Tuesday, July 12, 2011

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි


ගණ ඳුරු අහස සොමි කිරණින් එළිය          කර
සොමි සඳ නැගෙන ලෙස අප කවි සිත්       අඹර
අප කොයි තරම් පොඩි දැයි යළි පසක්        කර
මේ පුස්තකය හමු වුණි මට   මන              මධුර

යන්තම් පද හතර ගැට ගැහුමට              දන්නා
අප වැනි කුහුඹු කවියන් අපමණ              ඉන්නා
එහැමට මහඟු එළියක් සවියක්             දෙන්නා
ඒ පින් බලෙන් මතු ජය ගොස            පතුරන්නා

කිවිපති සේන  පරසිඳු                 අම්බලම්ගොඩ
ලියලා තිබේ මේ පොත දම දමා                  හැඩ
කවි රස, දොස්, විරිත් ඇතුලුව බොහෝ       වැඩ
මේ මහ අනඟි පොත් පිංචේ තිබෙන           හැඩ



මං පුංචි කාලෙ ඉඳංම ඔය පද හතර ගලපන්න පොඩි හැකියාවක් තිබුණා. අපේ අප්පච්චිටත් අක්කටත් ඒ හැකියාව තිබුණ හිංදා ඒ ආබාසෙත් තිබුණා. ඒත් ඉතිං ඉගෙන ගන්න කාලෙ සාහිත්‍ය සහ කලා විෂයයන් වලටත් යොමු නොවුණු හිංදා වෙන්න ඇති කවි ලියන ශාස්ත්‍රීය ක්‍රම මං ඇසුරු කරේම නැති තරං. එලිසම, එළිවැට වගේ වචන අහලා තිබුණත් මං දැනගෙන හිටියේ පද හතරේම අවසන් අකුරු සමාන වෙන්න ලිව්වාමත් පද හතරේ මාත්‍රා වල යම් රිද්මයක් ඇතිවන ලෙස ලිව්වාමත් කවිය ගොඩ කියලයි. සාමාන්‍ය පෙල ව්භාගේ ලියනකං සිංහල සාහිත්‍ය විෂයයත් එක්ක ලැබුණු සාහිත්‍ය දැනුම තමයි චුට්ටක් හරි මගේ මේ දැනුම පෝෂණය කළේ. තරුණ කාලෙට ආවාම නිසඳැස් කියලා ජාතියක් තියෙනවා මං දැක්කා. ඇත්තටම මේවා ලියන එක අර පද හතර ගලපන වැඩේට වඩා ලේසියි කියලා මට තේරුණා. ඒත් පද හතරක තියෙන රසය නං නිසඳැසක නෑ කියන එක මට නිතරම හිතුණු දෙයක්. 

ඒත් රස්සාවට ගිහිං කසාදයක් කාරිය බැඳලා එනකොට මගෙ මේ කවි ලිවීම නැති වෙලාම ගිය තරම්. ඒත් සයිබර් අවකාශය හින්දා ආයෙත් මං කවි ලියන්න ගත්තා දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර. නිසඳැස්, සඳැස් කියලා බේදයක් නැතිව ලිව්වා. මේවා බලන අය මාව දිරිමත් කළා හරිම ලස්සනයි කියලා. ඉතිං මාත් හිතුවා මං තරමක කවි කාරයෙක් කියලා.

පහුගිය දොහක මං අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගාව තිබිලා පුංචි පොතක් ඉල්ලගෙන ආවා. ඒ පොත තමයි හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි). මං මේ පොත ගන්නකොට බලාපොරොත්තු වුණේ මං ලියන කවි කොයි තරම් දුරට ශාස්ත්‍රානුකූලද කියලා බලාගන්න එක. පොත ලියලා තිබුණේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්. මේ පොත කියවනකොට තේරුණා මේ ශාස්ත්‍රය තුල මං කොයි තරම් පුංචි ද කියලා. සාගරයක් වගේ ශාස්ත්‍රයකින් දිය දෝතක් වත් අපි අරං නෑ නේද කියන එක මට තේරුම් ගියා. ඒ විතරක් නෙවෙයි සඳැස් කවි කියන්නේ නිකම්ම පද හතරක් තාලයට ගැලපීම නෙවෙයි කියලත් මට තේරුණා.

සඳැස් කවිය තුල ඇති ප්‍රබේධ, විරිත් හෙවත් වෘත්ත, වෘත්ත භේද, යතිය, ගණ, පාද, එලි සමය, එළි වැට, දශ මහා ගුණ, දශ මහා දෝශ, යවහන් දෝෂය, ශෛලීන්, රසභාව, නවරස, අලංකාර ආදී විවිධ ශාස්ත්‍රීය ලක්ෂණ මෙම පොතෙහි අපූරුවට කතිකාවට ලක් කරලා තියෙනවා. අප වැන්නන්ට කවියට අයත් සියලු දෑ මෙතැනින් ලබා ගත නොහැකි බැව් හැබෑය. එහෙත් මෙය කවියෙකු වන්නට අප යා යුතු මඟ හෙලි කරන මහාර්ඝ ග්‍රන්ථයකි. අනෙක් අතට කාව්‍ය ශාස්ත්‍රයේ යම් දැනුමක් ඇත්තෙකුට මෙම පොත අත්පොතක් බඳු වනු ඇත.


Tuesday, June 14, 2011

බුදු මඟ නොවෙද අප යායුතු නොපමාව!

අතපය මිසක වෙන කිසිවක් ගෙනත් නැතී
ලෝකයෙ ඉපිද විඳිනා දුක් නිමක් නැතී
සතුටින් සැනසුමෙන් ඉන්නට බයක් නැතී
තිර විසඳුමක් දෙන්නේ බුදු දමයි නිතී


ඉපදුම, දිවි ගෙවුම, මරණය හමුවීම
දුක මිස වෙනත් තිබුණිද සුවයක් කෝම
අකුසල් නොකර හැකි තරමක් ඉවසීම
කුසලට යෙදූ සිත කදිමයි පැහැදීම


හෙට වෙන තුරු නොසිට ඒ මග වෙත යන්න
අද මේ දැන්ම පිවිසෙමු එමඟට ඔන්න
දුරලමු සිතින් කයෙනුත් දුසිරිත් ගොන්න
හැමවිට රකිමු පිළිවෙත් සැම තුටු වෙන්න



Thursday, June 9, 2011

මම සමු ගනිමි


....................ජීවිතයෙන් සමු ගනිමි..................


හිත පිපිරුවා ඇති යුතුකම් සිහිවීලා
හිස පිපිරුවා විසඳුම් නැති බැවු දැනිලා
හෙණ පිපිරුවත් ඉවසිය හැකි සැනසීලා
නුඹ පිපිරුවම මගෙ හිත නිති යයි දැවිලා


පාසැල් ගාස්තුයි ටියුෂන් ගාස්තුවයි
ඉල්ලා පුතා නිතරම බර බරේ දමයි
ණය වී ගත්තු දෝණිගේ රන් මාල පොටයි
උකසට සින්න වෙන්නට තව මාස දෙකයි


දවසට පැය අටක් දහයක් වැඩ කරලා
ඉපැයූ දෙයින් ගිය මස ණය ටික ගෙවලා
දින දෙක තුනක් ගිය විට පඩි පත ලැබිලා
මුදලක් ඉතිරි නෑ වියදමකට කියලා


යටි මඩි ගැහිලි අද හැම තැන තියෙන්නේ
මගෙ හිත එවැනි දේකට නෑ නැමෙන්නේ
පුළුවන් විදිහටයි වියදම හොයන්නේ
සොඳුරියෙ කිමද එය තේරුම් නොගන්නේ


රහමෙර බිව්වේ සාදයකදි බැරිම විට
කාලය ගෙව්වේ අඹු දරුවන් පළමු කොට
මොහොතක් යෙදුනේ නෑ පර අඹු ඇසුර කට
වරදක් කළේ නෑ කවදාවත් නුඹට


පොඩි පැටවුන්ට මෙතරම් ආදරය කළ
මා වැනි පියෙකු උන්ටත් නොවටිනා කල
මුදලට තවත් මට පෙම් කළ නොහැකි කල
ජීවත් වුනත් මා මෙනි පෙර දිනක මළ


සොඳුරිය තවත් මා ගැන නොම සිතනු මැන
ගොඩ ගනු මැනැවි දූ දරු දිවි හැකි පමණ
මම සමු ගනිමි නුඹ හැමගෙන් සිත දුකින
ඔබ හැම දිනේවා! පතනෙමි හදවතින...




පසුව ලියන වගනම්....
මෙය මගේ අත්දැකීමක්ම නොවේ. මා සමාජයේ දුටු දෙයක්මත් නොවේ. හුදු පරිකල්පනයක්මත් නොවේ. ඒ සියල්ලේ එකතුවකි. මුදල් මූලික සමාජයක මුදල් පසුපස හඹා නොයන, ලැබෙන මාසික වැටුපෙන් දිවි ගෙවන අවංක පියෙකුගේ කතාවෙහි කොටසක් මෙහි ඇත. ඇත්තෙන්ම සමස්ථ කතාව මෙයිටත් වඩා භයංකරය. මන්ද ඔහුට මේ ආකාරයට හිත හදාගෙන මේ සමාජයෙන් සමු ගන්නට තරම් හිතේ හයියක් නැති බැවිනි.

අපගේ සිද්ධාර්ථ බෝධිසත්වයින් නම් මෙයට වසර 2600 (ආසන්න වශයෙන්) කට පෙර හිත තද කරගෙන මහභිනිශ්ක්‍රමණය කළෝය. ඒත් උන්වහන්සේට යැපෙන්නන් හිටියේ නැත. යසෝදරාවට නැතිවුනේ හිමිසඳ හා ඔහුගේ පහස පමණි. සියලු යස ඉසුරු ඇයට තිබුණි.(ඇය ඒවා භුක්ති නොවිඳිම වෙනත් කාරණයකි) රාහුල පොඩි පුතුට අහිමි වුණේ පියා පමණි. එහෙත් පියාගෙන් ඉටුවන යුතුකම් සියල්ල ඉටුවිණි.  එහෙම බැලුවාම උන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නට පෙර පස්මහ බැලුම් බලපු කතාව ඇත්තක් විය යුතුයයි මට හැඟෙයි.

එහෙත් මෙහි කථා නායකයාගෙන් යැපෙන්නන් බොහෝය. ඔහු වන ගත වුවහොත් ඔහුගේ මා පියන්ට, දරුවන්ට, බිරිඳට යන කල කුමක්දැයි සිතන කල්හි ඔහුට හිත තද කර ගත හැකිද?

පන්සල් හංදිය බ්ලොග් එක ලියන කල්හාර සහෝදරයගේ බඳින්නෙ කොහොමද ඉන්න තැනක් නැහැ හරි හමන් ආදායමක් නැහැ කියන ලිපියේ කියලා තියෙනවා රුපියල් 10,000 ට වඩා වැටුප් තියන රස්සාවක් ලංකාවේ හොයාගන්න එක අමාරු නෑ  ඒ වගේම බිරිඳ සහ සැමියා දෙදෙනාම රැකියාව කළ යුතුයි කියලා. ඔවු ඒ විදිහට කළොත් ජෝඩුවට නම් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ යුතුකම් කියලා ජාතියක් නම් ඉෂ්ඨ කරන්න වෙන්නේ නෑ. අද කාලේ මවුපියන්ට සලකගෙන, දරුවෝ දෙන්නෙක් නඩත්තු කරගෙන යාළුවන්ටත් අවශ්‍ය වෙලාවට උදව් කරගෙන බොහෝම සුළුවට ජීවත් වෙන්න අඩුගානේ රුපියල් 55,000 ක වත් මාසික ආදායමක් අවශ්‍ය බවයි මගේ හැඟීම. ඒත් ඒ ආදායමෙනුත් ජීවත් වෙනවට වඩා යමක් කරන්න අමාරුයි. එහෙම බැලුවාම ලංකාවේ පවුල් කීයකට ඔය 55,000 සීමාවටවත් ලංවෙන්න පුළුවන්ද කියලා හිතලා බැලුවාම මගේ කතා නායකයාට මෙහෙම හිතෙයි කියලයි මං හිතුවේ....

ඔයාලටත් හිතෙන්නේ මොනවද කියලා ලියලා යන්න පුළුවන් නං පංකාදුයි...




Wednesday, May 25, 2011

ෆේස්බුක් අපලය

පසුගිය කාලය පුරාම ෆේස්බුක් ප්‍රමුඛ සයිබර් අවකාශයේ විවිධ වෙබ් අඩවි වලට දැඩි දෝෂාරෝපණ එල්ල විනි.   මේ ඒවායින් එකකි. ඇතැම් ෆෝරම් වලද ඊමේල් හරහා ද මේ දෝෂාරෝපණ එල්ලවනු දක්නට ලැබුණි. මාත් මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ උදාර සහෝදරයාගේ දිලුම් මේ ඔබ ගැනම නෙමෙයි කියන ලිපියත් හැමදාම ඉතා හර බර ලිපි ලියන අපේ දුකා ගේ බලන්න අප්පිරිය ෆේස්බුක් වැඩ කිඩ කියන ලිපි දෙක ඇහැ ගැටුනේ.  ඒ ලිපි හරියට මගේ ලිපියට පූර්විකාවන් වගේ කියලා මට හිතුනා.

ෆේස්බුක් එකට මේ තරම් බනින්නේ අහවල් දෙයකට ද කියලා කියන අය වගේම මේ ඕනැන්නේ නැති බහු බූත ෆේස් බුකියක් හින්දා අපේ දරුපැටවු ටික බේරගන්න බෑ කියන අයත් ලංකාවේ හරි හරියට ඉන්නවා. ඇත්තම කතාව මෙහි ගැටළුව තියෙන්නේ භාවිතයෙයි. ලංකාව ඇතුලේ තියෙන විවිධ උප සංස්කෘතීන් වල සාමාජිකයින් මේවා භාවිතා කරන්නේ විවිධ විදිහට.

අපි තරුණ කාලේ කොලු කමට කරපු වැඩ කියලා හඳුන්වන කුණුහරුප පත්තර බැලීම, නිල් පිංතූර බැලීම ආදිය අපි කළ නිසා වත් කොලු කමට කල නිසා වත් නිවැරදියි නැතිනම් කමක්නෑ කියලා කියනවට මං විරුද්ධයි. ඒ හැම දෙයක්ම අපි කලේ අපේ තියෙන අණුවන කමට. කවුරුහරි ඉස්කෝලෙට පත්තරයක් ගෙනාවහම ඒක කියවලා ආතල් ගන්නවයි කියලා අපි කලේ යස අපූරුවට තිබුණු අපේ හිත වල් වද්ද ගත්ත එක නෙවෙයි කියලා අපට හිතන්න පුළුවන්ද? ඒවයේ කියලා තියෙන බොරු කතා අහලා අපේ හිත් වල කාමුක හැඟීම් ඇවිස්සුනේ නැද්ද? ඒවා නොතිබුනා නම් ඒ හිත එදා පිරිසිදුව තිබුණා නම් අද වෙනකොට අපේ හිත මීට වඩා උසස් තත්වයකට ගේන්න තිබුණා නේද? කියලා මට නිතර හිතෙනවා... ඒත් අපි ඒ සංස්කෘතියේ ගොදුරු බවට පත් වුණා... අද වෙනකොට ඒ සංස්කෘතිය තව තවත් නරක අතට හැරිලා. තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දෙනෙක් මේ සංස්‍කෘතිය තුලට ඇද ගන්න වැඩ පිළිවෙලවල් හැදිලා. දිවයින ලිපියේ ලියුම් කරු කතා කරලා තියෙන්නේ මේ ව්‍යසනයයි. එහෙත් එයට ෆේස්බුක් හෝ තාක්ෂණයට බැනලා වැඩක් නෑ. මේ නරක් වෙච්ච සංස්කෘතිය වගේම ගුණවත්කමින් ඉතා පොහොසත් සංස්කෘතියකුත් ෆේස්බුක් සංස්‍කෘතිය ඇතුලේ උප සංස්කෘති විදිහට තියෙන බව අපි තේරුම් ගත යුතුයි. දිලුම් මල්ලී වෙනුවෙන් දුකා ඇතුළු සයිබර් මිතුරන් කළ මෙහෙය, ඔහු වටා රොක්වුණු ‍ මිනිසත් කමේ යෝධ පවුර ඒ සඳහා ආසන්නතම හා හොඳම උදාහරණ.ලෝකයෙන් නරක තුරන් කරන්න බෑ. අඩු කරන්නයි අපි උත්සාහ කරන්න ඕනි.

ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශය කියන්නේ සංකීර්ණ, කාර්‍යබහුල සමාජයේ අනිවාර්‍ය කාලීන අවශ්‍යතාවයක් කියලයි මට හිතෙන්නේ. මොකද ඉස්සර වගේ මිනිස්සුන්ට යාළුවෝ ආශ්‍රය කරන්න, අත්දැකීම් බෙදාගන්න, දුර බැහැර ඉන්න යාළුවන්ට ලියුම් ලියන්න වෙලාව නෑ. සයිබර් අවකාශය අපට අලුත් ලෝකයක් හදලා දීලා පුරවන්නේ මේ හිඩැසයි. ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශයක් නොතිබුණානම් මේ වෙනකොට මට ආශ්‍රය කරන්න ඉන්නේ පවුලේ තුන් හතර දෙනාත් යාළුවො තුන් හතර දෙනෙකුත් විතරයි. ඒත් දැන් මට අඩු ගානේ දෙතුන් සීයක් එක්ක ආස්‍රය කරන්න ලැබෙනවා... මගේ අදහස් ඔවුන් එක්ක බෙදාගන්න පුළුවන් වෙනවා... තවත්, තව තවත් අප්‍රමාණ ප්‍රයෝජන තියෙන තැනක් නොවැ මේ සයිබර් අවකාශය කියන්නේ...

මිනිස්දම් ගරු කරන යහපත් නුවණැති මිනිසුන් අපත් එක්ක නොපමාව එකතු වී මේ අවකාශය තව තවත් සොඳුරු එකක් කරවි. යහපතෙහි අගය නොදත් මිථ්‍යාවත්, දුසිරිතත් ඇසුරු කරන අනුවණ දනන් මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳින්නේ නැතුවා සේ අයහපතට ම මේ අවකාශය භාවිතා කරාවි.

Monday, May 23, 2011

මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ

නොමියෙන දනන් ලෙස නිරතුරු පසු වන්නේ
මියෙතත් නැවත උපදින බව නැහැ දන්නේ
පින්කම් වලට නෑ වැඩි අවසර දෙන්නේ
කම් සැප විඳින්නයි නිරතුරු හිත දෙන්නේ

පරගැති සිරිත ඉහටම ගෙන නලියන්නේ
සෝබන ගති සිරිත් සැම තැන පතුරන්නේ
ගුරුකම්, සාස්තර කරමින් රැවටෙන්නේ
මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ

හැකි හැම විටම දස අකුසල් නොකරන්නේ
හැම විට දස කුසල්මය කල යුතු වන්නේ
කෙලෙසුන් අතැර තුන් හිත පහදා ගන්නේ
මිනිසුනි අන්න එහෙමලු නිවනට යන්නේ

විස්තරය මෙතැනින් බලන්න

Tuesday, May 10, 2011

නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත!



මට හොඳට මතක තියෙන කවි පදයක්.... ඒත් මේකෙ අනෙක් පද ටික මතක නෑ.... ඒත් මේක බුද්ධියෙන් අඩු පුද්ගලයින් පිරිසකට නායකත්වය සපයන කෙනෙක් ගැන කිව්ව එකක් වෙන්න ඇති කියලා මට නිකමට වගේ හිතෙනවා... එහෙම බැලුවාම අපිට මේක කාට කිව්වද කියලා හිතාගන්න බැරි තරම් මේ කියමනට ගැලපෙන නායකයෝ ඉන්නවා...


මං මේ කවියේ ඉතුරු පද ගැන ඉඳ හිට හිතන හින්දා මද මංදා මෙන්න මෙහෙම කවි පෙළක් මට නිකං මැවි මැවී පේනවා. .... මුකුත් අහිතක් හිතනවා එහෙම නෙවෙයි ඕං...

මත්පැන් දිදී තබනා රඟ මතට තිත
ජඩ වැඩ කරන මැරවින් කරලියෙහි ඇත
මරුවා ගෙදර විරුවා හිර ගෙදර ඇත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


බඩු මිල උඩ ගියත් කොපමණ කමක් නැත
හම්බන්තොටට නැව් නාවත් කමක් නැත
මාලිග, මැදුරු සැප වාහන නිමක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


සල්ලියෙ බලය පෙන්නලා ගත් සෙනඟ ඇත
බැරි තැන වෙන දෙයක් කෙරුවට කමක් නැත
හොඳ හෝ නරක නුඹ මිස වෙන කෙනෙක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


ඡන්දය මක් වුනත් අපි පරදින්නෙ නැත
කවුරුන් නැතත් කොම්පියුටරෙ සහය ඇත
වැඩිපුර නටන වුන් ආගිය තැනක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

ඔරිජිනල් කවිය කියපු කෙනා ඉතිං මට සමා වෙන්න ඕනි හොඳේ....

පසුව ලියන වගනම්...


චානක සහෝදරයාගේ නොමඳ සහාය ඇතිව මෙහි ඔරිජිනල් කවියත් ඒ කවිය ගැන සම්පූර්ණ විස්තර මෙන්න මෙතැනින් අරගන්න පුළුවං වුණා. ඒක කියලා තියෙන්නේ අන්දරේ බවත් ඒ ලිපියේ තියෙනවා.

මෙන්න කවිය

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත



අන්දරේ මේක කිව්වේ ලොකුම බොරුව විදිහටලු.... 


අනේ මං නං ඔය බොරු කියන්නේ නෑ නොවැ....


පිංතූරෙ ගත්තෙ මෙතැනින්..




Friday, March 4, 2011

ශේෂ පත්‍රය!

අපි ජීවිතේ යම් යම් කාල වකවානු වල යම් යම් ආයතන වලට එක් රැස් වෙනවා. පාසැල, දහම් පාසැල, ටියුෂන් පංතිය, විශ්ව විද්‍යාලය,..... ආදී වශයෙන්... අපි මේ තැන් වලට එන්නේ යාළුවෝ ඇති කරගන්න අදහසින් නොවුනත් අපට මේ තැන් වලින් හිමිවෙන වටිනාම දේ තමයි හොඳ යාළුවෝ...

මාත් මීට අවුරුදු 10-11 කට ඉස්සෙල්ලා ජාතික තරුණසේවා සභාවේ පැවැත්වුණු පාඨමාලාවකට සහභාගී වුණා. කාර්‍ය මණ්ඩලයේ තිබුණු හොඳ කම හින්දා තේරීමේ විභාගයෙන් වැඩිම ලකුණු ගත්තු මට තව පොඩ්ඩෙන් පාඨමාලාවට සහභාගී වෙන්න බැරි වෙනවා. ඒ මට යවන්න ඕනි ලියුමත් විභාගෙන් 3 වැනියාට යවලා. කොහොම හරි අන්තිම මොහොතට චුට්ටකට පස්සේ නොවඳිනා වැඳුම් වැඳලා පාඨමාලාවට රිංග ගත්තා කියමුකෝ...

මේකේ හිටියා පන්දමින් ආපු ශිෂ්‍යයෙකුත් (ශිෂ්‍යයෙක් කිව්වට උගේ කිසිම ශිෂ්‍ය ගතියක් නම් තිබුණේ නෑ) ඉතිං මේ කට්ටිය ශිෂ්‍යයින්ට ගැලපෙන්නැති බොහෝ දේවල් මේ ආයතනය ඇතුලේ කළා. සමහර දේවල් අපි දැනගෙන හිටියෙත් නෑ. අවසානයේ දී මේ දේවල් ඔක්කොටම අපි බොහෝ දෙනෙක් අහු වුණා. මාවත් වැරදිකාරයින්ගේ ගොඩටයි වැටිලා තිබුණේ.. ඒත් දන්නෝ දනිති නිසා මං එච්චර ගනන් ගත්තේ නෑ... ඒත් ගේට්ටුවේ හිටපු සික්කිගේ පාට් ටික තමයි ටිකක් දරා ගන්න අමාරු වුණේ... කොහොම හරි පාඨමාලාව ඉවර කරලා පස්ස හැරිලා බලපුවහම ලොකු දෙයක් ජීවිතයට එකතු වෙලා තිබුණේ නෑ. ඉතුරු වෙලා තිබුණේ හොඳ යාළුවෝ කීප දෙනෙක් විතරයි....

ඉතිං මට මෙහෙම ලියැවුණා.....

කඳුලු හසරැල් සිනහ මැද්දෙන්
චෝදනා අවලාද මැද්දෙන්
ගෙවූ කාලය නිමා වූ පසු
ඉතිරි වූයේ මගේ තනියට
මිතුරු කම පමණයි නුඹේ...!

කාලය හෙමින් සැරේ ගෙවිලා ගියා.... ඉතුරු වුණු හොඳ යාළුවෝ දෙන්නා තුන්දෙනාත් ඈතටම ගිය ගානයි... පාඨමාලාව නම් තාමත් තියෙනවා... හම්බුවුණු සහතිකේත් තාමත් තියෙනවා... ඒත් ඒවයේ කිසි වටිනාකමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා.... ඒත් තනියෙම හිතනකොට මෙහෙමත් හිතෙනවා, මොනම වෙලාවක හරි ඒ කාලෙ ගත්තු අත්දැකීම් ප්‍රයෝජනවත් වෙයි කියලා.... මොකද අත්දැකීම් තමන්ගේ හොඳම ගුරුවරයා නිසා....

මතකයේ දොර කවුළු
විවර කර ඉඳ හිටලා
බැලුවහම තමන්ගෙම
ජීවිතේටම එබිලා
පුස් කාපු අතීතයේ දුක් කඳුළු
මුහු කරලා
පිරී ඇත අත් දැකිම්
හෙට දිනට ජය පතලා

යාළුවොත් එක්ක ගත කරපු ඒ අපූරු පුංචි කාලේ කරපු එක්තරා නොහොඹිනා විහිළුවකුත් ඔන්න ඉතිං මතක් වුණා..... වැඩේ නම් අන්තිම සවුත්තුයි....

අපේ සැට් එකේ අපූරු යාළුවෝ 6 ක් විතර හිටියා. එයින් එක යාළුවෙක් ඔන්න ගෑනු ළමයෙක්ට ලයින් එකක් දාගෙන හිටියා... අපි එයාට ප්‍රේම් කියමුකෝ.. ඔය අතරේ තවත් යාළුවෙක් (එයාට සඳුන්  කියමුකෝ) මෙයාට විහිළුවට කිව්වා, ඕක හරි යන්නේ මට (සඳුන්ට ) තමයි උඹට හරියන්නේ මෙයාව තමයි කියලා. මෙයා කියලා කිව්වේ අර ගෑණු ළමයගේ කටකාර, කළු යාළුවෙක්ට. එතකොට ප්‍රේම් කිව්වා නෑ එයාව හරි යන්නේ උඹට කියලා.. ඔය අතරේ සඳුන්  මටත් මොකක් හරි කිංඩියක් දැම්මා..... එතකොට මං කිව්වා වැඩිය දැඟලුවොත් මං ගිහිං උඹ ගැන අරයගෙන් අහනවා කියලා... ඇත්තටම මං ඒක කිව්වේ විහිළුවට වුණත් මගේ යාළුවා (සඳුන් ) හිතුවේ මට එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියලයි. මොකද මං ගෑණු ළමයි එක්ක කතා බහ කලේ නැති නිසා. අන්තිමේ සඳුන් මට අභියෝග කළා පුළුවන් නම් අහන්න කියලා... මාත් එච්චර හිතුවේ නෑ... අර කෙල්ලගෙන් ගිහිං ඇහුවා. අනේ ඉතිං අර ළමයත් සෝබන පාරක් දාලා,
    මං දැං ඕව ගැන හිතන්නේ නෑ...
    මං එක පාරක් මට්ටු වුණු කෙනෙක්.... වගේ ටෝක්ස් ටිකක් දැම්මා..... 
මාත් ඉතිං ෆුල් සීරියස් විදිහට ම ආ.... කමක් නෑ ඔයා තව ටිකක් හිතලා බලන්නකෝ.... කියලා කිව්වා...
දැන් අපේ එවුං ටිකට මාර ෆන්. මෙන්න දවස් දෙකකට විතර පස්සේ කෙල්ල ප්‍රේම්ට කතා කරලා කියලා 

මොකද සඳුන්  දැං මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ... එයාට කතා කරන්න කියන්න. 

ආ... මං කැමතියි කියලත් කියන්න.... කියලා....

දැං ඉතිං දෙයියෝ සාක්කි.... වැඩේ නැගලා යනවා.... මං කිව්වා මං ඇත්ත කියලා සමාව ගන්නම් කියලා, ඒත් සඳුන් ඒකට කැමති වුණෙත් නෑ... ඌ කෝස් එක ඉවර වෙනකං ෂේප් එකේ කරගෙන ගිහිල්ලා හෙමීට නවත්තලා දැම්මා.... කොහොම නැවැත්වුවාද කියලා නම් මං දන්නේ නෑ... කෝස් එක නවත්තනකං නම් ඌ මාව පාවා දීලා තිබුණේ නෑ.... 

ඊට පස්සේ කෙල්ලන්ගෙන් අහන ඕඩර්ස් දෙක තුනක් ම මට ආවා.... ඒත් ඒවා සාර්ථක වුණේ නෑ....

ප.ලි. : අහිංසක පෙම් සිතක් විහිළුවට ගත්ත එක සම්බන්ධයෙන් මං ඒ සොයුරියගෙන් අනේක වාරයක් සමාව ඉල්ලනවා..... අපේ එකා වින්ද අපහසුව ගැනත් අනේක වාරයක් සමාව ඉල්ලනවා...



Friday, February 25, 2011

මිතුරු තොමෝ....

පහුගිය කාලේ බ්ලොග් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒත් මං හිතින් ගොඩක් දේ ලිව්වා. බස් එකේ පැය 1-2 ක ගමනක් තියෙනකොට හිතින් තමයි බ්ලොග් ලියන්න වෙන්නේ. බස් එකේ යනකොට වෙනත් ක්‍රම වලින් යනවට වඩා අපූරු සිදුවීම් සිද්ධ වෙනවා.
ඊයෙ උදේ බස් එකේ එනකොට කවදාවත් හැබැහින් දැකලා නැති, ඒත් හොඳට හුරු පුරුදු පෙනුමක් තියෙන කෙනෙක් මාත් එක්ක කතා කළා. ඒ අපේ දුකා. හරිම පුදුමයි. පහුගිය දවස් ටිකේ වෙබ් එක පැත්තෙ එන්න බැරි වුණු නිසා දුකා ලංකාවට ආපු බව වත් මං දැනං හිටියේ නෑ. ඒත් වැඩි වෙලා කතා කරන්න ලැබුණේ නෑ. මොකද දුකා බහින තැන එතකොට ලංවෙලා තිබුණු නිසා. ඒත් ඊයේ දවස පුරාම දුකාව හමු වුණු සතුට මගේ හිතේ තිබුණා. තාමත් තියෙනවද කොහෙද? අනුන්ගේ දුක තමන්ගේ දුකක් ලෙස හිතන කෙනෙක් ලෙස තමයි මං දුකා ගැන හිතාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොග් ලියන හැකියාව පොඩ්ඩක් හරි වර්ධනය කරගත්තේ දුකාගේ බ්ලොග් ඇසුරු කිරීමෙන් කියලා මට හිතෙනවා. එහෙම බලනකොට දුකා මගේ ගුරා.

බස් එකෙන් බහින්න කලිං දුකා ඇහුවා දැන් මාස දෙකකින් විතර බ්ලොග් එක ලිව්වේ නෑ නේද? කියලා.. යාළු මිත්‍රයෝ ගැන හොයලා බලන ගුණය ඔහුට තියෙනවා කියලා මට එතකොට තේරුණා... දැං ඉතින් දුකා ගැනම ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නෙව.  මං හිතුවා මං කලිං දාපු බ්ලොග් ලිපියක් මේ බ්ලොග් එකට පෝස්ට් කරන්න. මං ඒ ලිපියෙන් කිව්වේ (නෑ... ලිව්වේ) සමහර අහඹු හමුවීම් නිසා අපේ ජීවිතයම වෙනස් වෙන බව.

ඒ වගේම කාලයක් තිස්සේ යම් මිත්‍රයන් ආස්‍රය කිරීම නිසාත් අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් මඟක් ගන්නවා... ඒ හුඟාක් වෙලාවට ඔවුන්ගේ යම් විශේෂ ගතිගුණයන් අප තුලට ආරෝපණය වීමෙන්.

සයිබර් අවකාශය තුල මං හොඳටම පුංචි කෙනෙක්. ඒත් මං ඒ දුර වත් ආවේ බොහෝ දෙනාගේ සහයෝගය ඇතුව.  දුකාට අමතරව නුවන්, මින්දද, බන්දුල අයියා, ඩීන් අයියා, දිල්, සඳුන්, සූරි, දුල්, අමල්කා, තිස්ස අයියා, වැප් වගේ බොහෝ දෙනෙක් මාත් එක්ක හිටියා.. ඒ හැමෝටම බොහොම ස්තුතියි..

අපේ ඉලංදාරියා බ්ලොග් එක ලියන දිලුම් මල්ලිගේ අසනීපය ඔයාලා දන්නවා ඇතිනේ. ඔහුට පිහිට වෙන්න අපේ දුකා ඇතුළු සයිබර් අවකාශයේ මිතුරන් එකතු වෙලා ඉන්න විදිහ ගැන හරි සතුටක් දැනෙනවා. මටත් ඔවුන් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න තිබුණා නම් කියලා හිතෙනවා. ඒත් ආර්ථිකයත් කාලයත් එක්ක දරුණු සටනක නිරත වෙලා ඉන්න මේ අවස්ථාවේ මට දෙන්න පුළුවන් සහයෝගය අවමයි. ඒත් මං ඔවුන්ගේ සත්කාර්‍යය සාර්ථක වෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා.


අහඹු හමු වීමකින් ජීවිතය වෙනස් විය හැකිද?

ජීවිතයේ අපට බොහෝ දෙනා හමු වෙනවා. එයින් ටික දෙනෙක් බොහෝ කල් අප සමඟ සමීපව වෙසෙනවා. තව සමහරු ටික කලක් සමීපව ඉදලා පස්සේ දුරස්ව ආශ්‍රය කරනවා. සමහරු දකින්නෙත් එක දවසයි. සමහරු හමු වී සුළු මොහොතකින් ජීවිතය පුරාම වෙලෙනවා. ඔය විදිහට හමුවන අය විවිධ විදිහට අපට අපේ ජීවිත වලට බල පානවා. මෙයින් එක කොටසක් ඉන්නවා අහම්බෙන් හමුවෙලා අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන. මං අද මේ ලියන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ අහඹු හමු වීම ගැනයි.

එතකොට මං උ/පෙ කරන්න පටන් ගත්තා විතරයි. මං ජීවත් වුනේ අවිස්සාවේල්ල පලාතේ. අපි එහෙට අළුතින් ගිය නිසාත් මං උ/පෙ කරන්න කලිං බෝඩිං වෙලා හිටිය නිසාත් මට අවිස්සවේල්ල පැත්තෙ යාළුවො හිටියෙ නෑ. දවසක් ග්‍රේරු සර් ගෙ පංතියට ගිහිං හවස ගෙදර එන්න ඉන්නකොට CTB බස් එකක් ආවා. මං අත දැම්මා. බස් එක නවත්වන්න වගේ ඇවිල්ල නවත්තන්නෙ නැතුව යන්න ගියා. මාත් බස් එකේ එල්ලෙන්න ගිහිං බස් එක ගිය නිසා නැවතුනා. තවත් කොල්ලෙක් මං කරපු දේ ම කළා. මං ඔහු දිහා බැලුවා. දුවමුද කියලා ඇහුවා. නුගේගොඩ හංදියේ ටිකක් තද බදය තිබුණ නිසා අපිට දුවන්න පුළුවං වුණා. මට ඉස්සෙල්ලා ඔහු බස් එකට නැංගා. ඉස්සරහා ආසනයක් ඉතුරු වෙලා තිබුණ නිසා ඔහු ඉඳගත්තා. මට ඉඳගන්න තැනක් තිබුණේ නෑ. ඒත් රියැදුරු අසුනට සමාන්තරව තියෙන අසුනේ කට්ටිය හරි බරි ගැහිලා මටත් ඉඳගන්න දුන්නා. මෙන්න ඊලඟ නැවතුමෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැංගා. මගේ මිත්‍රයාට ආසනය අහිමි වුණා. එයා දැන් මං ගාවට ආවා. මං එයාගෙ බෑග් එක ගත්තා. ටික දුරක් ගිහිං ආසනයත් දුන්නා. ඔයිං මෙයිං අපි දෙන්නා හොඳටම යාළු වුණා. ඊ ලඟට තව යාළුවො සෙට් එකකුත් හැදුණා. උ/පෙ කරලා අවුරුදු 2-3 යනකං ම මේ යාළුවොත් එක්ක තමයි ජීවිතයෙ දුක සැප බෙදා ගත්තේ. ඔවුන් එක්ක කරපු දේවල් ලියන්න ගියොත් නම් මේ බ්ලොග් එක ලියලා ඉවර කරන්න සෑහෙන කාලයක් යයි. ඒ තරම් ඔවුන් මගේ ජීවිතයට බල පෑවා. එදා බස් එකට දිව්වේ නැත්නම් සමහර විට මගේ ජීවිතය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. ඒ යාළුවගෙ නම ක්‍රිශාන්ත. අද ඔහුව ඉඳහිට ඇසුරු කලත් එතරම්ම සමීප නෑ. ඒත් ඔහු මගේ ජීවිතයේ ඉරණම බොහෝ සේ වෙනස් කළා.

හිරිමල් වියේ හමුවන මිතුරන්ට ජීවිතයට ලොකු බලපෑමක් කළ හැකියි කියලා මං නිතරම විශ්වාස කරන්නේ මේ කාරණාව නිසා වෙන්න ඇති.

Thursday, December 2, 2010

කොයි ලොව යන්නේ - මරණින් පස්සේ!

අපේ මිනිස්සු වැඩ කරන විදිහ බැලුවාම වෙලාවකට හිතෙනවා කොහෙද මේ දුවන්නේ කියලා.... අපි මොන අරමුණ වෙනුවෙන්ද ජීවත් වෙන්නේ කියන එකවත් බොහෝ දෙනාට අවබෝධයක් නෑ වගේ... 

අම්මලා අප්පච්චිලාගේ  වුවමනාවට ලෝකෙට එනවා.... එයාලගේ උනන්දුවෙන්ම කවලා, පොවලා, පාසැල් යවලා උගන්වනවා.... ඔන්න හිරිමල් වියට ආවට පස්සේ කොල්ලෙක් නම් කෙල්ලෙක් පස්සේ දුවනවා කෙල්ලෙක් නම් කොල්ලන්ව කුලප්පු කරනවා.... ඊට පස්සේ ඔන්න බැඳගන්නවා.... ළමයි හදනවා... ඒ ළමයින්ට උගන්වන්න, උන්ව ලොකුමහත් කරන්න සල්ලි හොයනවා... සමාජයේ කැපී පේන්න නොයෙක් දේ කරනවා... අන්තිමේ ජීවිතේ පුරාම තාවකාලිකව සතුටුදායක අවස්ථා කීපයක් සහ දුක්බර අවස්ථා බොහොමයක් එක්ක මෙලොවින් සමුගන්නවා... අපි මේ ලෝකෙට එන්නේ මොකටද, කොහේ ඉඳලද, යන්නේ කොහේටද කියලා හිතන අය බොහොම අල්පයි... හිතුවත් ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? 


ජීවිතේ කියන්නේ ආදරයම ද?
ආදරය කියන්නේ කෙනෙක්ව අයිති කරගැනීම ම ද?
කෙනෙක්ව අයිති කර ගැනීම තුළින් ජීවිතය ජය ගත හැකිද?

ආදරය කියන්නේ බෙදා දෙන්න මිස බදාගන්න නොවේ කියලා කතාවක් තියෙනවානේ.... ඒත් පස්කම් සැපත පසුපස ලුහු බඳින සමාජය ආදරය විවාහයට, පවුලට ලඝු කරලා.... ඒත් අපි මේ සමාජයටම ආදරය කළ යුතුයි.... ගහ - කොල, සතා - සීපාවා, ඇල - දොල... මේ සියල්ලට අපි ආදරය කළ යුතුයි.... එහෙම වුණොත් අපි මේ ලෝකෙට ආපු කාරණය යම් තරමකින්වත් අපට ඉටු කරන්න පුළුවන් වෙයි.... හිත හොඳින් මරණින් පස්සේ යන තැනකට යන්න පුළුවන් වෙයි....

මැරෙණ ඉපදෙන - ඉපිද මියයන
ලොවෙහි සරමින - දිවි පුරා
අනුන් වෙනුවෙන - කිසිත් නොකරන
දනන් ඇතිතැන -සුව නැතා....

කිමද ආවේ - ලොවට පාවී
ගෙවමු දිවි ඒ නොම සිතා
කොහෙද යන්නේ - ලොවෙන් නික්මී
කුමට සොයමුද ඒ ගැනා

වෛර කර කර ද්වේශ කර කර
ලෝ සතට තම දිවි පුරා
ලෝභයට - ආලයැයි කියලා
මෝහයෙන් වෙලෙමුද සදා

නොම ප්‍රමාදව අද අදම දැන්
බලනු මැන මොහොතක් සිතා
දිවිය කෙළවර සතුට සැනසුම
ලබමු සැමහට පෙම පුදා

Saturday, November 6, 2010

S.M.S. Star

සිරස සුපර් ස්ටාර් වලිං පටන් අරං, ඩාන්සින් ස්ටාර්, ලවිං ස්ටාර්, කොමඩි ස්ටාර්, ටැලන්ට් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, සිඟිං ස්ටාර්, ෂැඩෝ ස්ටාර්, ලිට්ල් ස්ටාර්, මෙගා ස්ටාර් වෙනකං එස්. එම්.එස් හෙවත් කෙටි පණිවුඩ හරහා ජයග්‍රාහකයා තෝරන තරඟ මාලා අපේ රටේ රූපවාහිනී නාලිකා තුලින් විකාශය වුණේ මිනිස්සුන්ට කොයි ස්ටාර් බලන්නද කියලා හිතා ගන්න බැරි විදිහට. මං නම නොකියපු ස්ටාර්ලත් ඉන්නවා නං තරහා වෙන්න එපා හොඳේ....


ඉතිං ඔය කොයි ස්ටාර් එකටත් වඩා අලුත් විදිහකට අපේ... ඒ කිව්වේ ශ්‍රී ලංකාවෙ අභිමානය කියලා කියන කට්ටියක් රටේ ඉන්න ජනප්‍රිය තරු ටිකක් ගෙන්නලා තරඟෙට දාලා, රටේ ඉන්න ජන - ප්‍රිය හා අප්‍රිය දෙගොල්ලන්ගෙන්ම හැදුනු විනිශ්චය මණ්ඩලයකුත් දාලා අපූරු ස්ටාර් එකක් කළා... ඒකෙ අරමුණ මට දැනෙන විදිහට, උසස් රසවින්දනයක් ඇති ශ්‍රී ලාංකේය ජනතාවට තමන් කාලයක් තිස්සේ ආදරය කරපු ගීත අමු අමුවේ විනාශ කරන හැටි බලාගෙන ඉවසීම ප්‍රගුණ කරන්න ඉගැන්වීම... ඒත් එතන හිටපු දයාසිරි ජයසේකර, දමිතා අබේරත්න, සනත් විමලසිරි වගේ උදවිය ඒ කටයුත්ත සාර්ථකව කරගන්න ඉඩ දුන්නේ නෑ.....
කොහොම කොහොම හරි අන්තිම තරඟෙට.... ඒ කිව්වේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට කවදාවත් නැතුව හතර දෙනෙක්ම ආවේ මොකද කියලා අපි නම් දන්නේ නෑ... හැබැයි දන්න අයත් ඇති...  අනේ ඉතිං මේ හතර දෙනාගෙන් අඩු තරමෙ දෙන්නෙකුට වත් අපේ කන් පිනවන්න පුළුවන් කියලා දැනගෙන හිටපු නිසා අපිත් කට උඩට හරවගෙන ග්‍රෑන්ඩ් ෆිනාලේ එක බැලුවා... දෙයියනේ කියලා ගෙදර තිබුණු ජංගම දුරකථන අංක හතරෙන් දයාසිරි මහත්තයට 3 කුයි සුරේශ් මල්ලියට එකකුයි ගහලා ඇඳට ගිහිං දොයියගත්තේ හෙට උදේ වෙනකොට දයාසිරි මෙගාස්ටාර් වෙලා ඉඳියි කියන පරම විශ්වාසයෙන්... ඒත්...


උදේ බලනකොට දයාසිරි දෙවැනියා.. සුරේෂ් තුන් වැනියා... අනේ අපොයි... මගේ බිරින්දෑට නම් හොඳටම හිතේ අමාරුවේ.... 


අයියෝ ඕකත් දුක්වෙන්න දෙයක් ද මං ඇහුවාම කට්ටිය මං දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති අළුගෝසුවෙක් දිහා බලන විදිහට...


ඉතිං මං පොඩ්ඩක් පැහැදිලි කරා.......


දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු හානියක් වෙනවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ වෙළඳ ව්‍යාපාර පවත්වගෙන යන්න අමාරු වෙනවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රට එක පවුලකට සින්න වෙනවාද? නෑ....
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවාද? නෑ....
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා එයාව හෙට අනිද්දට හිරේ දායි ද? නෑ...


පහුගිය ජනාධිපතිවරණයේ දී ඔය ඔක්කොම වෙලත් අපි මේ අපූරුවට කට පියාගෙන ඉන්නේ...


ඒක නම් ඇත්ත...... කට්ටියම මුමුණමින් තමන්ගේ වැඩක් බලා ගත්තා....


කොහොම හරි ඉතිං මෙගා ස්ටාර් ඉවර වෙලා ගුටි කෙළියක් ගියා කියලා පසුව දැන ගත්තා..... සමහර විට මෙතනින් ජනතාව පාඩමක් ඉගෙන ගනියි.... ඔව් ඒත් ඉගෙන ගත්ත පාඩම ඉක්මනින්ම අමතක කරයි.....


හොඳ හොඳ ස්ටාර් එළිවෙන ජාමෙට ලූ නේ....













Friday, September 24, 2010

දෙහිවල හිර මැදිරි සංකීර්ණය හෙවත් ! Zoo

පිංතූරෙ ගත්තු තැනට යන්න

පසුගිය සතියේ ඉරිදා තියෙන කරදර, වැඩ රාජකාරි සියල්ල පැත්තකින් තබා මාත්, බිරිඳත් මගේ පුංචි දියණියත් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගියේ හුඟ කාලෙකින් පොඩි එකීව විනෝද සවාරියක් එක්ක යන්න බැරි වුණ හින්දයි. කොහොම කොහොම හරි අපි අමාරුවෙන් වාහන පොඩ්ඩත් අයිනකට දාලා, පෝලිමෙත් ඉඳලා ටිකටුත් අරගෙන ඇතුලට ගියා කියමුකෝ..... 

සත්තුන්ට වඩා හිටියේ සත්තු වගේ ඉන්න මිනිස්සු බවත් කියන්න එපැයි..... මේ හුඟ දෙනෙක්ගේ ඇඳුම් මෝස්තර ගැන කවදත් වගේ මගේ විවේචන තියෙනවා... ඒක ඉතිං මේකට අදාල නෑ නෙව....

ඔන්න ඉතිං සියක්කාරයා, පැස්බරා..... ආදී කුරුල්ලො ටික බලා ගෙන අපි ඉස්සරහට ගියා.... පැස්බරා කියන්නේ ගොඩබිම වේගෙන්ම දුවන්න පුළුවං කුරුල්ලා කියලා මං අහලා තියෙනවා කියලා පුංචි එකීට කියනවත් එක්කම මට හිතුනේ අනේ ඉතිං මෙයාට දැං දුවන හැටිත් අමතක වෙලා ඇති නේද කියලා.... ඇයි දෙයියනේ මේ චූටි ඉඩක් අස්සේ මේ අහිංසකයව හිරකරලා කොයි තරං නම් කාලයක් ගතවෙලා යන්න ඇතිද?

බස්සා, බකමූණා වගේ සමහර කුරුල්ලෝ නං වගේ වගක් නැතුව නිදි. ඒ ඇහැරුනා කියලා යන්න දිහාවක් නැති නිසා ද නැත්නං ඒගොල්ලො හැමෝම නිශාචරයන් නිසාද දන්නේ නෑ...... 

ඔන්න ඉතිං ලස්සන පුංචි දිය ඇල්ලක් එක්ක තියෙන පුංචි ජලාශයක් ලඟට අපි සේන්දු වුණා... එතැන තාරාවොයි, හංසයොයි ගොඩාක් හිටියා... ඒ අය නම් සංතෝෂයෙන් ඇති කියලා එක පාරට හිතුණත්..... එහෙම වෙන්නෙ කොහොමද...? එයාලට මේ ඉන්න වෙලා තියෙන්නේ ස්වභාවික ජලාශයක නෙවෙයිනේ..... එයාලගෙත් නිදහස සීමා වෙලා..... ඒත් සාපේක්ෂව අපේ පැස්බරාට වඩා නම් මේ අයගේ ඉරණම හොඳයි කියලා මට හිතුණා....

ඔන්න ඊ ළඟට අපි බැලුවේ වළස්සු දෙන්නෙක්. ඒ අය හිටියේ වතුරේ බැහැලා.... නාන වෙලාව වෙන්නැති..... මේ ගොල්ලන්ට කැලේ ගිහිං මී කඩන්න, වතුරේ පීනන මාළුන්ව අල්ලගන්න එහෙම අවස්ථාවක් හම්බ වෙලාම නැතුව ඇති නේද...?  මට එහෙම හිතුනා.... මේ ඉන්නේ අම්මයි පුතයි වෙන්න ඇති. වලස් තාත්තා ඔෆිස් ගිහිං වෙන්න ඇති. නේද අප්පච්චි..... පොඩි එකී දන්න තරම.... නෑ නෑ පුතේ එයා නිදි ඇති... සචී ගැටළුව විසදුවා.....

ඊළඟට අපිට කොටි, ව්‍යාග්‍රයො, ජගුවර්ලා, දිවියෝ, සිංහයෝ වගේ කට්ටිය මුණගැහුණා..... මේ කට්ටියව දැක්කහම නං මට හිතුණා මේක සත්තු වත්ත කියලා කිව්වට හිරගෙයක්ම තමයි කියලා.... සිංහයින් හිටියේ පුදුම කලකිරීමකින් වගේ කියලයි අපට හිතුණේ... රජෙක් වගේ කැලේට වෙලා හිටපු මේ අපූරු සතාට කැලේ ඉන්න දෙන්නෙ නැතිව කරන්නේ මොන තරම් පාප කර්මයක් ද කියලා මට හිතුනා..... (සරත් ෆොන්සේකා මහත්තයත් ඉන්නේ මේ විදිහට වෙන්න ඇති කියලත් මට හිතුනා. ඇයි ඉතිං උන්නැහෙත් රජෙක් වගේ නොවැ හිටියේ....). ඕවා පල දෙන්නේ කාටද...? කියන එක තමයි ප්‍රශ්ණය. බලං ඉන්න අපටත් කොටහක් හම්බ වෙයිද දන්නේ නෑ.....මොනවා කරන්නද... දුක හිතේ දරා ගෙනම... අපි ගිහිං මොනවා හරි ඩිංගක් බඩට දාගන්න කියලා එතන තිබුණු අවන් හලට ගොඩවුණා..... 

සත්තුංගේ කූඩු ලඟ හිටපු තරම් සෙනඟක් මේ අවන්හලේ නං හිටියේ නෑ..... පුටු මේස වල හොඳට ඉඩ තිබුණා.... ඉතිං හොඳවැයිං මේසයක් ලඟ වාඩි වෙලා කාරිය, මං ගිහිං බත් ගැන ඇහුවා.... එළියේ තියෙනවා Normal Rice Take Away 150/=, ඇතුලේ තියෙනවා Fried Rice 290/= . පුංචි එකීත් එක්ක එළියට ගිහිං කන්න අමාරුයිනේ.... අපි ඉතිං මේසෙ පුටු වල ඉඳගෙන Fried Rice කන්න ලෑස්ති වුණා.... ඔන්න ඉතිං Fried Rice මේසේ ගාවට ආවයි කියමුකෝ.... මේවා එළියේ රුපියල් 80/= ට විකුණන ජාතියේ Fried Rice. මුං ට..... (පුංචි එකී හිටපු නිසා හිතුණ දේ කිව්වේ නෑ....)

ඔන්න ඉතිං තව තව සත්තු ටිකක් බලාගෙන යනකොට හම්බ වුණා හරි හුරතල් යාළුවෙක්.... එයා තමයි ඔරං උටං. එයාට කෑම දෙන්න එපා කියලා පුවරුවක් තිබුණු නිසා පුංචි එකීගේ ඉල්ලීම පැත්තකට දාලා බලං හිටියා... ඒත් මිනිස්සු බොහෝ දෙනෙක් ඒ පුවරුව කියවගන්න තරම් දැනුමක් තිබුණු අය නෙවෙයි මයෙ හිතේ.... මේ අපූරු හුරතලාගේ ඇඟ බොහොම තරබාරු බව තේරුනේ එයා මිනිස්සු වීසි කරන කෑම ඇහිඳින්ට එහාට මෙහාට සක්මන් කරනකොටයි. එක අතකට අකුරු කියවන්න බැරි මිනිස්සු හිටපු එක ලොකු දෙයක් කියලා මට හිතුනා.....නැත්නම් මෙයා එක තැනම ඉඳලා තවත් තරබාරු වෙන්න තිබුණා...

ඊළඟට අපි ගිහිං අලි සංදර්ශන බලන්න වාඩි වුණේ හිටපු සෙනඟ කන්දරාවෙ හැටියට පරක්කු වුණොත් අපේ පැංචිට අලි සෙල්ලම් බලන්න බැරි වෙයි කියලා හිතුණ හිංදා.... ඔන්න ඉතිං අලි සෙල්ලං පටං ගන්න පැයක් විතර තියෙද්දී කිව්වෙ නැතෑ මුහුදු සිංහයාගේ සෙල්ලම් තව විනාඩි 15 කින් මින් මැදුරෙදි තියෙනවැයි කියලා... බිරින්දැට එතනම ඉන්න කියලා, දූ පැටියවත් උස්සගෙන ගියා ඉතිං මින් මැදුරට.... ඔන්න ඉතිං කොහොම හරි ගිහිං අයිනකට නැගලා කෙල්ලව උස්සලා සෙල්ලං ටික පෙන්නුවා...ඒත් මේ මුහුදු සිංහයා කොයි තරම් නම් අහිංසක හුරතල් සතෙක්ද කියලා දැක්කහම මට හිතුනෙ එයා නිකම් රජයේ සාක්කි කාරයෙක් වෙන්න හදනවද කියලා.... ඒත් එයාට ඒ තරම් සැපක් නම් ලැබෙන එකක් නෑ.....

ඔන්න ආපහු පුංචි එකීවත් කරේ තියාගෙන අලි පිට්ටනිය ලඟට ආවා.... බුදු අම්මෝ අලි පිට්ටනියට ලං වෙන්නත් අමාරුයි.... ඒත් අන්තිමේ කොහොම හරි රිංගගෙන අලි සෙල්ලමුත් පැටියට පෙන්නුවා කියමුකෝ... අලින්ගේ වැඩ ගැන ආයේ කියන්න දෙයක් නෑ....නේ.. දියවන්නාව පැත්තේ අලි වගේ නෙවෙයි... සද්දෙට වඩා උන්ගේ වැඩ හරිම ලස්සනයි.... බලං ඉන්න හරිම ආසයි... ඒත් මෙච්චර හොඳට හැසිරෙන්න දැනගත්තත් මෙයාලා සංදර්ශනය ඉවර වුණාම කණුවක ගැටගහලා තමයි තියන්නේ.... දියවන්නාව පැත්තේ ඉන්න අලි ගැන හිතුවාමනං ඒකෙ ඒ හැටි වැරැද්දක් පේන්නේ නෑ.... ඒත් මෙයාලගේ ලෝකෙ කොයි තරම් නං පුංචි වෙලා ද කියලා හිතෙනකොට අර නැටුමෙන් ලබපු ආශ්වාදය වෙනුවට දෙනෙතට කඳුළු බිංදු දෙකක් නම් ඉනුවා...

අලි නැටුම් වලින් පස්සේ තමයි අපි උරගයෝ සහ මාළු බලන්න ගියේ.... එයාලගේ ඉරණමත් අනිත් සත්තුන්ගේ ඉරණමට දෙවැනි වුණේ නෑ.... ඒ හැමෝම වගේ තමන් නොකල වරදකට හිර දඬුවම් විඳින හිරකරුවන් පිරිසක් විදිහට තමයි මට පෙනුණේ.... 

එහෙම බැලුවාම කූඹි, මීයෝ, හූනෝ, කැරපොත්තෝ වගේ ගෙවල් වල ඉන්න සත්තු, අපට වද දුන්නත් නිදහසේ ඉන්නවා නේද කියලා මට හිතුණා... අපට කිසි වදයක් නැති, ගිරවුන්, පැස්බරුන්, හාවන්, ඔටුවන්, මොණරුන් ඔවුන්ගේ ඇති අපූර්වත්වය නිසාම හිරකරුවන් වී ඇති අයුරු...!

අපි වගේ හිතන තවත් අය ඉන්න බව මට තේරුණේ, ලස්සන සීබ්‍රාවුන් බලන්න අපි ගිය වෙලාවේ එතැන හිටපු මහත්මයෙක් අපිත් එක්ක කළ කතාබහේදියි. 
"කොයි තරම් ලස්සන සතෙක් ද? ඒත් ඌ කොයි තරම් නම් අසරණ ද?" 
"ඇත්ත. අපි කියනවා අපට නිදහස නෑ කියලා" "මෙයාලට ඒක කොහොම දැනෙනවා ඇතිද? " 

ඔන්න ඉතිං අපි දෙහිවල ජාතික සත්ව සිරමැදිරි සංකීර්ණය නරඹලා ඉවර වුණා.....
පුංචි එකීට නං හරි සංතෝෂයි... ඒත් මට නං දුකයි....

මෙහිදී නම් නොකියවුණු සතුන් මා හා අමනාප නොවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි

Thursday, September 9, 2010

සක්විති සුවය!

අපි සිංහල බෞද්ධ පුරවැසියෝ වෙමු. එසේ වුවත් නොවූවත් ලෝ දහම සැමටම පොදුය. එහෙත් අපේ බෞද්ධ අර්ථ කථනයන්ට අනුව "දිඨ්ඨ දම්ම වේදනීය කර්මය" නම් කර්මයක් වෙයි.. මේ කර්මය ඇස් පනා පිට පළ දුන් අවස්ථා අපි එමට දැක ඇත්තෙමු. මේ මෑතකදී එය නැවතත් සනාථ වූ අවස්ථාවක් දක්නට ලැබුණි. ඒ සක්විති රණසිංහ ලෙස පෙනී සිටිමින් ජනතාව රවටමින් ජනතා මුදල් කොල්ල කමින් සක්විති සුව විඳි සක්විත්තා, හිඟන පුද්ගලයෙකුට සමාන පෙනුමකින් යුතුව පොලිස් අත් අඩංගුවට පත් වූ අවස්ථාවයි. 


ඔහු ජනතාව රවටා උපයා ගත් මුදල් මහා උජාරුවට වියදම් කළේය... එහෙත් "රජකම් කලත් කළ කම් පළ දෙන" බැව් ඔහුට අමතක වී තිබිණ. කල් ගතවෙද්දී ඔහුගේ පොකැට්ටුව හිස් විය. ජීවත් වෙන්නට විදිහක් නැතිව දහදුක් වින්දේය. දරුවන්ට උගන්වන්නට විදිහක් නොවීය. නිදියා ගන්නට ඇඳක් නොවීය. හැම දෙයකටම වඩා ජීවත් වෙන්නට නිදහසක් නොවීය. 


"කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වෙන කළෙක් නම් නැත්" යන කවි දෙපද ය සිහියට නංවමින් ඔහු නැවත නැවතත් ජනතාව රවට්ටමින් මුදල් හොයන්නට උත්සාහ කළේය. 


අවසානයේ ඔහු පොලීසියට කොටු විය. ඒ වත්මනෙහි ඔහු සමඟ එකට ජීවත් වන කාන්තාවත් (බිරිඳ යැයි හැඳින්වෙන) සමඟය. ඔහු විසින් රවටනු ලැබූ ජනතාව කුස ගින්දරේ මිය නොයන්නට ඇත. එහෙත් ඔවුන්ට මිය යන්නට වුවද බියක් නැත. එහෙත් මේ සක්විත්තා නම් මිය යන්නට බොහෝ සෙයින් බිය වනු ඇත. මන්ද ඔහු කළ පවු ඔහු පසු පස හඹා එන බව ඔහු දැන්වත් දැන ගනු ඇති බැවිනි.







මා මෙහි දැක්වෙන පිංතූරය ගත්තේ පහත දැක්වෙන වෙබ් පිටුවෙන් වන අතර ඒ පිළිබඳ මෙහි අයිතිකරු(වන්)ට ස්තුතිය පළ කරමි.

පිංතූරෙ ගත්තේ මෙතැනින්

Saturday, July 24, 2010

ශ්‍රීමත් මුරලි | Sir Murali

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අති විශිෂ්ඨ ක්‍රීඩකයන් බොහොම දෙනෙකුගේ නමේ මුලට ශ්‍රීමත් නාමය එකතු වෙලා තියෙනවා. ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්, ශ්‍රීමත් ලෙන් හට්න් මේ අයගෙන් කීප දෙනෙක්. 

ඒත් ආසියාතික විශිෂ්ඨ ක්‍රීඩකයන්ට එහෙම ගෞරව නාමයක් දීලා තියෙනවා මම නම් දැකලා නෑ. ඒ කියන්නේ විශිෂ්ඨ ආසියාතික ක්‍රීඩකයින් හිටියේ නෑ කියන එක ද..? සුනිල් ගවස්කාර්, ඉම්රාන් ඛාන්, සහීර් අබ්බාස්, කපිල් දේව්, අරවින්ද ද සිල්වා මම රස විඳපු අති විශිෂ්ඨ ආසියාතික ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්. මට හිතෙන විදිහට නම් මේ අයටත් ශ්‍රීමත් ගෞරව නාමය දෙන්න ඕනි. දැන් මේ ලැයිස්තුවට අලුතින් ම එකතු වුණ කෙනා තමයි මුත්තයියා මුරලිදරන්. 

කලින් කියපු අයට කෙසේ වෙතත් මුරලි ට නම් දෙන්න ම ඕනි කියන එකයි මගේ අදහස. මොකද මුරලි ක්‍රීඩා කරන කාලය තුල ක්‍රීඩාවේ විනය අපූරුවට රැකපු කෙනෙක්. තමාට අනිත් අයගෙන් මොන වරද සිදු වුනත් සිනා මුසු මුහුණින් ඒ සියල්ල විඳ දරා ගන්න මේ අපූරු මිනිසා සමත් වුණා. ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා බව මගේ අදහසයි. ඔහු ඉතා ආදර්ශවත් ක්‍රීඩකයෙක් මෙන්ම ආදර්ශවත් මිනිසෙක්. 

ශ්‍රීමත් මුරලි! මම මුරලිව එසේ අමතමි. ඔබ ක්‍රිකට් පිටිය තුල අපව අමන්දානන්දයට පත් කළේය. ක්‍රිකට් පිටියෙන් පිටත සෙවණක් නැති මිනිසුන්ට සෙවණක් ලබා දුන්නේය. ඔබව විස්තර කරන්නට මා හට වචන නැත. 

ශ්‍රේෂ්ඨ වූත්, විශිෂ්ඨ වූත්, නිහතමානී වූත්, ප්‍රසන්න වූත්, යථාර්ථවාදී වූත් ශ්‍රීමත් මුරලි! පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තුළ ඔබ අප රට වෙනුවෙන් කළ මහඟු සේවයට මගේ ආචාරය!ඔබ හා සම කරන්නට කෙනෙකු මෙ දියත නැත. මුරලි අසම සම ය!


ඔබ කළ මෙහෙය සුපිරියි දිනවන්න රට 
නැඟෙනවා නිරතුරුව සොහොයුර මතකයට
රණ විරුවෙකු නොවූවත් ඔබ රැකපු රට
රැකි හැටි විශිෂ්ඨයි සොහොයුර කළක සිට

පන්දුව, පිත්ත මොන එක ගත්තත් අතට
ඔබ අප පිනෙව්වා නැත කිසි හිඟක් කොට
සමු ගෙන යන්න නිසි කාළය පැමිණි විට
නැහැ ඔබ මැලි වුණේ හැම අත් හරින්නට

සහ ජීවනය යහ ගුණ දම් පිරුණු සිත
මහ ඉහලින්ම දස්කම් පිරි නුඹගෙ ගත
ඇතැමුන් කී නමුත් නොයෙකුත් දරුණු මත
නුඹ පෙන්නුවා "පත පොඩි බව ඇතොත් හිත"


පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Monday, June 28, 2010

ද්වන්ධ සටන....!

දෙදෙනෙකු හෝ දෙපිරිසක් අතර ඇතිවෙන තීරණාත්මක සටනකට අපි ද්වන්ඬ සටනක් යැයි කියමු. මෙය හදිසියේ මට සිහි වූයේ වත්මනෙහි අප රට තුළ පවතින අපූරු ද්වන්ධ සටනක් නිසාය. එය අන් කිසිවක් නොව විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ නායකත්වය සඳහා වූ ද්වන්ධ සටනකි. මෙය මීට පෙර පැවති ද්වන්ධ සටන් වලින් වෙනස් වන්නේ මෙය "අලට වැඩියි කොස්" ආකාරයේ සටනක් බැවින් යැයි මට සිතේ. එනම් මෙයින් කවර පුද්ගලයා ජයගත්තත් රටට හෝ පක්ෂයට අමුතු සෙතක් නොවන බව පැහැදිලිය. 


රනිල් වික්‍රමසිංහ යනු දීර්ඝ කාළයක් දේශපාලනයේ නිරත වීමෙන් හා නායකත්වයේ විවිධ ඉසව් තරණය කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘතහස්ත දේශපාලන නායකයෙකි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ නායකත්වයට කිසි සේත්ම සුදුසුකම් දක්වන්නේ නැත. මන්ද ඔහු දැඩි ලිබරල් මත ධාරියෙකු නිසාය. ඔහු ට අපේ සංස්කෘතියට හෙණ ගැහුවත් ප්‍රශ්ණයක් නැත. ඔහුට අවශ්‍ය රටේ ආර්ථික ශක්තිය ඉදිරියට ගෙනැවිත් රට ශක්තිමත් කිරීමය. අනෙක් අතට 1994න් පසු එජාපයේ පරණ පවු සහ අළුත් පවු සියල්ල ගියේ රනිල් ගේ පිටින්ය. ඔහු ගෙනා සටන් විරාම ගිවිසුම ද අවසානයේ ජනතා අප්‍රසාදයට ලක් විය. මෙහෙම බලනකොට ඔහුට යලිත් රටේ නායකත්වය අපේ ජනතාව ලබා දේ යැයි විශ්වාස කරන්නට අපහසුය. 


දැන් අලුත් නායකයෙක් රනිල්ගේ අඩුපාඩු තමා ලඟ නැති බව කියමින් නායකත්වයට එන්නට සැරසේ. එහෙත් අප මතක තබා ගත යුතු කරුණක් වේ ඔහුට රනිල් ලඟ ඇති උසස් ගුණාංගයන්ද නැති බවය. ඔහුට රනිල්ට තරම් හොඳට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට නොහැකි බව පැහැදිලි ය. දැන් එජාපයෙන් මේ රටට නායකත්වයක් සෙවීම තේරුමක් නැති බව පැහැදිලිය.


අපට තව දුරටත් මේ යුධ සොමිය විඳ විඳ ඉඳින්නට සිදු වනු ඇත.

රටකට යන කළ තේරුම් ගන්නට
බලපන් මැති සබ සංයුතිය
එහි ඇති පක්ෂත් නායක රොත්තත්
බලපන් යන්නේ කොයිබටද
උන්ගේ කියුමන් කෙරුමන් ඔක්කොම
බලපන් ඒ හැම ඇත්තටද
බල අරගලයයි හැමතැන ඇත්තේ
බලපන් වට පිට තව නො ඉඳ.......!


පිංතූර 1
පිංතූර 2

Monday, May 17, 2010

Oh! Sri Lanka Cricket | අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්!



කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20-20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී ලෙස අවසාන පූර්ව වටය දක්වා ගමන් කර සතුටින් දිවයිනට පැමිණියහ.... 
අනේ එහෙම කියන්න තිබුණා නම්...
ඒත් ලංකාව අවසාන පූර්ව වටයට ගියේ ඉන්දියානුවන්ගේ හදිසි ඇද වැටීම නිසා සහ ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ දක්ෂතාවයත් වාසනාවත් මත මිස අපේ කණ්ඩායම හොඳම කණ්ඩායම් හතර අතර සිටි නිසා නොවේ. අඩු ගානේ නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් අපට ඉදිරියෙන් සිටි බව මගේ හැඟීමයි. 
අනෙක අප දුර්වල වූයේ අපේම වරදිනි.... පුරුදු පරිදිම සුදුස්සාට සුදුසු තැන නොලැබී තිබුණි.



මෙන්න උදාහරණ


1. පන්දුවට පහර දීමේ සුභ ලකුණු පෙන්වූ දිනේෂ් චන්දිමාල් ට ලැබුණේ තරඟ 3 ක් පමණි. ඒකත් ලැයිස්තුවේ අවසාන භාගයේ දී ය.
2. ඉතා හොඳ ප්‍රහාරක පිතිකරුවෙකු වූ චින්තක ජයසිංහ ට එකම ඉනිමක් ලැබුණු අතර ඔහුට මුහුණ දීමට හැකි වුණේ 1 පන්දුවකට පමණි. ඒ අවසන් පන්දුවට පහර දීම සඳහා ඔහු පැමිණි නිසා ය.
3. එහෙත් ඉනිම 6 ක් අති සාර්ථකව (විශේෂයෙන් ඉනිම 4ක් තුල ආරම්භක පිතිකරු ලෙස ලකුණු 12ක්) ලකුණු 15ක් රැස් කළ සනත් ජයසූරිය තරඟ හයට ම යොදා ගැනිනි.
4. පළපුරුදු මෙන්ම කඩුළු අතර සිටින ක්‍රීඩකයන් වූ  නුවන් කුලසේකර හා තිලාන් තුෂාර ට ලැබුණේ ඉතා අඩු තරඟ ගණනකි.
5. මෙයට අමතරව කණ්ඩායමට ඇතුළු විය යුතුව තිබූ කීප දෙනෙක් ම කණ්ඩායමෙන් විසි වී තිබුණි... චමින්ද වාස්, ඉන්දික ද සේරම්, ඉසුරු උදාන, ගයාන් විජේකෝන් ඒ අතර ප්‍රමුඛ වෙයි....


මෙහි අපට සතුටු විය හැකි ක්‍රීඩා විලාශයන් පෙන්වූයේ 
මහේල ජයවර්ධන
ඇන්ජලෝ මැතිව්ස්
චාමර කපුගෙදර
කුමාර් සංගක්කාර
තිසර පෙරේරා
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන් 
අජන්ත මෙන්ඩිස්


යන අය බව මගේ හැඟීමයි. එහෙත් ඔවුන්ට හැම විටම දස්කම් දක්වන්නට බැරි බැව් අප තේරුම් ගත යුතුය. සුදුසු විකල්පයන් අප අත තිබේ... එහෙත් අප මේ හදන්නේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් ලෝකයේ ආශ්චර්‍යයක් කරන්නද..?


ලොවම පරදා
කිරුල දිනුවා
එදා අපි ලෝකේ
එහෙත් අද ඇයි
මෙලෙස ඉන්නේ
නිවට ලෙස පැරදී
තමන් දිනවන 
සටන නවතා
දනන් ලෙස
සිහළේ
යළිත් ජය ගමු
ක්‍රිකට් ලොව අපි
එකමුතුව පෙරසේ....!

සැ.යු.** මෙය www.cricinfo.com වෙබ් අඩවියේ ඇති දත්ත ඇසුරු කිරීමෙන් හා මගේ උපකල්පනයන් තුලින් නිර්මාණය කළ ලිපියක් වන අතර යම් උපකල්පනයන් හි දෝෂ වී නම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.

විශේෂ ස්තුතිය : මුරලි තරඟාවලිය අතර මැද අසනීප වූ බව දන්වා මා නිවැරදි කළ KAS සොයුරාට.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Monday, May 3, 2010

අර්ජුන හා සනත්



දෙස්පාලන පොරපිටියේ
සටන වෙනස් නොවැ මිතුරේ
එවන් වූ සටන් කෙරුමට
නුඹට ජවය ඇතේ…….

පක්ෂය දිනවන්න නොවේ
තමාව දිනවන්න නොවේ
රට දිනවන්නයි නුඹලා
සටන කළ යුතු…..

ක්‍රිකට් ගහපු ඒ යුගයේ
නුඹලට අපි බැන්ද පෙමේ
කිසි වෙනසක් තවමත් නෑ
සිදු වෙලා පුතේ…..

අපේ රටට වින කරනා
හොරු, දූෂිතයන් පන්නා
රට දිනවන්නට හැමදේ
කරනු මැන මතූ…..


අර්ජුන හා සනත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ය. ඒත් ඊට පෙර ඔවුහු අපේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වුහ.

අර්ජුන පාර්ලිමේන්තු ගියේ 2004 ඉඳන්ය. ඒ වන විටත් ඔහු ක්‍රිකට් ගැහිල්ල නවත්වා තිබුනි. ඔහුට අවශ්‍ය වුනේ කොහොම හරි ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩාවන්හි සිදුවන හොර මැරකම් නැවැත්වීමටය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. අර්ජුන අත හැරියේ ද නැත. දිගින් දිගටම ඔහු යුක්තිය වෙනුවෙන් කෑ ගැසුවේය. අන්තිමට ඔහු තමන් සිටි පක්ෂයද අත හැරියේය. මෙය අපට අරුමයක් නොවූයේ ඔහු ක්‍රිකට් ගහන කාලයේ සිටම යුක්තිය වෙනුවෙන් නැගී සිටි, ඒ වෙනුවෙන් කැප කිරීම් කළ චරිතයක් බැවිනි. අරවින්ද අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු ඊට විරෝධය පා සංචාරය වර්ජනය කලේය. එම වර්ජනය නොකලා නම් හොඳ බව රටක් හැටියට අපට හිතුනත් එයින් පසු අවුරුදු 9ක් අරවින්ද ක්‍රීඩා කලේ අර විරෝධය නිසා නොවන බව කාට නම් කියන්නට පුළුවන්ද? අප ලෝක කුසලානය දිනුවේ තමන්ගේ නායකයා ගැන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තිබූ ඉහල විශ්වාසය නිසා නොවන බව කියන්නට පුළුවන්ද? මුරලි ගේ ප්‍රශ්ණයේදී තම කණ්ඩායමත් සමග ඔහු විරෝධය පෑවේය. එයින් මුරලිගේ අනාගතය එළිය වුනේ නෑ කියා කීමට පුළුවන්ද? අද අර්ජුන ගේ කණ්ඩායම ජනතාවය. ඔහු අප වෙනුවෙන් හඬ නගන බව අප විශ්වාස කරමු. දේශපාලන කරලියේ ඉහලටම යාමට ඔබට ශක්තිය ලැබේවායි හද පතුලින්ම පතමු….

සනත් පාර්ලිමේන්තු ගියේ 2010 දීය. ඊට කලින් ඔහු ජනධිපතිවරණයට කඩේ ගියේය. එහෙත් ඔහු තාමත් ක්‍රිකට් ගසයි (සමහර විට ඒ ලංකාව ලෝකයේ ආශ්චර්ය කිරීමේ එක් පියවරක් විය හැකිය.) ඒ විතරක් නොවේ. ඔහු ජනාධිපතිවරණය සමය වන විට කණ්ඩායමෙන් කැපී ගොස් තිබුණි. ඒ නිකම්ම නොවේ….. සෑහෙන කාළයක් එක දිගට අසාර්ථක වීමෙනි. එහෙත් (හොඳට කඩේ යාම නිසා විය හැක) ඔහුට යළිත් කණ්ඩායමේ ස්ථානයක් ලැබුණි. කොහොම වුණත් තවමත් මම සනත් ක්‍රීඩා කරනු දකින්නට බෙහෙවින්ම ආසා කරමි. එහෙත් ඉක්මනින්ම ඔහු ක්‍රීඩා ගාරයට යනු දකින්නට අසා නොකරමි. සනත් කිසි විටෙක අනුන් වෙනුවෙන් - යුක්තිය වෙනුවෙන් කතා කරනු මම දැක නැත්තෙමි. ඔහු තුල තිබූ දක්ෂතාවයට අමතරව ඔහුගෙන් මා දුටු උසස් ගතිගුණය වන්නේ ඉහල තරඟකාරීත්වයයි. ඔහු තරඟයකට සහභාගී වන අතර තුර ක්‍රීඩාගාරයට වී විවේකීව සිටින කෙනෙක් නොවන බව මම දැක ඇත්තෙමි. ඔහුගේ හොඳම මිතුරෙකු වූ රොෂාන් මහානාම අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු කිසිවක් කළේ නැත. මාවන් අතපත්තු නම් විශිෂ්ඨයා අසාධාරණ ලෙස බංකුවේ රඳවා සිටින විට ඔහු කිසිවක් කළේ නැත. ඔහු ක්‍රීඩාව තුලින් දිනා ගත් ජනප්‍රියත්වය පාවිච්චි කරමින් දේශපාලනයට පා තැබූ නිකම්ම නිකම් පුද්ගලයෙක් බව මගේ හැඟීමයි. අඩු තරමින් දැන්වත් කණ්ඩායමෙන් ඉල්ලා අස් වුණා නම් ඔහු තුල යම් ප්‍රතිපත්තියක් ඇති බව පෙනෙනු ඇත. සනත්, ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දී සිටි සනත් ට වඩා ප්‍රතිපත්තිගරුක, වැරැද්දට එරෙහි වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු. මේ වන විටත් ඔබ සහභාගී වන ලෝක කුසලාන 20-20 තරඟාවලිය තුල යලිත් ඔබට අණසක පැතිරීමට (දේශපාලන බලයෙන් නොව) හැකි වේවා’යි ද පතමු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවායි හද පතුලින්ම පතමු……

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

Tuesday, April 20, 2010

අවුරුද්දට පෙර...

අවුරුද්දක් තරඟෙට දුවලා
හම්බ කරපු සොච්චම යොදවා
අවුරුදු කන්නට ඇඳුම් ගත්තෙ අපි
රෙදි කඩ වල මහ පොර වැදිලා…

යුතුකම් හැකි සේ ඉටු කරලා
ලෝකෙට පරකාසෙත් කරලා
අවුරුදු කෑවා ඊළඟ මාසේ
මැරිල' ගියත් කම් නෑ කියලා…..

අපට තරම් වත් හයිය නැතී
අපෙ නෑයෝ හැම තැනම ඇතී
අනේ ඔවුන්ටත් අපට වගේවත්
අවුරුදු සමරන්නට ඇත්නම්……



අවුරුදු ලංවුනා…
අපිත් ලහි ලහියේ ලැබුණු පුංචි ඉඩත් හම්බ කරපු සොච්චමත් වෙන් කලේ අවුරුද්දට ඇඳුම් කැඩුම් ගන්න…
ඊලඟ මාසෙ නොකෑවත් යුතුකම් ඉටු කරන්න ඕනැ නේ……..
පුලු පුලුවං විදිහට අම්මට, අප්පච්චිට, නැන්දම්මට……
අනිවාර්යයෙන්ම ගන්න ඕනි හැමෝටම ගත්තා…..
අප්පච්චිගේ හිතට හරි නෑ….
එයාට එච්චර වියදම් කරන්න එපා… ලු
හේතුව හොයලා බලනකොටයි තේරුණේ…..
චූටි බාප්පගේ ළමයි ගැන අපට අමතක වුණා කියලා තමයි අප්පච්චි හිතලා තියෙන්නේ…..
චූටි බාප්පා නැති වුණාට පස්සේ ඒ අය හුඟක් අමාරුවෙන් ජීවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි….
ඒත් අපිට පුළුවං විදිහට අපි උදව් කරනවා…..
ඔය වගේම අපේ උදව් අවශ‍ය නෑදෑයෝ කොයි තරම් නම් ඉන්නවාද…
එහෙම බැලුවාම අපි මේ කරන දේවල් මොනවද කියලා හිතෙනවා…..
ඒත් ඉතින්….
අනේ මන්දා……
අපි චූටි බාප්පගේ ළමයින්ට ඇඳුම් ගන්න පුංචි ගානක් යැව්වට පස්සේ තමයි අප්පච්චිගෙ හිතට පොඩි සැනසුමක් ආවේ…..
තව කීයක් හරි යවන්න තිබුණා නම් කියලා මටත් හිතුණා….
ඒත් අපිත් අපේ තත්වේ තියාගෙන ජීවත් වෙන්නත් එපෑ….
ඒකට ටිකක් වියදම් යනවනේ…..

මොනවා කරන්නද... ඕක තමයි ජීවිතේ හැටි....

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Friday, April 2, 2010

වස විස නැති අපි.....

අප නිතරම පන්සල් යනවා... මල් පහන් බුදුන්ට පූජා කරනවා.. ඒත් අපේ හිත් තුල වස විස ඕනි තරම්... අනුන්ගේ වැරදි හොයන්න... අනුන්ව හෙලා දකින්න නිමිත්තක් තියෙනවද කියා බලමින් ඉන්න එකනේ වැඩිපුරම කරන්නේ... 


පහුගිය දවසක පන්සල් ගිය වෙලාවක මගේ දුවයි මගේ මල්ලි කෙනෙක් ගේ දුවයි විනෝදෙන් ඉන්න වෙලාවක පිංතූරයක් ගන්න මට පුළුවන් වුණා....
ඒ පිංතූරය දැක්කම මට හිතුණා ඔවුන් කොයි තරම් සැහැල්ලුවෙන්ද මේ ඉන්නේ කියලා... 
ලොකු වෙනකොට ඒ සැහැල්ලුව ඔවුන්ට නැති වෙන බව හිතෙනකොටත් දුකයි.... 
ඒත් ඒක එහෙම නොවෙන්න නම් සමාජ ආකල්ප වල ලොකූ වෙනසක් විය යුතුයි....



මේ සැහැල්ලුව මේ ලෙංගතුකම අපේ සමාජය වෙලාගන්න දවසක් එනකම් මං හීන දකිනවා...

Wednesday, March 31, 2010

ආදරණීය අබේ...




අපව හැරදා ගියද සමුගෙන
රැඳෙනු ඇත ඔබ සදා සවනත
එපමණක් නොව ඔබ ලබා දුන්
මිහිර අපමණ තරම් විය මට....

නොදැක ඇති මුදු නුඹව හැබැහින්
හදවතේ නුඹ හට ඉඩක් විය...
ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය
සදාකල් මා හදට සුවඳය...

අපව සැනසූ ඒ සොඳුරු හඬ
යලිත් පතනට දිරිය නැත මට
නිවන් පුර රන් දොරටු හැරගෙන
යන්න පිං පෙත් පතමු නුඹ හට....
.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

Friday, March 26, 2010

නුඹ මට වෛර කළා නම්

හදවතින්ම ආදරය කරපු දෙදෙනෙක්ගෙන් කෙනෙක් මිය ගියාම... දුක ජීවත් වෙන කෙනාටනේ.... මේ වගේ ආදරෙන් හිටපු දෙන්නෙක්ගෙන් ජීවත්ව ඉන්න කෙනා මේ විරහව විඳින්නේ කොහොමද කියලා අපි දැකලා තියෙනවා... ඒත් මියගිය කෙනා ඒක විඳින්නේ කොහොමද..... ? එයාට එය දැනෙන්නේ කොහොමද... ? මේක පුංචි පරිකල්පනයක්....


නුඹ මට වෛර කළා නම්
අඩු තරමේ මාව අමතක කළා නම්
අනේ මට හිත හදා ගන්න තිබුණා
නුඹ මට මෙච්චර ආදරේ බව දැන හිටියා නම්….
ඒත් මොනවා කරන්නද…?
මැරෙන්න තියෙනවානම් මැරෙනවාමනේ…
මාව තවත් අසරණ කරන්නේ නැතිව
තවත් ලස්සන හදක් 
තෝරගන්න බැරි ඇයි නුඹට
මට ආයෙ එන්න බෑ
නුඹේ ආදරය දැක්කම යන්නත් බෑ
මාව තවත් අසරණ කරන්න එපා….
මේ ආත්මයට විතරක්
වෙන කෙනෙක්ට ආදරය කරන්න
ලබන ආත්මයේ පටන්
අපි ආයෙත් එක්වෙමු
අනේ මට යන්න දෙන්න…
මං දැන් මැරිලා….!

පිංතූරෙ ගත්තෙ මෙතැනින්....

Monday, March 22, 2010

අඹ ගෙඩිය



රස විඳින්නට මා සිතා සිටි


ලේන් සියොතුන් ඉවට හසු වූ


ගසේ බඩගා මා නෙලා ගත්


සත්තු කාලැයි මා වීසි කළ

නුඹ………..

බොහෝ කලක් තිස්සේ පෙරුම් පුරා.... නෙලා ගත්තද ලේන් සියොතුන් ගේ ඉවට හසු වූ බැව් දැනුණු කල අපට යම් අපුලක් සිතට නොදැනේ යැයි කියන්නට පුළුවන්ද....? සත්තු කාලා.... එහෙම කියලා හිත හදාගෙන නෙළූ පලය ඉවත හෙළන්නට අපට සිතේ..... පෙරේත කම වැඩි නම් සත්තු කෑව කොටස ඉවත් කොට එය රසවිඳින්නටද අප පෙලඹෙනු ඇත.... මෙය අපේ ජීවිතයේ එක්තරා පැතිකඩක් යැයි මට සිතේ.....

Thursday, March 18, 2010

බොරු කියනවා නම් ප්ලෑන් කරලා කියන්න….



මේක මීට අවුරුදු 12කට විතර කලින් සිදුවුණු පුංචි රසවත් සිදුවීමක්. අද යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට මට මේක මතක් වුණා. මේක හොඳ විනෝදබර සිදු වීමක්.

ඔන්න අපේ යාළුවෙක් හිටියා. අපි එයාට රෝහිත කියමුකෝ.. එයා තමයි මේකෙ කථානායකයා. එහෙමත් නැත්නම් ප්‍රධාන නළුවා. මිනිහා ටිකක් විනෝදෙට බරයි. කයිවාරුවත් අඩුවක් නෑ. ඉගෙන ගන්න වගේම ක්‍රීඩාවටත් දක්ෂයි මීටර් 400 ඉසව්වෙන් සමස්ථ ලංකා තරඟ වලටත් ඉදිරිපත් වෙලා තියෙනවා.

අපි මේ කියන දවසට සති කීපයකට කලින් අපේ යාළුවා මොකක්දෝ ප්‍රධාන පෙලේ තරඟයකට සහභාගී වුණා. හම්බ වුණේ 4 වෙනි තැන. හැබැයි රූප පෙට්ටියේ ප්‍රවෘත්ති වලට මෙයාවත් යන්තම් පෙන්නුවාමිනිහා අපටත් දුරකථනයෙන් දැනුම් දුන්නා ප්‍රවෘත්ති බලන්න කියලා අපිත් ඉතින් බැලුවා කියමුකෝ

ඔන්න මං කියන දවස උදා වුණා.. අපි උ.පෙ පංති ගිය යාළුවෝ කට්ටියක් විනෝද ගමනක් ගියා. රෝහිත මේ පංතියට සහභාගී වුනේ නැති වුනත් අපේ තිබුණු හිතවත් කම නිසා එයත් අපිත් එක්ක එකතු වුණා…… අපි ගියේ සීගිරි දඹුලු.

අපිත් එක්ක ගෑනු ළමයි කීපයකුත් ගියා. ඒ අයගෙන් බොහෝ දෙනා අපේ පංතියේ අය.. අපේ මිත්‍රයා මේ ගෑණු ළමයි එක්ක පොඩි කයිවාරුවක් ගහන්න සැට් වුණා.. හැබැයි කෙල්ලො ටික මිනිහව වැඩිය මායිම් කලේ නෑ. යාළුවා ඔහුව කෙල්ලන්ට හඳුන්වා දෙන්න උත්සහ ගත්තා. මෙන්න මේ වගේ දෙබසක් තමයි ඇති වුණේ.

රෝහිත : හලෝ.. කොහොමද? මං නම් ඔයාලව දන්නේ නෑ. ඒත් ඔයාලා නම් මාව දන්නවා ඇති නේ?
කෙල්ලෙක් : අනේ අපි ඔයාව දන්නේ නෑ.. නේ
රෝහිත : මොනවා? (විශ්මය අඟවයි) ඔයාලා ටී.වී බලන්නේ නැද්ද?
කෙල්ලෙක් : අපි නිතරම ටී.වී බලනවා නේ.. ඔයා මොන ප්‍රෝග්‍රෑම් එකේ ද හිටියේ..?
රෝහිත : මාව පහුගිය කාලේ නිතරම ටීවී එකේ පෙන්නුවානේ ප්‍රවෘත්ති වලට
(හැබැයි මිනිහව පෙන්නුවේ තප්පර 0.5 ක් තරම් චූටි කෑල්ලක. ඒ මදිවට එකම එක දවසයි.)
කෙල්ලෙක් : අනේ සොරි අපි වැඩිය ප්‍රවෘත්ති බලන්නේ නෑ නේ.
(අනිත් අයත් ඒක අනුමත කළා)
ඒත් කෙල්ලෝ ටික හිමින් සීරුවේ මාරු වෙලා ගිහින් අපේ වෙන යාළුවෙක් ගෙන් අහලා තියෙනවා මොකක්ද මේ ටීවී කතාව කියලා. මිනිහා ඇත්තම දෙසා බාලා. අපේ රෝහිතයගේ පටි හතම රෝල්…….

පිංතූරෙ ගත්තේ මෙතැනින්...