එකමත් එක රටකි ඇති සමුදුරු | මැද්දේ |
කඳු පෙළ මනරම්ය දිය උල්පත් | ඇද්දේ |
කෙත්වතු තිබේ හේනුත් තියෙනෙව' | බැද්දේ |
තවමත් ඇහෙනවා සියොතුන්ගේ | සද්දේ |
මුව මී ගෝණ ඉත්තෑ සා | පොවුවන්ද |
ගව සූකර බළල් බලු අග | සවුවන්ද |
කවදත් දහම හුරු ඇත් කුල | සෙවුවන්ද |
එබිමෙහි තවත් ඇත හොර රා | බිවුවන්ද |
මිණිකැට තිබේ පොළොවේ ඔබ මොබ | නිතර |
ගං දිය ගලයි හැඩ වී කඳු හෙල් | අතර |
මහ වැවු හැඩයි බැලුවෙමි මම වී | නතර |
වෙන මොන ලස්සනද නව මං පෙත් | විතර |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, November 19, 2013
නව මං පෙතෙහි අගේ..
Subscribe to:
Post Comments (Atom)
කවි පෙළ කියවන කොට මතක් වුණේ පී. බී. අල්විස් පෙරේරාගේ "මගේ රට" කවි පන්තිය! පොඩි සැඟවුණ අරුතකුත් තියෙන පාට යි!
ReplyDeleteඒ කවි පන්තිය කොහොම අමතක වෙන්න ද? නේද? ඔබ කිවුවා හරි.. මං ඉතිං දේශ ද්‍රෝහියෙක් නෙව.. කොච්චර උස්සහ කොළත්.. කාක්කා ගැනමයි ලියැවෙන්නෙ.. බොහොම ස්තුතියි .. කාලෙකින් මේ පැත්තෙ ඇවිත් සටහනක් දැම්මට..
Deleteචතුරගේ කවිවලට මම කොහොමත් ආසයි...තව කවි දෙකක්වත් එකතු උනානම් කවි පන්තිය තවත් අගය වෙනවා.
ReplyDeleteලොකු සතුටක්.. ඔබේ යෝජනාව ඉදිරියේ දී ඉටු කිරීමට උත්සාහ කරන්නම්.. බොහොම ස්තුතියි..
Deleteමටත් මතක් වුණේ පී.බී. ගෙ කවි පන්තිය.
ReplyDeleteමේකත් ඒ විරිතෙන්ම බැඳුණු කවි පෙළක් නෙ.. "මුව, මී, ගෝණ " කියන කෑල්ලත් ඒක තිබුණ නිසා වෙන්න ඇති.. බොහොම ස්තුතියි දිලිනි..
Deleteඅන්තිමටම ඇන්න නේද ? :D
ReplyDeleteඅනින්ට අන්තිම වෙනකම් හිටපු එකත් ලොකු දෙයක් නෙ..
Delete