Sunday, November 10, 2013

සුබ උපන්දිනක් වේවා සොඳුරිය..!

                                
සඳුදා උදයේ සිට
සිකුරාදා වන විට
ඔබ ගෙවනා කටුකදිවිය
නොතේරෙන්නෙ නෑ මට
  
හතරේ කණිසම වදී
ඔබ කුස්සියටමවැදී
උයයි පිහයි එක යුද්දෙට
හය වෙද්දිත් මම නිදී
  
ලෑස්ති වෙන්නට පෙර
තෙල් ගා තැවිලිත්කර
අප්පච්චිට සලකන එක
අගයමි ලෙස පෙම් බර
  
පොඩි උන් වත් ඇහැරවා
ලදහොත් කෑමත් කවා
හනි හනිකට දුව යන්නේ
රැකියාවට දුර ගෙවා
  
නිවසට හැන්දෑවට
එයි මඳහස කැටි කොට
දරුවන්ගේ පාඩම් වැඩ
බලයි තදින් සැරකොට
  
මවු පියො දෙදෙනට මගේ
ඔබෙ අම්මා හට වගේ
සලකන එක හරි සතුටක්
වැඩි වෙයි ඔබෙ ඇති අගේ
  
කරදර බාධක මැද
මා හා දුක් විඳවිඳ
එන භවයෙත් මගෙ ම වෙන්න
ඇයි පැතුවේ රන් කඳ
  
උපන් දිනය සමරන
ඔබ හට පෙම සමඟින
පතමි පැතුම් ඉටුවන්නට
දින දින මතුඑළඹෙන
  

10 comments:

  1. Replies
    1. ඔයාලා එහෙම හිතනවා නම් ලොකු දෙයක්..

      Delete
  2. Mewan biridak lababna samiya saba wasanawanthayek. Mehema hari birinadage age kiyana samiyek labana birindath wasanawanthiyek

    ReplyDelete
  3. කවියෙන් ඔබ ඇය ගැන
    …ඔබ පල කල ඇගෙ ගුන
    …මමනම් පතනවා ඔන්න
    …හද පතුලින් පැමිනෙන

    සුබම සුබ උපන් දිනයක් සමග දුක් කරදර තොර වාසනාවන්ත හෙටක් ඔබේ බිරිඳට පතනවා !!!


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන් සහෝදරයා..

      Delete
  4. උඹල වගේ එක්ක ජීවත් වෙන අයට තෑගි දෙන්න ඕන.. හැක් හැක්..

    සුභ උපන්දිනයක් වේවා හද පතුල ෆිමේල් වර්ෂන් එකට..

    ReplyDelete
  5. කවි ටික රස වින්දෙමි! උබේ බිරින්දෑට සුභ උපන් දිනයක් පැතූ බැව් කියපං. නැවත උබේ නිර්මාණ රස විඳීමට එන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. අපේක්ෂා සහගත ව බලා ඉමි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..