නිතර දකින කුකුලා ගේ කරමලය සුදුයි කියලා කියනවනේ. ඇත්තටම මම මේ කියන්ට යන්නේ ඒ කතාව නං ඇත්තමයි කියලා.
අපි වැඩියෙන්ම ආදරය කරන දෙන්නා තුන්දෙනා අතරෙ අපි හැසිරෙන විදිහෙන් ම ඒ ටික හිතා ගත්තහැකි නේ. අනික් අය අතින් වෙන සැළකිය යුතු වැරදි ඉවසන්ට පුළුවන් වන අපට මේ ලෙංගතු මිනිස්සුන්ගෙ චූටි වැරැද්දත් ඇති හිත රිදෙන්න.
මගේ අම්මා, අප්පච්චි, බිරිඳ සහ දරු දෙදෙනා තමයි මගේ උදහසට වැඩිපුර ම පාත්‍ර වෙන්නෙ.. උදහසට පාත්‍ර උනා කියලා ආයෙ මං උල තියන්නෙ එහෙම නෑ. ඒත් නිතරම අපි අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා.
ඒත් ඔය තරම් ම ලෙංගතු මගේ අක්කත් එක්ක දැං එහෙමට පැටලිල්ලක් ඇති වෙන්නෙ නෑ.. සමහර විට එයා දැං වෙනම පවුලක නිසා වෙන්ට ඇති.
ඕකෙ තවත් පැත්තක් තියෙනවා.. අපි කොච්චර කිවුවත් වඩාත්ම නිදහස් ව හැසිරෙන්නෙ කිට්ටුම යාළුවත් එක්ක කියලයි මං නම් හිතන්නෙ. යාළුව ව අපි ඉතිං ආමන්ත්‍රණය කරන්නෙ "මචං" කියලා නෙ. ඔය වගේ නිදහසේ ඉන්න වෙලාවක.. අම්මට, පෙම්වතියට පවා මචං කියවෙන්ට ගිය වෙලාවල් තියෙනවා..
චූටි අතීත කතාවකුත් අමුණන්නම්..
ඉස්සර ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම ළඟ ඉන්න යාළුවට කකුලෙන් ගහලා පෙන්නන එක අපේ පුරුද්දක්. දවසක් පෙම්වතියත් එක්ක ළඟින් ඉඳගෙන කතාබහ කර කර ඉන්නකොට.. ලස්සන කෙල්ලෙක් ගියා.. මටත් නොදැනීම මගේ කකුල වැඩ කළා.. කියපු බොරුව නං මොකද්ද කියලා මතක නෑ.. ඒ හැටි අවුලක් උනේ නැති බව විතරක් මතකයි..
කොහොම උනත් පෙම්වතිය හොඳම යාළුවෙක් තරම් ළඟින් දැනෙනවා කියන්නේ වාසනාවක්.
කවි කියවල කතා කියවන්න නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ...
ReplyDeleteලැජ්ජා වෙන්ට එපා මෙයා.. ආයෙමත් කවි දාන්නං..
Deleteඇත්තම තමා චතුර, අපිට ගොඩක්ම දැනෙන්නෙ අපේ ලගින්ම ඉන්න අයවයි.
ReplyDeleteහ්ම්.. හ්ම්..
Deleteඒක ඇත්ත.
ReplyDeleteඒකනෙ..
Deleteමට නම් වෙලාවකට අපේ ගෙදර අය විශේෂයෙන් ම මගේ සහෝදරියෝ ආත්ම ගාණක් පතන් ආපූ ඇණ කිය්ලා තමයි හිතෙන්නේ
ReplyDeleteඒ වෙලාවකට නෙ.. අනිත් වෙලාවට?
Deleteඉක්මණටම ඕන වෙන්නෙත්....ඉක්මණටම එපා වෙන්නෙත් ....ලඟින්ම ඉන්න අය....
ReplyDeleteඑපා වෙනවා කිවුවට .. ඒවා තාවකාලිකයි.. නැද්ද මං අහන්නෙ..
Delete