සඳුදා උදයේ | සිට |
සිකුරාදා වන | විට |
ඔබ ගෙවනා කටුකදිවිය | |
නොතේරෙන්නෙ නෑ | මට |
හතරේ කණිසම | වදී |
ඔබ කුස්සියටම | වැදී |
උයයි පිහයි එක යුද්දෙට | |
හය වෙද්දිත් මම | නිදී |
ලෑස්ති වෙන්නට | පෙර |
තෙල් ගා තැවිලිත් | කර |
අප්පච්චිට සලකන එක | |
අගයමි ලෙස පෙම් | බර |
පොඩි උන් වත් ඇහැ | රවා |
ලදහොත් කෑමත් | කවා |
හනි හනිකට දුව යන්නේ | |
රැකියාවට දුර | ගෙවා |
නිවසට හැන්දෑ | වට |
එයි මඳහස කැටි | කොට |
දරුවන්ගේ පාඩම් වැඩ | |
බලයි තදින් සැර | කොට |
මවු පියො දෙදෙනට | මගේ |
ඔබෙ අම්මා හට | වගේ |
සලකන එක හරි සතුටක් | |
වැඩි වෙයි ඔබෙ ඇති | අගේ |
කරදර බාධක | මැද |
මා හා දුක් විඳ | විඳ |
එන භවයෙත් මගෙ ම වෙන්න | |
ඇයි පැතුවේ රන් | කඳ |
උපන් දිනය | සමරන |
ඔබ හට පෙම | සමඟින |
පතමි පැතුම් ඉටුවන්නට | |
දින දින මතු | එළඹෙන |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Sunday, November 10, 2013
සුබ උපන්දිනක් වේවා සොඳුරිය..!
Subscribe to:
Post Comments (Atom)
SHAOAK KAVI TIKAK NEDA
ReplyDeleteඔයාලා එහෙම හිතනවා නම් ලොකු දෙයක්..
DeleteMewan biridak lababna samiya saba wasanawanthayek. Mehema hari birinadage age kiyana samiyek labana birindath wasanawanthiyek
ReplyDeleteඅන්න ඇනෝට තේරුණා... :D
Deleteකවියෙන් ඔබ ඇය ගැන
ReplyDelete…ඔබ පල කල ඇගෙ ගුන
…මමනම් පතනවා ඔන්න
…හද පතුලින් පැමිනෙන
…
සුබම සුබ උපන් දිනයක් සමග දුක් කරදර තොර වාසනාවන්ත හෙටක් ඔබේ බිරිඳට පතනවා !!!
බොහොම ස්තුතියි ලොකු ජෝන් සහෝදරයා..
Deleteඋඹල වගේ එක්ක ජීවත් වෙන අයට තෑගි දෙන්න ඕන.. හැක් හැක්..
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා හද පතුල ෆිමේල් වර්ෂන් එකට..
ඔවු බං ඒක ඇත්ත.. :D
Deleteකවි ටික රස වින්දෙමි! උබේ බිරින්දෑට සුභ උපන් දිනයක් පැතූ බැව් කියපං. නැවත උබේ නිර්මාණ රස විඳීමට එන්නම්..
ReplyDeleteබොහොම ස්තුතියි.. අපේක්ෂා සහගත ව බලා ඉමි..
Delete