මළ කා ගියත් හිත පොබයන කවි | අවිය |
සළකා මය දැයේ දියුණ ද විදු | රවිය |
වළකා ලිය නොහැක ගිණි සිළු දැවි | දැවිය |
බලකාමය නිසා අප හැම තැවි | තැවිය |
නිවසට අප පැමිණ හූරා ගෙන | වස්තූ |
කරකාරෙට අරං එහි සිටි බව | ලත්තූ |
මරු වසඟයට යවමින් සවිබල | පුත්තු |
හෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ | පත්තු |
රහමෙර ගෙනත් හුරු කර, කර | මාට්ටුව |
මස මර මරා කන්ටත් කළෙ | සීට්ටුව |
හෙළ වෙද කම මරා බිහි කර | වාට්ටුව |
අවසන දුන්නෙ බහු ආගම් | පූට්ටුව |
සුද්දා දුන්නු අල හා මුහු උනු | ගෝවා |
රෙද්දේ පුරා පෙරෙමින් රහ කර | කෑවා |
මැද්දේ උන්ගෙ සැලසුම් මෙහි ගිණි | ලෑවා |
යුද්දේ කොටි හපුවො අප වෙත ගෙන | ආවා |
යන්තම් නිමා වී තිස් වසරක | යුද්දේ |
අඩියක් දෙකක් කරදර අතරින් | ඇද්දේ |
ලුණු රහ බලන්ටත් කල් මදි විය | හොද්දේ |
විරුවා නතර විය මහ උළු ගේ | මැද්දේ |
අයියා මල්ලි ලැම්බෝගිනි | ගෙනාවයි |
පොඩි මල්ලී හඳේ එය හරි | විනෝදයි |
මාමල' බාප්පල පියතුම | වගේමයි |
මහ ජනතාව මහ පාරේ | උලා කයි |
කලකට ඉහත අප හට අණවිණ | කරලා |
රට හැර ගියපු අය කළු සුද්දන් | මවලා |
ඇවිදින් තිබේ විරුවන් විලසින් | ඇඳලා |
චෝගම් ගුලිය යන්නට අප හට | කවලා |
මොනවා නැතත් රට මැද හයි වේ | යායයි |
ඉක්මණටම වගේ පැට්‍රල් හඳ | පායයි |
දැනටත් ළූණු බෑ කන්නට තුන් | සීයයි |
පිටිකර බෙහෙත් කෝ මේ පය බර | වායයි |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Sunday, November 17, 2013
පිටිකර බෙහෙත් කෝ මේ පය බර වායයි
Subscribe to:
Post Comments (Atom)
රසවින්ද බව කියන්න මම ආවෙ..
ReplyDeleteචතුර අයියගෙ කවි වලට තමයි මම කැමතිම..
බොහොම ස්තුතියි සමී.. එය ලොකු සතුටක්..
Delete