C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10 වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..
Salary Sheet, Coin Analyze, Loan Status වගේ Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ගැනත් අපි කතා කළා..
෴෴෴෴෴අද එතැන් සිට෴෴෴෴෴෴෴෴෴෴
Salary Sheet වගේම වැදගත් Reports දෙකක් තමයි.. Bank Transfer හා Signature Sheet කියන Reports දෙක. Bank Transfer Report එකේ බැංකුවට පඩිය Transfer වෙච්ච අයගේ විස්තර ටිකත්, Signature Sheet එකේ සල්ලි වලින් පඩි ගත්තු අයගේ විස්තර සහ අත්සන දැමීමට ඉඩකුත් තියෙනවා.. පල්ලෙහා තියෙන පිංතූර දෙකෙන් පෙන්වන්නෙ මේ Reports දෙකට උදාහරණ...
මේ වගේම Fixed/ Variable Allowances හෝ Deductions, Increments, Salary Advance, NoPay, Late, Overtime වගේ Reports වලින් ආයතනයේ දියුණුවට ඉවහල් වන තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්..
මෙයිට අමතරව Salary එකත් එක්ක සෘජුවම සම්බන්ධ නොවුණත්.. Active, Inactive සහ Terminated Employee Lists ඉතා ප්රයෝජනවත්. Employee Profile හා Gratuity කියන Reports දෙකත් බොහොම වටින කියන Reports දෙකක්..
දැං බලාගෙන ගිහාම ඔක්කොම වටින කියන ඒවනෙ.. ඔවු ඉතිං වටින කියන ඒවා ගැන තමයි කියන්නේ... නොවටිනා ඒවා ගැන කියලා වැඩක්ය..
ඉතිං එහෙනං Payroll Software එකක තියෙන වටිනා කියන ගොඩාක් Reports ගැන අද ලිපියෙන් විස්තර කළා.. පිංතූර ටිකකුත් දැම්මනේ..
ඊළඟ ලිපියෙන් තවත් වැදගත් කරුණු ටිකක් ගේන්නම්...
ඉස්පාසුවක් තියේ නං විතරක්..
Perfect Software Solutions (Pvt.) Ltd. කියන අපේ Company එකේ වෙබ් පිටුවටත් ගිහිං.. ගෙදර යන ගමං අපේ ෆේස්බුක් පිටුවටත් ගොඩවෙලා යන්නකෝ..

