ලොව වැනසෙද්දී කවි ලිවු මා සිත - නුඹ වැනසෙද්දී සසල | වෙළා |
මල්ලියෙ අද නම් පමණට වැඩියෙන් - නුඹ මා හදවත සිදුරු | කළා |
නුඹ දෙඩු වදනක විස තිබුණා නම් - දරා ගනිමි දෙවරක් | නොසිතා |
දිය - කිර වෙන් කර රස බැලුවා නම් - නුඹ වනු ඇත හෙටටත් | සමතා |
ඔවදන් මනුදම් ඇසුරින් හුරුකර - නුඹ ලොකු වන තුරු බලා | හිඳී |
මවුපියො, ගුරුවරු, නෑ සියො ගැන නම් - නුඹ හිතුවා මගෙ හිතට | මදී |
තනි වූ පෙම් හිත දෙතුන් දෙනෙකු වෙත -දෙන්නට නුඹ කොහොම ද | හිතුවේ |
හිත විතරක් නම් කමකුත් නෑ තව -ගත කොහොමද එළෙසට | බෙදුවේ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Friday, November 15, 2013
ගත කොහොම ද හිත වගෙ බෙදුවේ...?
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි අයියෙ :)
ReplyDelete-මු.නො.ස-
බොහොම ස්තුතියි.. මල්ලි.. ඔයා ඉතිං කවදත් මගෙ නිර්මාණ අගය කරන කෙනෙක් නෙ..
Deleteහිත බෙදන්න පුළුවන් කෙනෙකුට ගත බෙදන එක හරිම සිම්පල් චතුර......ඉතාම මිහිරි කවියක්...මේ ලියා ඇති කවි ආකෘතිය වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ නේද? මම කවියෙක් නෙමේ.
ReplyDeleteදෙපද කවි ආකෘතිය නිතර ම යොදා ගැනෙන්නේ නෑ තමා.. මගේ නිර්මාණ වලදී.. ආකෘතිය කලින් තීරණය කෙරෙන දෙයක් නොවෙයි.. බොහොම ස්තුතියි මිත්‍රයා..
Delete