| නුඹට සිංහල බැරි | නිසා |
| දොඩමි මම අණ්ඩර | බසා |
| එපා මා හා උරණ වන්නට | |
| දනිමි දෙනුවන් වල | රසා |
| නුඹ ම පෑ ඉඟි බිඟි | වසා |
| යොමා නෙතු වෙනතක් | දෙසා |
| මාත් මිනිසෙකු වගක් නොසිතා | |
| පෙළනු කිම මා මේ | ලෙසා |
| නොබිනුවෙමි මම නම් | මුසා |
| නුඹයි මා හද දිනු | යසා |
| එක හිනාවක් ළඳේ ඇති මට | |
| නො එමි පෙම ඇති දැයි | අසා |
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..