෙකු නොවන බවට ඔහු යළිත් තම හිත සමග තර්ක කරයි.
=============================================================================================================
83 කරදර වුණේ නැත්නං අපට පුතාගේ වැඩේ මේ තරං අමාරු වෙන්නේ නෑ.
වේළු, සමන් සමග කීවේය.
ඇයි වේළුලාටත් කරදර වුණා ද ඒ කාලේ?
වෙනදා නැගිට යන උපාලි කතාවට සවන් දෙයි.
ඒ ගැන කතා කරලා වැඩක් නෑ දැං. මගේ පවුලෙං ඉතුරු වුණේ මායි, මල්ලියි විතරයි. වසන්තිලාගේ පවුලෙං වසන්ති විතරයි. අපි දෙගොල්ලන්ගෙම දේපොළ. වැඩක් නෑ ඕවා කතා කරලා.. වේලු කියන්නේ හැඬුම්බර හඬිනි. ඒ තුළ කලකිරීම මුසු වුණු තරහක්ද ඇතැයි සමන්ට සිතුණි.

දැං නං මේක අහක දාන්නම බෑ. මට යුතුකමක් තියෙනවා මේක එයාලට දෙන්න.
ඔවු. එයාලට 83 බොහෝ දේ අහිමි වෙලා තියෙනවා. ඒක ඇත්තෙන්ම යුතු කමක්.
කලකට පසු උඩු සිතට යටි සිත අවනත වූ අයුරු කල්පනා කළ උපාලි ගේ මුවෙහි සිහින් සිනාවක් ඇඳී නැතිවී යනු පෙනුණි. වේළු මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි. අපි ටිකක් එළියට යමුද? උපාලි යෝජනා කළේය.

මොනවද ඔයාලට 83 නැතිවුණු දේපල?
අපේ තාත්තගේ බයිසිකල් කඩයක් තිබුණා. වසන්තිලාට රත්තරං බඩු සාප්පුවක් තිබුණා.
ඒ සාප්පුව තිබුණේ කොහේද?
කවදාවත් නැති උනන්දුවකින් උපාලි ඇසුවේ වේළුව පුදුමයට පත්කරවමිනි.
දැරණියගල.
ඔහු පිළිතුරු දුන්නේය.
මුදලාලිගේ නම? උපාලිගෙන් තවත් ප්‍රශ්නයකි.
බාලරාම්.
උපාලි හිඳි අසුනෙන් නැගිට්ටේ කිසියම් ජීවයක් ලද්දෙක් මෙනි.
ඒ කියන්නේ ගෞරවී ජුවලර්ස්? උපාලි යළි අසයි.
හ්ම්.. උපාලි එයාලව දන්නවද?
මුදලාලියි පවුලේ සේරමයි මැරුණයි කියලා තමයි අපට ආරංචි වුණේ. ඒ මුදලාලි හරිම හොඳ මනුස්සයා. හැමෝම වගේ මිනිහා ගැන දුක් වුණා. අපේ එවුන්ගේ මෝඩ වැඩ.
ඒ ගැන දැං කතා කරලා වැඩක් නෑ උපාලි. වාසනාවකට ඒ පවුලේ බාල දුව වසන්ති ඉතුරු වුණා. එයා තමයි මගේ බිරිඳ.
එදා කෝලහාල වෙලාවේ මාත් හිටියේ ටවුන් එකේ. බාලා මුදලාලි අපේ තාත්තගේ හොඳ යාළුවා. එයාලට කරදර ද බලන්න යනකොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි.
ඒත් මං ඇතුළේ සෝදිසි කරනකොට මැරයන්ට අහු නොවුණු රත්‍රං තොගයක් හම්බු වුණා. මං සද්ද නොකර ඒක ගෙදර ගෙනාවා. හොරකමකට නෙවෙයි. මුදලාලි හම්බු වුණාම දෙන්න. කලබොල වෙයි කියලා අපේ තාත්තටවත් කිව්වේ නෑ. ඒක ගෙයි මිදුලේ වල දැම්මා. ඒත් මං මගේ හිතෙන් පුදුම වදයක් වින්දේ. දැං ඒ රත්‍රං ටික ඔයාගේ බිරිඳට දෙන්න පුළුවං.
වේළු ගේ මුහුණේ වූ හැඟීම තේරුම් ගැනීමට උපාලි සමත් වූයේ නැත. වේළුගේ ප්‍රශ්න දැං ඉවරයිනේ... දැං හිනා වෙලා ඉන්න. උපාලිගෙන් දිස් වූයේ කවදාවත් නැති උද්‍යෝගයකි. ඔහුගේ දීප්තිමත් දෑස දෙස බැලූ වේළු තරයේ ඔහුව බදා ගත්තේ ශබ්ද නගා හඬමිනි. වේළු හැඬුවේ සතුටට විය යුතු බව උපාලි තීරණය කළේය.

රත්‍රං ටික වසන්තිට භාර දුන් උපාලි ගෙදර ආවේ නිම් හිම් නැති සතුටකිනි. ඔහු කලකට පසු දරුවන් දෙදෙනා සමඟ හිතේ හැටියට විනෝද විය. වේලුගේ පුතුගේ සැත්කම ද සාර්ථකව සිදු විය. සමන්, උපාලි හා වේලු බොහෝ සතුටින් සිටිනු කලකට පසු දක්නට ලැබුණි. එහෙත් වේලුගේ හිතේ තිබුණු බිය තාමත් තියෙන බව සමන් හා උපාලි ගේ ඇස් වලට හසු වූයේ නැත.

කදිරවේළු මහත්තයා මේ ලියුම මහත්තයට දෙන්න කීව්වා.
කෝ දැං වේළු?
හදිසි ගමනක් යනවා කියලා ගියා.
උපාලි,
මට සමා වෙන්න. මට ඔබට මුහුණ දීමට අපහසු කමක් ඇත. එහෙත් මා ඔබට වරදක් නොකළ බව කිව යුතුය. පුතාගේ ඔපරේෂන් එකට සල්ලි නැතුව ඉන්න කොට කොටියෙක් මට යෝජනා කළා ඔත්තු සපයන්න කියලා. ලොකු මුදලක් දෙන්නම් කිව්වා. මං එකඟ වෙන්න තීරණය කරලා ඉන්න කොටයි ඔයා මට සල්ලි දුන්නේ. මට දැං මාවම පිළිකුල්. මං ගැන හොයන්න එපා!
මීට වේළු! =============================================================================================================
වේළු නගරයෙන් පිට වෙන්න කලිං ඔහුව හමු වෙන්න උපාලි තීරණය කළා. උපාලිට පුළුවං වුණා වේළුව හමුවෙන්න. ඒ වෙලාවෙ වේළුගේ ඇස් දෙකේ තිබුණු අසරණ බව මීට කලිං කවදාවත් උපාලි දැකලා තිබුණේ නෑ. මේ පාරත් වේළු උපාලිව බදාගෙන හැඬුවා. හැබැයි මේ පාර හීන් කෙඳිරිල්ලක්, සුසුමක් එක්ක කඳුළු බිංදු දෙකක්....
~~~අවසානයි~~~~