සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. නමින් මා ලියූ මුල් ලිපියට සබැඳිව තවත් ඉදිරියට යන්නට සිතුනු නිසා එහි දෙවැනි කොටසක් ද ලියන්නට සිතුවෙමි..
======================================
උඹලට සුමිත් අයියලා මොනවා කරත් වැරදියි.. මිනිස්සුන්ගේ වැරදිම හොයන්ට එපා බං.. අපි කවුරුත් මිනිස්සුනෙ.. අපි කාටත් වරදිනවා.. හොඳ දකින්න පුරුදු වෙයං..
======================================
යකෝ අපි කවුරු කරත් වැරැද්දට වැරදියි කියනවා.. හරි දේට හරියි කියනවා.. උඹලා වගේ කැපුවත් නිල් නෙවෙයි.. අවුල තියෙන්නෙ සුමිත් අයියා කරන තරමක් කරන්නෙ තක්කඩි වැඩනේ..
======================================
එහෙම කියන්ට එපා බං.. උඹලෑ අයියගෙ රස්සාව හොයලා දෙන්ටත්.. සුමිත් අයියා මාර ගේමක් දුන්නනේ..
======================================
ඒකමනේ බං මාත් කියන්නේ.. එතනත් කළේ තක්කඩි වැඩක්නේ.. අහිංසකයකුගේ අවස්ථාවක් නේ.. නැති කළේ.. අපි පැත්ත ගියත් ඇත්ත කියන්ට එපාය..
======================================
ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද?
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Friday, May 17, 2013
Tuesday, May 14, 2013
සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..
සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ..
ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා දෙනවා..
ඒකටත් එක්ක සයිමොං මාමා.. ඒ කිවුවෙ.. සුමිත් අයියගෙ මාමා කාරයා.. අමු කුණා.. අර උඩහ කන්දට යන පාර ලොකු කරන්ට දුන්නෙ ම නෑ නෙව.. නඩු කියලා, හූනියං කරලා කොච්චර නං හදි කළා ද..? ඒ වුණාට නඩුව දින්නට වැඩක් වුණාද..? සුමිත් අයියා ඇවිත් වචන දෙකයි කිවුවේ.. සයිමා නිකංම සයිලන්..
අර මැගි නැන්දගෙ දුව කුමාරි.. *ක කහ ගන්ට නියපොත්ත නැති වුණාට.. *** නළලෙ තියාගෙන හිටියෙ.. සුමිත් අයියා බැස්සා ගේමට.. කෙල්ල සැරෙන්ඩර්.. ආයෙ මොනවද.. දැං ඉතිං කෙල්ලට රජ සැප..නේ..
=============================================
අනේ පලයං බං යන්ට.. අපි නොදන්න සුමියා.. ඕකා මරිසියට කාටත් කෙහෙල් ඇවරිය දැම්මට.. ඕකා හෙණ දසයා..
බලහං.. ඕකා අඩු ගානෙ.. ඕ ලෙවෙල් වෙනකං ඉගෙන ගත්තද? හැබැයි දැං මුදල් ඇමති තුමාගෙ උපදේශක. ගමේ එවුවන්ට කසිප්පු පොවලා හම්බකරන සල්ලි මළ ගෙවල් වලට මිසක් පොඩි එවුන්ට චොකලට් ගන්ට වියදං කොරන්නෙ නෑ බං..
ඌ පාර කපාගත්තෙ කන්දෙ එවුවන්ට තියෙන ආදරේට වෙන්ටෑ.. අනේ නිකං ඉඳහං.. උගෙ හොර වැඩ ටික පාඩුවේ කොර ගන්ට ගමේ එවුංව ෂේප් කරගන්ට තමයි ඕකා ඔය පාර කැප්පුවේ.. අනික උගෙ හොර ගෑණිගෙ ගෙදරත් කන්දෙ නෙ බං තියෙන්නෙ..
කුමාරි ලැජ්ජා බයට හැදුණු එකියක් කියලා තමයි මාත් හිතං උන්නෙ.. ඒකිත් අපට දාන්ට තියෙන ඔක්කොම පාට් පෙන්නලා.. මුගෙ අතිං සල්ලං වුණා.. කන්ට බොන්ට අඳින්ට නං තාම තියෙනවා.. ඒත් බං රටේ ගස් ටික කපලා, නිධං ටික මංකොල්ල කාලා, කසිප්පු ටික ගමේ එවුන්ට විකුණලා, ඇමතින්ට වන්දිභට්ට කං කොරලා හම්බ කරන සල්ලි කොච්චර කල් යා දෙයි ද කියලා කවුද දන්නෙ..
================================================
උඹලා හිතන්නෙ ඉතිං නුහුරටමනේ.. උඹලා වගේ එවුවන්ට තමයි බං දේශද්‍රෝහියො කියන්නේ..
Friday, May 10, 2013
Payroll Software එකක වැදගත්කම.. 2
Payroll Software එකක වැදගත්කම.. 1 ලියලා සෑහෙන දවසක්.. ඒ කියන්නෙ මාසයක් විතරම ගියා.. දෙවැනි කොටස දාන්න ඉස්පාසුවක් ලැබුණේ අද තමයි ඕං..
C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10 වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..
Salary Sheet, Coin Analyze, Loan Status වගේ Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ගැනත් අපි කතා කළා..
෴෴෴෴෴අද එතැන් සිට෴෴෴෴෴෴෴෴෴෴
Salary Sheet වගේම වැදගත් Reports දෙකක් තමයි.. Bank Transfer හා Signature Sheet කියන Reports දෙක. Bank Transfer Report එකේ බැංකුවට පඩිය Transfer වෙච්ච අයගේ විස්තර ටිකත්, Signature Sheet එකේ සල්ලි වලින් පඩි ගත්තු අයගේ විස්තර සහ අත්සන දැමීමට ඉඩකුත් තියෙනවා.. පල්ලෙහා තියෙන පිංතූර දෙකෙන් පෙන්වන්නෙ මේ Reports දෙකට උදාහරණ...

ඊළඟට අපට හමුවන වැදගත්ම Reports වෙන්නෙ Payroll Summary Reports ටික. මේ ටික ගොඩක් වැදගත් වෙන්නෙ Salary එක ගැන පොඩි විශ්ලේශනයක් කරන්න.. ආයතනයක් විශාල වෙද්දි.. මේ තොරතුරු ටික බොහොම වැදගත් වෙනවා.. මේ තියෙන්නෙ උදාහරණ Reports කිහිපයක්..

මේ වගේම විෂ්ලේශනයට ඉතා වැදගත් වෙන Report එකක් තියෙනවා.. Salary Detail by Employee කියන Report එක.. එමඟින් යම් කාල පරාසයක් තුළ එක් සේවකයෙකුගේ Salary එක වෙනස් වූ ආකාරය සොයා බැලිය හැකියි.. පහත දැක්වෙන්නේ.. එම Report එකේ උදාහරණයක්..

මේ වගේම Fixed/ Variable Allowances හෝ Deductions, Increments, Salary Advance, NoPay, Late, Overtime වගේ Reports වලින් ආයතනයේ දියුණුවට ඉවහල් වන තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්..
මෙයිට අමතරව Salary එකත් එක්ක සෘජුවම සම්බන්ධ නොවුණත්.. Active, Inactive සහ Terminated Employee Lists ඉතා ප්‍රයෝජනවත්. Employee Profile හා Gratuity කියන Reports දෙකත් බොහොම වටින කියන Reports දෙකක්..
දැං බලාගෙන ගිහාම ඔක්කොම වටින කියන ඒවනෙ.. ඔවු ඉතිං වටින කියන ඒවා ගැන තමයි කියන්නේ... නොවටිනා ඒවා ගැන කියලා වැඩක්ය..
ඉතිං එහෙනං Payroll Software එකක තියෙන වටිනා කියන ගොඩාක් Reports ගැන අද ලිපියෙන් විස්තර කළා.. පිංතූර ටිකකුත් දැම්මනේ..
ඊළඟ ලිපියෙන් තවත් වැදගත් කරුණු ටිකක් ගේන්නම්...
ඉස්පාසුවක් තියේ නං විතරක්..
Perfect Software Solutions (Pvt.) Ltd. කියන අපේ Company එකේ වෙබ් පිටුවටත් ගිහිං.. ගෙදර යන ගමං අපේ ෆේස්බුක් පිටුවටත් ගොඩවෙලා යන්නකෝ..
C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10 වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..
Salary Sheet, Coin Analyze, Loan Status වගේ Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ගැනත් අපි කතා කළා..
෴෴෴෴෴අද එතැන් සිට෴෴෴෴෴෴෴෴෴෴
Salary Sheet වගේම වැදගත් Reports දෙකක් තමයි.. Bank Transfer හා Signature Sheet කියන Reports දෙක. Bank Transfer Report එකේ බැංකුවට පඩිය Transfer වෙච්ච අයගේ විස්තර ටිකත්, Signature Sheet එකේ සල්ලි වලින් පඩි ගත්තු අයගේ විස්තර සහ අත්සන දැමීමට ඉඩකුත් තියෙනවා.. පල්ලෙහා තියෙන පිංතූර දෙකෙන් පෙන්වන්නෙ මේ Reports දෙකට උදාහරණ...
මේ වගේම Fixed/ Variable Allowances හෝ Deductions, Increments, Salary Advance, NoPay, Late, Overtime වගේ Reports වලින් ආයතනයේ දියුණුවට ඉවහල් වන තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්..
මෙයිට අමතරව Salary එකත් එක්ක සෘජුවම සම්බන්ධ නොවුණත්.. Active, Inactive සහ Terminated Employee Lists ඉතා ප්‍රයෝජනවත්. Employee Profile හා Gratuity කියන Reports දෙකත් බොහොම වටින කියන Reports දෙකක්..
දැං බලාගෙන ගිහාම ඔක්කොම වටින කියන ඒවනෙ.. ඔවු ඉතිං වටින කියන ඒවා ගැන තමයි කියන්නේ... නොවටිනා ඒවා ගැන කියලා වැඩක්ය..
ඉතිං එහෙනං Payroll Software එකක තියෙන වටිනා කියන ගොඩාක් Reports ගැන අද ලිපියෙන් විස්තර කළා.. පිංතූර ටිකකුත් දැම්මනේ..
ඊළඟ ලිපියෙන් තවත් වැදගත් කරුණු ටිකක් ගේන්නම්...
ඉස්පාසුවක් තියේ නං විතරක්..
Perfect Software Solutions (Pvt.) Ltd. කියන අපේ Company එකේ වෙබ් පිටුවටත් ගිහිං.. ගෙදර යන ගමං අපේ ෆේස්බුක් පිටුවටත් ගොඩවෙලා යන්නකෝ..
Wednesday, May 8, 2013
කවුරුන් හෝ ඇවිල්ලා..
ඔබව දන්න ඔබ නොදන්න කවුරුන් හෝ ..........ඇවිල්ලා
හදෙහි ගින්න මැඬ නිවන්න මොනවාදෝ ........ගෙනැල්ලා
තව හිතන්න හසු නොවන්න ඉවසාලා ...............සියල්ලා
මෙත වඩන්න සිත නිවන්න පුළුවන් දැන ..........ගනිල්ලා
පුංචි පුතා වෙයි සමතා ඒ ගැන සිත ................යොමල්ලා
දෝණිට යන කල දවසට අඩු වැඩියක් ...........හොයල්ලා
පාළු සිතේ හීන පැතුම් ගැන මැදහත් ...............වෙයල්ලා
දෝස නසා පිය දිගැසා ගැන බිඳුවක් .................සිතල්ලා
කාසි නිසා වාසි තකා වරදට යොමු .............නොවෙල්ලා
පාසි ලෙසා බැන්ද ගලේ අනුනට දුක් ..........නොදෙල්ලා
දෝසි වෙසා වෙහෙස නිවා සැම හිත් රස ..........කරල්ලා
වාසි බසා වේය දොසා සුබසම නිති ...............දොඩල්ලා
Thursday, May 2, 2013
බ්ලොග් කමෙන්ටුවකට ලිංක් (Link) එක ඔබන්නේ කොහොමද?
නිතරම අපට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් අතර බ්ලොග් එකක කමෙන්ටු දාද්දි වැදගත් දෙයක් තමයි.. Link එකක් කමෙන්ටුව අතරට අමුණන එක..
ඔබට අවශ්‍යයි කියලා හිතමු http://hadapathula.blogspot.com කියන Link එක.. "හදපතුල" විදිහට පෙන්නලා.. ඒක Click කළාම අවශ්‍ය තැනට යන්න..
මෙන්න මේ විදිහට ඒ වැඩේ කරන්න පුළුවන්..
මෙතන තමන්ට යන්ට අවශ්‍ය තැන Link Address එක (දිගුව) http://hadapathula.blogspot.com වෙනුවට දාලා.. පෙන්නන්ට ඕන Text එක හදපතුල වෙනුවට දැම්මා නම් ලස්සනට Link එක පෙනෙයි..
මේක Blogger වගේම Wordpress වලත් වැඩකරන බව මට මතකයි.. දැනගත්තට පස්සෙ පුංචි දෙයක් වුණාට.. දැනගන්ට කලිං මහා ලොකු දේවල් විදිහට හිතෙන දේවල් වලිං එකක් තමයි මේක..
මේක ඉතිං පෝස්ටුවක් ලියන්ට තරං දේකුත් නෙවෙයි.. ඒත් ඉතිං ලිවුවට වරදකුත් නෑ.. මයෙ හිතේ..
Monday, April 29, 2013
හැඩයට නමක්..
දෙන්නෙක් අතර ඇතිවන සම්බන්ධයකට නමක් දිය යුතුම ද? සම්බන්ධය කුමක් වුණත්.. එයට අනිවාර්යයෙන් තිබිය යුත්තේ හැඩයකි.. එම හැඩයට නමක් දිය හැකි නම් එය වෙනම කතාවකි.. නමක් යෙදිය හැකි නොවීම හැඩයේ වරදක්ද?
මාත් අපේ රටේ නායකත්වයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.. ඒ සම්බන්ධයේ දී.. මට ... ඔහු මගේ රටේ ජනතාව විසින් පත් කළ මගේ රටේ නායකයාය.. ඔහුට .. මා.. සුවහසක් වූ ඔහුගේ ආදරණීය ජනතාව අතරේ.. ඔහු මහත් සේ ආදරය කරන මිනිසෙකි..
ඕනෑම සම්බන්ධයක තත්වය එසේ නොවේ ද? දෙදෙනාටම එක ලෙස දෙදෙනාව දැනෙන්නේ නැත.. එහෙත්.. අප අපගැන තීන්දු තීරණ ගන්නේ එම පදනමේ පිහිටා නොවේද?
යම් යම් සාධක අනුව නිර්ණායකයන් තනා තිබුණත්.. ඒවා පුද්ගලයාට සාපේක්ෂව ඉතා විශාල පරිමානයෙන් වෙනස් වේ..
ඔබට මා සිත ආදරය කළ පමණින්..
ඔබත් මට කළ යුතුද ආලය..
මගේ ආලය ඔබට ඕනෑ නැති මුත්..
මා නැවැත්විය යුතුද ආලය..
ඔබ කොහේදැයි නොදන්නා මට සැබැවින්..
ඔබට කළ නොම හැකිද ආලය
ඔබට දෙන්නට බොහෝ දෑ සිත ඇති මුත්..
දිය යුතුද ඒ සොඳුරු ආලය...
ඔබේ යහපත නිබඳ පැතුවෙමි සෙනෙහෙන්..
එයට කියනා.... නමද ආලය..

Thursday, April 11, 2013
මේ පාරත් පොල්ල තමයි..
මේ පාර සයිබරයේ බක්මහ සැණකෙළිය තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදාය කියලා මං දැනගත්තේ.. ඊයෙ.. ඉතිං මේ පාර නං කොහොම හරි යනවයි කියලා හිතා ගත්තු මං තකහනියක්ම ගිහිං ඉල්ලුම් පත්තරේකුත් පිරෙවුවා.. හුටා පටස්.. ගෙදර ගිහාමයි මතක් වුණේ.. 21 අපේ ගෙදර නෑදෑ හමුවක් තියෙනවා.. නෑදෑ හමුවක් කියන්නේ අපේ අම්මගෙ සහෝදර සහෝදරියො ටික අපේ ගෙදරට කැඳවලා පුංචි සංග්‍රහයක් කොරනවා.. ඒ මදිවට අපේ අප්පච්චිගේ උපන් දිනේ.. ඉතිං නෝ හෙල්ලුම්..
කමක් නෑ එහෙනං .. මේ පාරත් පොල්ල තිබ්බට සමාවන සේක්වා..!
ලබන්නා වූ සිංහල අවුරුද්ද කට්ටියටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
අනේ ඉතිං පුළු පුළුවං කට්ටිය.. මෙතැන්ට ගිහිං සැණකෙළි අසිරිය විඳගන්ට..!
එහෙනං ආයිබෝං..!

Wednesday, April 3, 2013
Payroll Software එකක වැදගත්කම.. 1
මගේ ආයතනයේ ප්‍රධානම Product එක Payroll Software එක හින්දා ඒ ගැන ලිපි කිහිපයක් ලියන්න ඕන කියලා මට හිතුණා... කලා කටයුතු වලට අවුලක් නොවෙන්න අතරින් පතර.. එකින් එක දාන්නම්..
ආයතනයක් පවත්වාගෙන යද්දි කරන වැඩේට වඩා අමාරු වැඩේ තමයි.. රජයට අවශ්‍ය Documents හදන එක.. Payroll එකත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ Documents කීපයක් මතක් කරනවා නම්..
C Form - මාසිකව EPF සඳහා
Form C3 Return - මාස හයකට වරක් EPF සඳහා
R4 Form - මාසිකව ETF සඳහා
Form II Return - මාස හයකට වරක් ETF සඳහා
PAYE Tax Deduction - මාසිකව PAYE Tax සඳහා
T-10 - වාර්ෂිකව PAYE Tax සඳහා
මේ විදිහට මහා ගොඩාක් Reports අවශ්‍ය වෙනවා.. ඒ ඔක්කොටම වඩා පඩි ගෙවන එකනේ වැදගත්. පඩි ගෙවන්න ඉතාම වැදගත් වෙන Reports කීපයක් තියෙනවා.. මේ තමයි ඒවා..
Salary Sheet - මේක හරියට තියෙනවා නං, සල්ලිත් තියෙනවා නං එච්චර කරදරයක් නැතුව පඩි ගෙවා ගන්න පුළුවනි.
Coin Analyse (Summary & Detail) - ටිකක් වැඩිපුර සේවකයො ඉන්න (තේ, රබර් වතුයායවල් වගේ) ආයතන වලට තමයි මේක ගොඩක් වටින්නේ.. බැංකුවෙන් සල්ලි ගෙනෙද්දි මොන මොන විදිහටද ගේන්න ඕන කියලා (රුපියලේ ඒවා කීයද, දහයේ කොළ කීයද, දාහෙ කොළ කීයද, පන්දාහේ කොළ කීයද.. ආදී වශයෙන්) ලැයිස්තුවක් දෙන එක තමයි මේකෙන් කරන්නේ..
Payslip එක ඉතිං වටින්නේ සේවකයින්ටනේ..
අනිත් වැඩේ තමයි Staff Loan. ආයතන වල එක එක විදිහේ .(Festival Advance, Distress Loan වගේ..) Staff Loan Types තියෙනවනේ.මේවා පඩියෙන් කැපෙන්න ඕන වගේම හිටපු ගමන් මේ මාසෙ කපන්න එපා කිවුවම නවත්තන්නත් එපාය. Staff Loan වල Status එක දැනගන්න එකත් බොහොම වටිනවා.. කොච්චරක් කැපිලද? තව වාරික කීයක් කැපෙන්න තියෙනවද? වගේ දැනගන්ට කරුණු බොහොමයක් තියෙනවා නේ.. ඊට අමතරව සමහරු බැංකු වලින් ලෝන් අරගෙන ඒවත් පඩියෙන් කපලා බැංකුවට යවන්න කියනවා.. ඉතිං මේ Staff Loan කෙරුවාව System එකක් නැතුව කරනවා කියන්නේ.. ලේසි පාසු වැඩක් නෙවෙයි..
තවත් වැදගත් කරුණු ඉදිරියට..

Thursday, March 28, 2013
අන්තිමේ හිත් දෙකම එකම මතයකට ආවා..!
මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්..
එහෙම කාලෙකුත් තිබුණා නේද?
මට ඇහෙන නෑහෙන ගානට මගේ හිතම මට කෙඳිරුවා..
ඇත්තටම එහෙම කාලයක් තිබුණද?
ඒ ප්‍රශ්නයත් මගේ හිතෙන්මයි.. ඒ වුණාට අර කලිං හිතට වඩා මේ හිතට පොඩ්ඩක් හිතන්න පුළුවං ද කොහෙද..
එහෙම හිතෙන කාලයක් තිබුණා.. ඒකයි ඇත්ත..
ඒත් දැං..
එහෙම හිතෙන්නෙ නෑ..
ඒත් ඇයි ඒ..
ඕවා හිත හිතා ඉන්න කොහෙද අප්පා වෙලාවක්..
අනික ඉතිං මොනවා හිතන්නද.. එයා ඉතිං මගෙ වෙලා ඉවරනෙ..
හික්.. හික්.. මගෙ වෙලා විතරක් නං මදෑ.. මට එපා වෙලත් ඉවරනෙ..
ආයෙත් අර චාරයක් නැති හිත ඉස්සරහට පැන්නා..
එහෙම එපා වෙලා කියන්ටත් බෑ..
උදේ පාන්දර මටත් පැයකට හමාරකට කලිං නැගිටගෙන මේ මනුස්සයා අපේ ඕනෑ එපාකම් හැම එකක්ම හොයලා බලනවනේ..
හ්ම්.. ඒ අතින් නං අඩුවක් නෑ..
එහෙනං මොකක්ද එයාගෙ තියෙන අඩුපාඩුව..?
අන්න ආයෙමත් අර හිතන්න පුළුවං හිතෙන් ප්‍රශ්නයක්..
අඩුපාඩුව..? අඩුවක් නං නෑ.. වැඩියක් මිසක..
හෑ..
මං කිවුවෙ එයාගෙ කට ගැන..
කට කට..!
කට පොඩ්ඩක් අඩු වුණ නම්, මොලෙ පොඩ්ඩක් වැඩි වුණ නම්,
මගෙ ගෑණිගෙ වටිනාකම කියල වැඩක් නෑ..
ඒක තමයි අදට ගැලපෙන සිංදුව..
ඔවු ඒක ඇත්ත..
අන්තිමේ ... හිත් දෙකම එකම මතයකට ආවා..

Thursday, March 21, 2013
මෘදුකාංග (Software) - 2
මෘදුකාංග ගැන කලිං ලිපිය නවත්තපු තැනිං අද පටං ගන්නං..
අපේ රටෙත් බහුතරයක් ව්‍යාපාර කරන උදවිය එයාලගෙ ඔෆිස් වල විවිධ වර්ගයේ මෘදුකාංග පාවිච්චි කරනවා.. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තමයි ලංකාවෙ බහුලව භාවිත වෙන්නේ.. ඉතිං ඒත් එක්ක MSWord, MSExcel, MSPowerPoint කියන Applications නිතරම භාවිත වෙනවා.. එයිනුත් කාර්‍යාල වල වැඩියෙන්ම භාවිත වෙන්නෙ මං ඔය කලිං කියපු Applications වර්ග දෙක. ලියුං කියුං රාජකාරි වලට MSWord සහ දත්ත වලට පොඩි පොඩි සෙල්ලම් දාන්ට.. ඒ කියන්නෙ පොඩි පොඩි Calculations කරගන්ට, වගේම පොඩි පොඩි Reports හදාගන්ට MSExcel යොදාගන්නවා. MSExcel වල තියෙන Functions එහෙම යොදාගෙන සැළකිය යුතු වැඩක් කොරගන්ට පුළුවං. හැබැයි ඉතිං MSExcel වල දාන්ට පුළුවං සෙල්ලං වලත් සීමාවක් තියෙනවනේ.. ඊට වැඩිය වැඩේ බරපතල වෙනකොට අපිට පුළුවං MSOffice එක්කම සම්බන්ධ වෙලා තියෙන Office Applications Developments එහෙම නැත්නං Visual Basic for Applications(VBA) කොටිංම කියනවා නං Macro Programming වලිං තව ටිකක් ඉස්සරහට යන්ට. Calculations වලට වගේම දත්ත ටිකක් අනුසාරයෙන් Reports හදන වැඩේටත් මේ Macro Programming හරි ප්‍රයෝජනවත්. ඒත් ඉතිං මේ වැඩේ කොරන්ට ඒ ගැන දැනුමක් තියෙන Programmer කෙනෙක් ඉන්ට ඕන.
මේ සීමාවත් ඉක්මවලා ගිහාම තමයි අපට ඔය ඒ ඒ විෂයට ගැලපෙන්ට හදාපු Applications Software මුණගැහෙන්නෙ. එතනදීත් ඒවායේ Implementation Method එක අනුව අපි Customization Software, Partially customized Software සහ Standard Software කියලා බෙදාගන්නවා.
Customization Software කියන්නේ.. Client ගේ ප්‍රශ්නය හරි හැටි Analyze කරලා, Client ට අවශ්‍ය විදිහටම Design එක කරලා අලුතින්ම හදන Software .. මෙහෙම එකක් කොරන්ට ලොකු කාලයක් හා ශ්‍රමයක් යන හින්දා ගාන ටිකක් සැරයි.. ලංකාවෙ මෙහෙම Project එකක් සාර්ථක වීමේ ප්‍රවණතාවය ටිකක් අඩුයි.. මොකද හුඟක් අය එක්කෝ මුදල් වියදම් කරන්ට අකැමතියි.. එහෙම මුදල් වියදම් කරන්ට කැමති අය, බලන්නේ Marketing කට්ටියගේ ස්වභාවය මිසක.. System Analyzer ගේ හරි Software Engineer ගේ හැකියාව නෙවෙයි. නමුත් ඉතාම වැදගත් වෙන්නෙත් මෙයයි.. ඉතාම සරල සහ විශ්ලේෂිත Proposal එකක් හරහා Solution එක ගැන එකඟතාවයකට පැමිණීම ඉතා වැදගත්.. මේ සඳහා වැය කළ යුතු කාලය හා ශ්‍රමය Solution එකේ Budget එකත් එක්ක ගැලපෙනවද කියන ප්‍රශ්නය ලංකාවෙ Clients ලත් එක්ක වැඩ කරද්දී අනිවාර්‍යයෙන් එනවා.. Training සහ Implementation වලදීත් හොඳ දක්ෂයෙක් සම්බන්ධ නොවුනොත් ආයෙත් Solution එක Fail වෙන්න ලොකු ඉඩක් තියෙනවා.. ඉතිං අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියලා තමයි කියන්ට වෙන්නේ..
Partially customized Software කියලා කිවුවේ.. මූලික Solution එක Client ගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කරලා දෙන එක.. මේක සාපේක්ෂව මිළ අඩු ක්‍රමයක්.. මොකද මෙතනදී වැඩි දියුණු කරන්නෙ නැතිනම් වෙනස් කරන්නෙ දැනට තියෙන Software එකක්. මෙතැනදීත් Software Engineer ගේ රාජකාරිය වගේම Training සහ Implementation කරන කෙනාගේ රාජකාරියත් ඉතාම වටිනවා..
Standard Software කියන එක ඊට වඩා ටිකක් වෙනස් එහෙත් මිලෙන් අඩු ක්‍රමයක්.. මේක තමයි අද කාලෙට හොඳටම ගැලපෙන්නෙ කියන එකයි මගේ අදහස.. කොයි කාටත් තියෙන අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කරන මේ වගේ Software එකක තියෙන විශේෂ ලක්ෂණය තමයි Client ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කරගන්ට Implement කරන කෙනාට තියෙන ඉඩ කඩ තුළින් මතුවන නම්‍යශීලීත්වය. නම්‍යශීලී මෘදුකාංගයකින් අප මුලින්ම කතා කළ Customization Software එකකින් ගත හැකි ප්‍රයෝජනය ඊට වඩා කිහිප ගුණයකින් අඩු මුදලකට ලබා ගත හැකියි.. මෙතැනදී ඉතාම වැදගත් වෙන්නේ Training සහ Implementation කරන කෙනාගේ රාජකාරියයි.
ඉහත ක්‍රම වලින් කවරක් යටතේ ගනුදෙනු ව සිදු වුණත්, Client ගේ පැත්තෙන් Software Provider ට ලබාදෙන සහයෝගයත් ඉතා වැදගත්. විශේෂයෙන් දෙපිරිස අතර සුහදතාවය පැවතීම සඳහා තම යුතුකම් හා වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම දෙපාර්ශවයේම වගකීමක්..
ප.ලි.
අපේ ආයතනයත් ඉතිං දැං අවුරුදු 3ක විතර ඉඳං ඔය Applications Software Solutions Provider කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නෙ.. මට කරන උදවුවක් විදිහට ඔයාලා දන්න කියන ආයතනයකට Payroll එකක්, Stock Control Software එකක් වගේ මොකක්ම හරි Software Solution එකක් අවශ්‍ය නම්.. පොඩියක් මට ඔත්තුව දෙන්ට.. අපි ඉතිං Perfect එකට ම Software Solution එක දෙනවා.. ආයේ ඒකෙ දෙකක් නෑ..හොඳේ..

Tuesday, March 19, 2013
Wife solves everything!බිරිඳ සියළු පැන විසඳයි!
මිතුරෙකු සිටී මට හරි ....................සිරියාවන්ත
ගැටළුය ඔහුට නිතරම සැමටම ................අන්ත

එනමුත් සිනාසී විලසින් ...................ගුණවන්ත
හැමවිට හිඳී වීලා .........................ඉවසිලිවන්ත
කුකුසට මගේ පිළිතුරු ඔහු ............ගලපන්නා
පිංතූරයක් සැණෙකින් එළියට ............එන්නා
මේ මගෙ බිරිඳ යැයි හිනැහී ............පවසන්නා
මෙය බැලු සැනින් කරදර අමතක .......වන්නා
බැඳලා වසර දහයක් පහළොවක් .............වන
දෙදෙනගෙ පුදුම පෙම.. සතුටකි සිතට .....එන
තව තව විමසුවෙමි ඒ කෙම් ක්‍රමය .........ගැන
පුදුමෙකි ලැබුණු පිළිතුර මිත සිනහ .........යන
රූපය බලා බිරිඳව මම මතක් .................කර
සුන්දර වදන් ඇගෙ මහදට ඇතුළු ...........කර
පාළොස් වසක් විඳි දුක් කඳ මෙනෙහි .....කර
මේවත් කරදරද සිතමින් ගනිමි ..............වැර..!

Tuesday, March 12, 2013
බැරිදා විග්‍රහය! දිනෙන් දින ඉහල යන ජීවන වියදම
ගානක් හදන්ට තේරෙන කාලෙ ඉඳං නියතව සිද්ධ වුණු එකම දේ තමයි.. බඩු මිළ ජීවන වියදම ඉහලට ගිය එක.. ඒක එහෙම වුණේ අපේ රටේ පාලකයින්ගේ වරදින් විතරක්ය කියලා කවුරු හරි කියනවා නං ඒක පට්ටපල් බොරුවක්.. අද තරංම නොවුනත් රටට ආදරයක් තියෙන මහත්-හොරු අපේ රට සුද්දගෙන් පස්සෙ පාලනය කළා කියන එක කවුරුත් පිළිගන්නවා ඇතිනේ..
මං මගෙ ජීවිතේ පුරා දුකක් කියලා දැනෙන්ට දෙයක් විඳලා නැති වුණාට.. කටු මැටි ගෙවල් වල, ලෑලි ගහපු ගෙවල් වල, ටයිල් කරපු ගෙවල් වල, සිමෙන්ති දාපු ගෙවල් වල, කපරාරු නොකරපු ගෙවල් වල, තමන්ගෙ ගෙවල් වල, අනුන්ගේ ගෙවල් වල, ඇඳන් වල වගේම බිමත් බොහොම සන්තෝසෙන් නිදාගෙන තියෙන කෙනෙක් විදිහට මං දන්නවා.. ජීවත් වෙන එක අමාරුයි.. කවුරු කොහොම කිවුවත් ඒක අමාරුයි.. ඒත් මං අහලා තියෙන විදිහට ජීවත් වෙන එක අමාරුයි කියලා දිවි නහගන්න අයට නිරයට ගිහිං ගෙවන්ට වෙන්නේ මීට වඩා දහස් ගුණයක් අමාරු ජීවිත.. අපේ ජීවිත වලට සහනයෙන් ජීවත් වෙන්ට බැරි වෙන්ට ලොකුම හේතුවක් විදිහට මට පේන්නෙ මේ තාක්ෂණික දියුණුව කියන සංකල්පය කියලා මට හිතෙනවා.. දැං බලන්ටකෝ අපේ අත්තලා, මුත්තලා.. හේනකට, කුඹුරකට බැහැලා.. ගොවිතැනක් බතක් කොරගෙන අපූරුවට ජීවත් වුණා.. උන්දැලාට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙත් නෑ ලු නෙව.. ලොකු ලෙඩක් හැදුණොත් ඉතිං සෙත්ත පෝච්චි වෙලා යනවා ඇති වැඩිය දුක් විඳින්නේ නැතුව.. ඒත් මං හිතන්නේ නං... ඒ කාලෙත් අපේ කාලේ විදිහට නොවුනට ඔය ජීවන අර්බුදය තියෙන්ට ඇති..
එක අතකට තාක්ෂණයයි, අධි වේගයයි එක්ක සංකීර්ණ වෙච්ච මේ අලුත් ලෝකයෙ දුක ඒ කාලෙ තිබුණ දුකට වඩා අඩුත් ඇති.. අපට මතකයි අපි පොඩි කාලේ තිබුණු සුන්දරත්වය.. අපේ අප්පච්චිලා ඒ කාලෙ කියන්නෙ .. අපි වින්ද නිදහසින් අබ මල් රේණුවක තරම් මුන්ට තියෙනවයෑ.. කියලයි.. දැං අපි කියන්නෙත් ඒ ටික ම නේ.. නළුවො ටිකයි, ආම්පන්න ටිකකුයි වෙනස් වෙලා වුණාට චිත්‍රපටිය වෙනස් වෙලා නෑ.. මං කියන්නෙ බොරුද?
ආයෙ මාතෘකාවට ආවොත්.. ජීවන වියදම ඉහල යනවා තමයි.. මේ නාස්තිය පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්නම්.. අපට බැරි වෙයි ද.. මීට වැඩිය පොඩ්ඩක් වේගෙන්.. නැතිනම් පොඩ්ඩක් ජවයක් ඇතුව අපේ ගමන යන්ට..
ඔයාලා දන්නවනේ අපේ මෘදුකාංග ව්‍යාපාරයක් තියෙනවා කියලා.. ඉතිං ඒකෙදි ලැබුණු අත්දැකීමක් මං කියන්නං.. අපි වැඩ කරන කාලයෙන් 30% කට වඩා යන්නෙ.. අපේ ඇතැම් Customers ලා අපට කරන හොර බොරු ටික Handle කරන්න.. මේ මිනිස්සු මීට වඩා අවංක වුණා නම්.. අපේ කාලය කොච්චර ඉතුරු වෙයි ද? ඒ කාලය මීට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදන්න තිබුණනේ..
මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්.. ආයෙ ඒකෙ දෙකක් නෑ.. ඒත් ඒ ගැන කතා කරලා වැඩක් වෙයිද? ලයිට් බිල් වැඩි වෙයි, පෙට්‍රල් වැඩි වෙයි, ඩීසල් මිළ වැඩි වෙයි, එලවළු මිළ වැඩි වෙයි, අනෙක් ආහාර පාන මිළ වැඩි වෙයි..අපව තමයි මේකෙන් පෑගෙන්නෙ.. ඇත්ත..! ඒත් එහෙම පෑගෙන්නෙ නැතුව.. නැගිටින්න ක්‍රමයක් හොයා ගන්න ඕනත් අපිම නෙවෙයිද? කාවවත් රවට්ටලා, කාටවත් පාඩුවක් කරලා නෙවෙයි.. තම තමන් ගේ ජීවන රටාව ධාර්මික කරගත්තොත් මට විශ්වාසයි අපේ රටේ නාස්තිය 40% විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා..
මං එෆ්. බී එකේ දැක්කා.. බුදු දහම වෙනුවෙන් පණ දෙන්ට ඉන්න සිංහල බෞද්ධයා.. ඒ වෙනුවෙන් නොකරන එකම දේ.. ශ්‍රී සද්ධර්මය පිළිපැදීම විතරයි කියලා.. මේක 80%කට වත් සත්‍යයි කියලා මං හිතනවා..
ජීවන වියදම අඩු කරන්ට තව ක්‍රම තියෙනවා.. ඒත් මං හිතන්නේ මේක ගැන හැමෝම හිතන්ට වටිනවා කියලා..

Tuesday, March 5, 2013
මේ කට මගේ නෙවෙයි..
වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..
අද වැඩට ගියේ නැද්ද?
ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..
නෑ වැඩට තමයි ගියේ..
සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..
බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. !
එය තරවටු ස්වරයකි..
හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ද සහිතවය..
"එහෙනම් පවුල් ජීවිතේට වැදගත් උපදෙස් ටිකක් දෙන්ට ඇති..ඒකයි මේ සන්සුන් කම.." නන්දාට දැනුණේ සහනයකි..
ඉතිං මොනවද කිවුවේ..?
ඇයට ඉවසුම් නැත..
අපේ ජීවිත වල තියෙන නිස්සාර කම තමයි.. අපි මේ පංචස්කන්ධයක් කර ගහගෙන දුවන ගමන් කරන මෝඩ වැඩ ගැන තමයි..
ඒ කිවුවෙ..?
අපි රූප දකිනවා.. ඒ රූප වලට ඇලෙනවා.. නැතිනම් ඒවත් එක්ක ගැටෙනවා.. ඒත් රූප දකින ඇහැ අපේ නෙවෙයි..එහෙනම් ඒ ඇහින් දකින රූප එක්ක අපි මොකට ගැටෙනවද? මොකට ඇලෙනවද?
මේ මොන මගුලක්ද අප්පා මේ මිනිහා කියන්නේ..! මට අංගොඩ එක්ක යන්න වෙයි වගේ.. රතුකට්ට පැන්න නන්දාගේ මුවින් එවැන්නක් පිටවීම ගැන කිසිදු කලබලයක් සිරිමෙවන්ගේ මුහුණින් දිස් නොවිනි..
අපිට සද්ද ඇහෙනවා.. ඒ සද්ද එක්ක අපි ඇලෙනවා.. ගැටෙනවා.. ඒත් මේ සද්ද ඇහෙන කණ අපේ නෙවෙයි.. අපේ නොවන කණකින් ඇහෙන සද්ද එක්ක අපි මොකට ගැටෙනවද?
නන්දාගේ වදන් වලින් හිත පාරවා නොගන්නටත් එක්ක ඔහු මෙනෙහි කරමින්ම තෙපලේය..
තමුසෙ එහෙනම් මහණ වෙනවා.. තමුසෙ වගේ පිම්පියෙක් එක්ක එන්ට එපා කියලා අම්මලා කියද්දි මම ආවේ.. තමුසෙගෙ බොරු වලට රැවටිලා.. මාව නුවර එක්ක යන්නම් කිවුවා.. නුවර එළියෙ එක්කයන්නම් කිවුවා.. අවුරුද්දට සැරයක් ට්‍රිප් එකක් යමු කිවුවා.. ළමයි හදමු කිවුවා.. කෝ එකක්වත් කළාද?
ඇය තම සිතේ මෙතුවක් තෙරපී තිබූ ආවේගය දෝරේ ගලා යන්නට දී මුව විවර කරද්දී කඳුළක් දෙකොපුල් දිගේ ඇදුණි..
අපේ කටින් එක එක වචන පිටවෙනවා.. ඒත් මේ කට අපේ නෙවෙයි.. ඒ පිටවෙන වචනත් එක්ක අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද?
එසේ කිවූ සිරිමෙවන් තමාට නන්දාගෙන් ගැලවීමක් තිබේදැයි හරිහැටි නොදැනම.. එහෙත් සන්සුන් ඉරියවුවෙන්ම තමන් ගේ කාමරයට ගියේ ඇඳුම් අහවර කර උදයේ ඉගෙන ගත් භාවනාව පුරුදු කළ යුතුයැයි සිතමිනි..
ඇයි තුන්දොර සංවර කරගන්න ඕනි කියලා දන්නෙ නැද්ද..?
නන්දා කෑ ගැසුවත්.. එය සිරිමෙවන්ට ඇසුනේ නැත.

Wednesday, February 20, 2013
සිතින් දුරලමු කෙළෙස් මහමෙර!
හමුවීම් වෙන්වීම් --------------අතරේ
ජීවිතය ගමනක්ය -------------සසරේ
නෑ ඉඩක් ඒ අතර --------------පතරේ
වෙන් නොවන බැඳුමකට ------මිතුරේ
ඔබ මගේ යැයි මා ඔබේ ---------යැයි
බැඳෙමු සිතමින් අප අපේ -------යැයි
ලෝකයම මිරිඟුවක් වේ ---------යැයි
නොසිතුවෙමු අප, අප නොවේ ---යැයි
පැතුම් මල් මත මියෙන්නට -----පෙර
නෙතින් ගිණිදැල් නැඟෙන්නට -පෙර
ගතින් සවි බල මිදෙන්නට ------පෙර
සිතින් දුරලමු කෙළෙස් මහ-----මෙර
ප.ලි
ශාන්ත කුමාර විතාන හෙවත් ශකුවි කියන්නේ රටේ බොහෝ දෙනෙක් දන්න නිදහස් කවියෙක්.. එතුමාගේ නිර්මාණ වල තියෙන වැදගත්ම ලකුණ තමයි.. නිර්ව්‍යාජ බව හා හැඟීම් බර බව.. මං එතුමගෙ කවියක් දුටුවොත් කියවන්ට දෙපාරක් හිතන්නෙ නෑ...
හමුවීම් වෙන්වීම් අතරේ
ජීවිතය ගමනක්ය සසරේ
ඔබෙන් හිමිවන සතුට හෝ දුක
මිහිරිමයි මට මිහිරිමයි...
මේ එතුමා ගැන සිහිවෙද්දි මගේ මතකයට එන පළමු හා එකම කවිය.. මේක මට මතක විදිහට කාලෙකට ඉස්සර ලංකාදීපයේ තමයි තිබුණේ..
එදායින් පස්සෙ තමයි මම එතුමාගෙ කවියක් මුණගැහුනොත් දෙපාරක් හිතන්නෙ නැතිව කියවන්නෙ.. මේ පදවැල මගේ හිතට කොයිතරම් සමීප වුණාද කිවුවොත්.. මට මතක තියෙන (ගීතයක් නොවන) එකම නිසඳැසත් මේකයි.. මං ඒ ගැන මීට කලිං තැන් දෙක තුනක කිවුවා මතකයි..
අද අපේ ඔපීසියෙ විදුලි බලයට ඇණයක් හිටලා.. දවසම වැඩක් කරගන්ට බැරුව තමයි හිටියේ.. හවස 4 විතර වෙනකම් පොතක් කියව කියවා හිටියත්.. ඒ පොතත් කියවලා ඉවර වුණු නිසා කොරන්න දෙයක් නැති කමට කවියක්වත් ලියන්ට ඕන කියලා පෑනකුයි පොතකුයි අතට ගත්තා.. මතක් වුණේ මේ කවිය.. මට හිතුණා.. මේ කවියේ මුල් පද දෙක මූලික කරගෙන කවි පංතියක් ලියන්ට.. ඔය උඩිං තියෙන්නේ ඒ කවිපෙළ. බලන්ටකෝ වෙච්ච වැඩේ.. ලියලා ඉවර වෙද්දි... මුල් කවියේ තිබුණු අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි මගේ නිර්මාණයේ තියෙන්නේ.. මේක නිර්මාණ මංකොල්ලයක් විදිහට කවුරු හරි දකියි ද දන්නෙ නෑ.. අනේ මන්දා..?

Monday, February 18, 2013
මගේ ගල් හිත
ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා..
ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා..
ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..
මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ආදරය අවුරුදු 10කටත් වඩා වයසයි.. සුරනිත් මට හදවතින්ම ආදරය කළා.. අපේ පවුල් වලින් පවා මේ ගැන දැනගෙන හිටියා.. මේ ඔක්කොම ඇත්ත..
ඒත්..
මං ආදරයේ බැඳුණේ.. ආදරය ගැන තේරෙන කාලෙක නෙවෙයි.. මං හිතුවේ කොල්ලෙක් උනහම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා විතරයි.. මගේ යාළුවෝ හුඟකට කෙල්ලෝ හිටපු නිසා මට එහෙම හිතෙන්ට ඇති.. ඒ කෙල්ල ලස්සන වෙන තරමට, අහිංසක වෙන තරමට මට හරි ආඩම්බරයි කියලා මං හිතුවා..
ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් ගියත් මම මගේ සුරනිව අමතක කළේ නෑ..එයත් කවදාවත් මාව අමතක කළේ නෑ.. ඊට පස්සෙ රස්සාවට ගියත් ඉතිං මට සුරනිගෙන් තොර ආදරයක් නං තිබුණේ නෑ..
==============================================
අපේ ගෙවල් වලිනුත් අනුමැතිය ගත්ත හින්දා පළමු වතාවට කැළණියේ පන්සල වඳින්නට යන්නට ඕනෑ කියලා මට හිතුණා.. කවදත් ආගම දහමට ලැදි සුරනි ඊට එක හෙලා කැමති වුණ හින්දා, පොහොයක් නොවන ඉරිදා දිනෙක අපි පන්සලට ගියේ හරි සැහැල්ලුවෙන්.. තෙරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා අපි එහෙට මෙහෙට ඇවිද්දේ කැළණි පුදබිම ටිකක් බලා කියා ගන්ට. වැලි මළුවේ එක පැත්තක දසසිල් මාතාවක් තවත් උපාසිකාවන් කීප දෙනෙක් එක්ක බර කතාවක්.. ධර්මය ගැන කෙරුණු ඒ කතා බහට අපිත් කැමති වුණු හින්දා ටිකක් වෙලා එතන ඉමු කියලා අපිත් වැල්ලේම ඉඳගත්තා....
අපේ හැම තීරණයක්ම ඇලීම් වලින් හා ගැටීම් වලින් තොර වෙනවා නම්.. ජීවිතය හරිම පහසුයි. අපේ ජීවිතය මේ තරම් අසීරු වෙලා තියෙන්නෙ.. අපි එක්කො දකින දකින දේට ඇලෙනවා.. නැත්නම් ඒත් එක්ක ගැටෙනවා..
මීට කලිං මේ කතාව කොහෙදිවත් මේ තරං පැහැදිලිව මං අහලා තිබුණේ නෑ.. සිල් මාතාව ඊට පස්සෙ කිවුවෙ මොනවද කියලා මට මතක නෑ.. ඒත් මගේ හිත නං අනෙක් වැඩ අමතක කරලා හිතන්න ගත්තා..
ඇලීම් හා ගැටීම් අපේ ජීවිත දුෂ්කර කරන බව මට තේරුණා.. මං ඊට පස්සෙ වෙනස් උනා.. වැඩිපුර පොත් පත් කියෙවුවා.. සුරනිත් මගෙත් එක්ක මේ දේවල් වලට ළඟින්ම හිටියා..
සුරනි.. මේ ආදරය කියන්නෙත් ඇලීමක්ම නේද? මං ඔයාගෙ ඇස් දෙකට, හිනාවට, ලස්සනට ඇලිලා.. ඒත් මේ ඇලීම අවසානයේ දී ගේන්නෙ දුකක්ම නේද?
ඔයා මොනවද මේ කියන්නෙ..? සුරනි වැඩිපුරම කලබල වෙලා ඉන්නවා මම දැක්කෙ එදායි.. ඒත් එයත් ටිකෙන් ටික සත්‍යය තේරුම් ගත්තා..
අපි මහණ වෙමු ද? සුරනිම දවසක් මගෙන් ඇහුවා..
අවස්ථාව එනකං ඉමු.. මේක වෙලාව නෙවෙයි.. මං එහෙම කිවුවේ.. අපි දෙන්නම මහණ උනා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.. ගැටුමක් ඇති කරන්න ඉඩ තිබුණ හන්දා.. මං මහණ වෙන්න හොඳ තැනක් හෙවුවා.. මට ඕන වුණේ මහණ වෙලා බවුන් වඩන්න.. ගමේ පන්සලේ මහණ වෙලා ඒක කරන්න බෑ නෙව..
අපේ සම්බන්දෙ නැවතිලා කියලා ටික ටික හැමෝම දැනගත්තා.. මම ඒක නැවැත්තුවා කියලයි හැමෝම හිතුවේ.. මොකද සුරනි ගෙදරම හිටපු කෙනා.. මම රස්සාවට යනවනේ.. ඉතිං මගේ මොකක් හරි වෙන පටලැවිල්ලක් කියලා කට්ටිය හිතන්න ඇති..
හැන්දෑවක සුරනි මාව මුණගැහුනා.. මට දණගහලා වැන්දා.. ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණත් ඇඬුවේ නෑ.. සමීර අයියේ.. මම අපේ ගෙදර එකම දරුවා.. දන්නවනේ අම්මලාගෙ බලාපොරොත්තු.. මට ඒවා ඔක්කොම බිඳින්න වෙනවා.. ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි.. මං වෙනුවෙන්..! එහෙම කියපු සුරනි ඉක්මණින් එතැනින් ගියා..
සුරනි විතරක් නෙවෙයි මාත් දැං අපේ පවුලෙ එකම දරුවා.. අයියා හමුදාවට ගිහිං නැති වුණාට පස්සෙ.. මං තමයි අපේ ගෙදර එකම දරුවා... එයාලත් මං ගැන තියපු බලාපොරොත්තු නම් අහසටත් උඩිං.. දිගු සුසුමක් පිට කරනවා ඇරෙන්ට මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..
පහුවදා ආරංචි වුණා සුරනි ගෙදරින් ගිහිං කියලා.. මං දන්නවා සුරනි ජීවිතයට කරදරයක් කරගන්නේ නෑ කියලා.. තෙරුවන්ගේ සත්‍ය බලයෙන් සුරනිව ආරක්ෂා කරන්ට කියලා මං පැතුවා..
පුදුමයක් නෑ.. සුරනි ගිහිං තියෙන්නෙ ආරාමෙකට.. මට ඒක ආරංචි වුණ මොහොතේ මං හිතුවා.. එයා මහණ වෙනකං මම එහෙ නොයා ඉන්නවා කියලා.. නැත්නම් එයාට මාව බාධාවක් වෙන්න පුළුවන්..

මගෙ හිත ඇත්තටම ගල් හිතක් ද? සිද්ධ වෙන දේත් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව.. අවබෝධයෙන් දැකීම හිත ගල් කර ගැනීමක්ද? වෙන මිනිස්සු අඬන හැපෙන දේට.. ඇඬීමේ තේරුමක් නෑ කියලා වටහාගෙන නාඬා ඉන්න එක අමනුස්ස කමක් ද? පුදුමයි..!
මගේ ගල් හිතෙන් ප්‍රයෝජනයක් ගන්න දැං නම් වෙලාව ඇවිත් වගේ..
ආයෙමත් සුසුමක් හෙළමින් මං අන්තිම වතුර එක ඔළුවට දාගත්තා..

Tuesday, February 5, 2013
ගමේ අලුත් කඩේ..!
සොපි අක්කා ගමේ කා එක්කත් හිතවත් ගමේ ගැහැණියකි.. ගම් තුලානේ පාං කඩ, සිල්ලර කඩ, තොග කඩ වගේ කඩ තිබුණත්.. හවහට ආප්පයක් කාලා තේ ඩිංගක් බොන්ට හරි හමං කඩයක් නැති බව ගමේ කාටත් වගේම සොපි අක්කාටත් දැනුණි.. සොපි අක්කා දන්න අඳුරන කීප දෙනෙක්වත් එක්කාසු කොරාන.. වැඩේට බැස්සේ ලාභය ගැන හිතලා නොවේ.. ගමේ කොලු කුරුට්ටන්ට සිදාදියට යන්නෙ නැතුව හවහට එක්කහු වෙන්ට තැනක් තිබුණොත් වෙන්ට යන නස්පැත්ති බොහොමයක් වළක්කගන්ට ඇහැක් වෙයි කියලා හිතාගෙනය..
හැලප, ආප්ප, වඩේ, මුංගුලි, අලුවා වගේ රස කැවිලි පිරුණු සොපි අක්කගෙ කඩේ වටේ සෙනඟ පිරෙන්ට වැඩි කළක් ගියේ නැත.. එතරම් ලාභයක් නැතත්.. අල්ලාප සල්ලාපයෙන් විනෝදයෙන් ගලාගෙන යන මේ කඩ පොඩ්ඩට පියසේන මහත්තයාත් ඉඳහිට ගොඩ වී තේකක් බීලා ගියේය.. රතු අක්කාගේ පුතු සෝමේ සොපි අක්කාගේ ආප්ප තළු මර මර කයි.. මේක දැන් ගමේ සමාජයක් වගේය..
මේ විදිහෙ තේ කඩයක් දාන එකනම් නියම වැඩක් කියලා හිතපු රතු අක්කා තමාත් තේ කඩයක් දාන්ට යන බව සෝමෙට කීවේ.. ඔහුගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි.. ඔහු කීවේ දැන්ම අම්මා කඩයක් දාන එක සුදුසු නැති බවයි.. එහෙත් සෝමේ.. හෙමීට කඩේ ඉන්න එකා දෙන්නා එක්ක සොපි අක්කගෙ අඩුපාඩු කතා කළේ පොටක් පාදා ගන්ට හිතාගෙනය..
මේ ගෑනි තේ හදන ගමන් රෙද්දෙ අත පිහිනවා.. කිසි පිරිසිදු කමක් නෑ..
බලපල්ලකො අලුත ගෙනා බොයිලේරුව.. අපේ සල්ලි තමයි මේ..
ඉස්සර නම් මල්ලියේ කියලා එනකොට අඬගහලා ගන්නෙ.. දැන්.. සත පහකට මායිං කරන්නෙ නෑ...
ඔය විදිහට අවලාද එකින් එක එකතු වෙද්දී.. සොපි අක්කාගෙත් හිත ටික ටික පෑරුණි.. ඇයි බං උඹලට දැං මගෙ වැරදිමද පේන්නෙ..? මෙතන හරි නැත්තං ටවුමට ගිහිං තේ බීපං මොකෝ අපි බලෙං උඹලට එන්න කිවුවය..? සොපි අක්කා කට වරද්ද ගත්තාය..
අම්මෙ.. දැං තමයි වෙලාව.. කඩේ දාමු.. සෝමෙ යෝජනා කළේ තමාගේ කූඨ බුද්ධිය ගැන ආඩම්බරයෙනි..
රතු අක්කගෙ කඩේ සොපි අක්කගෙ කඩේ ට වඩා ඒ හැටි වෙනසක් තිබුණේ නැත.. වෙනසකට තිබුණේ.. ප්‍රයිඩ් රයිස්, කොත්තු වගේ දේවල් ද එකතු වී තිබීමය..
ගමේ පිළිගත් අය වූ.. පියසේන මහත්තයාත් සුනිල් මහත්තයාත් තව කීප දෙනෙකුත් රතු අක්කගෙ ප්‍රයිඩ් රයිස් කඩේට ගියේ නැත.. ඒත් සොපි අක්කගෙ කඩේට ආපු කොටසකුත්.. තවත් ප්‍රයිඩ් රයිස් කන්ට ආසා කොටසකුත් නිසා රතු අක්කාගේ කඩේ ද සරු විය.. සමහරු මේ කඩ දෙකටම එක වගේ ගොස් දෙගොල්ලන්ගෙම හොඳ හිත තියා ගත්තෝය..
හිටපු ගමං සුනිල් මහත්තයා ද තමන්ගේ කට්ටියක් ද එක්කහු කරගෙන තේ කඩයක් දැම්මේය.. මෙය නං බැලූ බැල්මට සොපි අක්කාගේ කඩේ වගේමය.. වෙනසකට තිබුණේ වැඩ කරන්ට හිටපු කට්ටිය සොපි අක්කගේ කට්ටියට වඩා ටිකක් උනන්දු ගතියක් පෙන්වීම පමණි.. පියසේන මහත්තයා කිවුවේ.. මේක සම්පූර්ණයෙන් වැරදි වැඩක් කියලාය.. අපි නම් කරන්නෙ මේ කඩේ තවත් හොඳට කරන්න උදවු කරන එක මිසක්ක.. තවත් ඒ ජාතියම කඩයක් දාන එක නෙවේය කියලා ඔහු කීවේය.. ඒත් සුනිල් මහත්තයා කිවුවේ.. මං පිටගං කාරයා.. ගමේ දිත් මං කළේ තේ කඩයක්.. ඉතිං මට හිතුණා තේ කඩයක් කරන්න කියලාය..
ඔන්න ඔය විදිහට දැං තේ කඩ දෙකයි.. ප්‍රයිඩ් රයිස් කඩයයි නැගලා යයි..ඔය අතරේ.. සොපි අක්කගෙ කඩේටයි.. සුනිල් මහත්තයගෙ කඩේටයි හොරු පනියි.. හොරු අල්ලන්න රතු අක්කා ද උදවු කිරීම නිසා මෙයාලා අතර තිබුණු හිත් නොහොඳකම ටිකක් අඩු වෙයි..
මේ අතරෙ තමයි පියසේන මහත්තයා පොඩි උස්සවයක් සංවිධානය කොරන්නෙ.. එයා ඒක සංවිධානය කොරන්නෙ සොපි අක්කලත් එක්ක.. වැඩේ ලස්සනට යන අතර සොපි අක්කත්.. පියසේන මහත්තයත් අතර උත්සවය සංවිධානය කිරීමේ දී සුළු සුළු ගැටළු ඇති වෙයි..
මං මොකට ද එක එකාගෙ කඩ ගානෙ රිංගන්නේ.. මාත් දාගන්නවා හොඳ තේ කඩයක්.. එහෙම හිතපු පියසේන මහත්තයා සොපි අක්කගේ කඩය වගේම තවත් කඩයක් දායි.. මේ කඩේට එන්නෙත් අර කඩ තුනට යන එන අයම තමයි.. ඒත් මේක දැං ගමේ අලුත් කඩේ ය.
තව තවත් තේ කඩ බිහිවනු ඇත.. ඒ නිසා ගමේ ගැටවු දැං සිදාදි යන්නේ නැත.. ගංජා ගහන්නේ කුඩු ගහන්නේ නැත.. ඒ ලබා දුන් ආරම්භයටවත්.. සොපි අක්කාට අපේ ප්‍රණාමය හිමි විය යුතු නොවේද?

Wednesday, January 30, 2013
ලංකාවේ තියෙන්නේ ජාතිවාදය ද?
අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම මෙත පතුරවන්ට කියාය.. ඉතිං කියන එක අහපු අපි කොයිකාටත් සම මෙත පැතිරවූයෙමු.. එම සම මෙතෙහි ආනුභාවයෙන් අපට අපගේ බොහෝ බෞද්ධ උරුමයන් අහිමි වුණු බැවු සැබෑවකි.. එහෙත් එයින් මහා ලොකු පාඩුවක් සිදු වුණේ ද නැත.. නාමික බෞද්ධයින් ගණන අඩු වන්නට ඇත.. එහෙත් වත්මනෙහි ඇති ආගමික පිබිදීමත් සමඟ බුද්ධියෙන් ආගම සමඟ ගනුදෙනු කරන බෞද්ධයින් ගණන වැඩි ඇතැයි මට සිතේ..
පසුගිය දශක තුනකට අධික කාලය තුළ පබාකරන් ගේ පිරිවර සමඟ තිබුණු යුද්ධය ඇසුරු කරගෙන රටක්, ශ්‍රීලාංකීය ජාතියක් වශයෙන් අප බෙහෙවින් පසු පසට ගියෙමු. එම කුරිරු ත්‍රස්තවාදී සංවිධානය අවියෙන්ම මර්ධනය කොට අප ජයක් ලැබුවා යැයි උදම් වීමු.. එක අතකට එසේ උදම් වීමේ සාධාරණයක් තිබේ.. එහෙත් එයද මිරිඟුවේ තවත් ස්වරූපයක් බැවු අවබෝධ කරගන්නට තරම් ශක්තියක් අපට තිබුණේ නැත..
කැමැත්තෙන් මෙන්ම අකැමැත්තෙන් අපේ රටේ ශ්‍රම බලකායෙන් සැළකිය යුතු පිරිසක් අපට අහිමිව ගොස් තිබුණ ද.. ඉතිරිව සිටි ශ්‍රම බලකායට ද කරන්නට ඒ තරම් වැඩක් නොතිබූ බව පශ්චාත් යුධ වාතාවරණය සැලකීමේ දී පෙනේ.. දේශපාලකයින් වඩාත් නිර්භීතව ජනතා දේපල මංකොල්ලයෙහි, ජනතා ස්වාධිපත්‍යය මංකොල්ලයෙහි, මාධ්‍යය නිදහස මංකොල්ලයෙහි හා ජනතාව ගොනාට ඇන්දවීමෙහි නිරත වීම.. කොටි ත්‍රස්තවාදය තරම්ම ම්ලේඡ්ඡ බව මගේ අදහසයි... වෙනසකට තිබුණේ.. කට පියාගෙන හිටියොත් පණ බේරගන්ට වැඩි අවස්ථාවක් හිමි වීම පමණි..
මේ කාලය ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් මෙන්ම සිංහල ජාතිය වශයෙන් ද වත්මනෙහි ඉහත කී දේශපාලන ම්ලේඡ්ච කමට අමතරව අප මුහුණ දෙන බරපතලම ගැටළුව යළිත් හිස ඔසවන ජාතිවාදී අරගලයන්ය.. හාමුදුරුවෝ සිතන්නේ හෙළ බොදු සංස්කෘතියට අයත් පුරා වස්තු රැක ගැනීමට පෙරමුණ ගත යුත්තේ හාමුදුරුවන්ය කියලාය.. එහෙත් මට නම් හිතෙන්නේ එය කළ යුත්තේ ආණ්ඩුව විසින් බවයි.. විශේෂයෙන් හෙළ උරුමය පාර්ශවකරුවෙකු වන ආණ්ඩුවකින් එවැන්නක් බලාපොරොත්තු වීමේ අයිතියක් අපට තිබේ.. එහෙත් ආණ්ඩුව එම බලාපොරොත්තුව අමු අමුවේ විනාශ කර දමයි.. ආණ්ඩුවට බැරි නම්.. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ සිංහල ගිහියන්ය.. හාමුදුරුවෝ එළියට බැහැලා සටන් පාඨ කියන එක අපේ බෞද්ධ කමට තරම් නොවේ.. අනෙක් අතට අප කළ යුත්තේ වෛරී නොවන දැනුවත් කිරීම්ය.. සිංහල ජාතියට, බෞද්ධ ආගමට බරපතල ගැටළුවක් රට තුළ තිබේ... එහෙත් පැතිර යන්නේ වෛරයයි, ද්වේශයයි, ක්‍රෝධයයි.. බෞද්ධ ඉගැන්වීම් ගැන යම් අවබෝධයක් ඇති.. එහෙත් මුසල්මානුවන්ගෙන් සිංහල - බෞද්ධ උරුමයන්ට ඇති තර්ජනය ගැන හරි අවබෝධයක් නැති උදවිය සිතන්නේ හෙළ - බොදුවන් ජාති වාදීන් කියාය..
මුසල්මානුවෙකු වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න අප තවමත් කාරුණිකය.. මෛත්‍රී සහගතය.. මුස්ලිම් ගැබිණි මාතාවකට බසයක ආසනයක් පිරි නැමීමට තරම් අප කාරුණිකය.. එහෙත් අප ජාතිය හා ආගම ගිලගන්නට හදද්දීත් නිහඬව බලා හිඳීම තුළින් උපේක්ෂාව වැඩීම අපේ මතු පරපුරට කරන අසාධාරණයක් නොවන්නේද?
සංඝ පීතෘ වරුණි .. බුදුන් දෙසූ දහමින්ම අප පෝෂණය කරන සේක්වා..
සිංහල බෞද්ධ උපාසක - උපාසිකාවනි... බොදු උරුමයන් නොවැනසෙන්නට ගතහැකි පියවරයන් ගනිමින්ද, අරි අටැඟි මඟෙහි සරමින් තමාගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් ද සිංහල බෞද්ධයා මේ යැයි ලොවට උදාරම්ව පවසන්නට හැකි අයුරින් වෙසෙත්වා..
සියළු අබෞද්ධ ලක්වැසියනි - තම තමාගේ ආගම් වල ඇති හොඳ නරක හඳුනාගෙන අනෙකාට කරදරයක් නොවන සේ වෙසෙන්නට උත්සාහ ගනිත්වා..
ප.ලි.
මම බෞද්ධ පුදබිම් ආක්‍රමණය, ලංකාවටම හලාල් භාණ්ඩ කැවීමට උත්සාහ කිරීම, කිලෝමීටර් ගානක් ඈතට ඇහෙන ලෙස ආගමික ප්‍රලාප මහ හඬින් කියා බලෙන් අපට ඇස්සවීම ආදී අපගේ මූලික නිදහස නැතිකරවන සුළු දෑට විරුද්ධ නිසා ෆේස් බුක් තුළ හා ඉන් පිටත ඒවාට විරුද්ධව සටන් වදින අයගේ දැන්වීම් ශෙයාර් කළෙමි.. මා සිටින්නේ ද ඔවුන් දරණ මතයේම යැයි එයින් අදහස් වන්නේ නැත..
Tuesday, January 29, 2013
කන්දට හඳ ලඟයි..?
කඳු මුදුනට දිවුවේ නුඹ
හඳ අල්ලන්නට හිතාන
මුදුන අපට උසින් වුණත්
හඳට බෝම දුරයි..
පාත ඉඳං බැලුවම නං
කන්ද හඳට ලඟයි..
රොකට්ටුවෙන් හඳට බැහැපු
ආම්ස්ට්‍රෝං මහත්තයත්
එහෙට වෙලා ඉන්නෙ නැතිව
මෙහෙට ආවෙ කිමැයි..
හඳේ සිරිය දුරට මිසක
පුතේ ලඟට නොවෙයි..
හඳේ තැනින් තැන තියෙනා
අඳුරු වෙච්ච ආවාටය
ඈත ඉඳං බලනා කල
සා පොවුවෙක් වගෙයි..
ඒ වුණාට ලඟට ගියොත්
ආවාටය කැතයි..
කඳු පාමුල අපිත් එක්ක
හඳ බලන්න එකතු වෙයන්
ගාල කඩං දුවන්නෙපා
හැම දේ මඟ හැරෙයි..
අන්තිමේදි ඉතුරු වෙන්නෙ
කළ පිං පවු තමයි..
හඳ අල්ලන්නට හිතාන
මුදුන අපට උසින් වුණත්
හඳට බෝම දුරයි..
පාත ඉඳං බැලුවම නං
කන්ද හඳට ලඟයි..
රොකට්ටුවෙන් හඳට බැහැපු
ආම්ස්ට්‍රෝං මහත්තයත්
එහෙට වෙලා ඉන්නෙ නැතිව
මෙහෙට ආවෙ කිමැයි..
හඳේ සිරිය දුරට මිසක
පුතේ ලඟට නොවෙයි..
හඳේ තැනින් තැන තියෙනා
අඳුරු වෙච්ච ආවාටය
ඈත ඉඳං බලනා කල
සා පොවුවෙක් වගෙයි..
ඒ වුණාට ලඟට ගියොත්
ආවාටය කැතයි..
කඳු පාමුල අපිත් එක්ක
හඳ බලන්න එකතු වෙයන්
ගාල කඩං දුවන්නෙපා
හැම දේ මඟ හැරෙයි..
අන්තිමේදි ඉතුරු වෙන්නෙ
කළ පිං පවු තමයි..
Wednesday, January 23, 2013
෴෴ලැබ යස ඉසුරු නොගිලින් පුත උගේ ඇම෴෴
ලෝකය තිබෙන්නේ අප අපගෙම අතර
කාලය ගෙවන්නෙමු මෙය නොහිතා නිතර
වේගය වැඩි වුණත් නෑ නිම මේ සසර
සාදය විඳිමු දම්, අපි අතරින් පතර
ඔබ වෙනුවෙන්ම රැක ගන්නට අපේකම
තබ තබ පුංචි පියවර හැම වෙලාවෙම
ඔබ මොබ ගියෙමි ගැහැටෙන් මැඩ විඩාවම
ලැබ යස ඉසුරු නොගිලින් පුත උගේඇම
රැක ගත යුතුය බුදු දම අද වගේ හෙට
එකටම තිබිය යුතු වෙයි මුතු වගේ රට
බක පණ්ඩිතයො කීවත් බොරු අගේ කොට
වක නැහැ කෙලින්මයි සිංහල මගේ කට
අපි විතරක් නෙවෙයි උන් ඉන්නත් ඕනා
උන් විතරක් ලෙසින් සැරසෙන්නට වානා
යහපත නොමැතිමය ලඟ පාතක පේනා
සටනට බසිමු හෙළයිනි නුවණැස මානා
ප.ලි.
උන් යනුවෙන් හඳුන්වා ඇත්තේ හෙළයින්ගේ මනුස්සකම නිවට කමක් ලෙස දකිමින්.. බොදුනුවන්ගේ ශාන්ත බව දුර්වල කමක් සේ දකිමින්.. ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ඨික මතවාදය හරහා හෙළය ගිලගන්නට හදනා අයයි..
Wednesday, January 2, 2013
වරද කාගෙද?
උඹයි මායි එකම තැනින් බස් එකට නැංගා..
මම මං මගේ කෙල්ල ළඟට ගියා..
උඹ ඒ ළඟම හිටපු වෙන කවුද කෙල්ලෙක් ළඟට ගියා..
මම.. ආදරේ කරපු කෙල්ලගේ අතින් මුලින්ම ඇල්ලුවේ.. මාස එක හමාරකට පස්සේ..
උඹ එදාම දැක්කා වුණාට කාලෙක ඉඳං අඳුරනවා වගේ.. අර කෙල්ලත් එක්ක කතා කර කර ගියා..
මම.. මට කැමති වුණු මගේ කෙල්ලව.. මගේ ක්ලාස් එකට ප්‍රමාද වෙද්දි එයාගෙ ක්ලාස් එකට එක්ක ගියා..
උඹ.. උඹෙත්.. ඒ කෙල්ලගෙත් ක්ලාස් කට් කරලා... ෆිල්ම් හෝල් එකට ගියා..
මම.. මගේ කෙල්ලගේ මූණ මුලින්ම සිම්බේ.. මාස තුනකට පස්සේ..
උඹ.. ෆිල්ම් හෝල් එකේදිම කෙල්ලව ඉඳුල් කළා..
මම.. ඒ කෙල්ලගේ චරිතය හොඳින් හදාරලා.. පෑහෙන්නෙ නැති තැන් තියෙන නිසා වෙන් වුණා..
උඹ.. කෙල්ලගෙන් බේරෙන්න බැරි කමටම හරි.. ඒ කෙල්ලව බැඳගත්තා..මම ද වැරදි..? උඹ ද..?
මට ද වැරදුණේ..? උඹටද....?

Saturday, December 29, 2012
කවිය නොතේරේ..
මට තේරෙන ඔබේ කවිය
ඔහුට ම ලියු ප්‍රේම කවිය
මුළු හදින්ම බැන්ද කවිය
ඔහුට නොතේරේ....
මම ඇය හට ලියපු කවිය
මගෙ සෙනෙහස පුදපු කවිය
පැතුම් පිරුණු මගේ කවිය
ඇයට නොතේරේ....
ඇයත් ඔහුත් ලියපු කවිය
අප හදවත් දවපු කවිය
ඒ දෙන්නගෙ ප්‍රේම කවිය
අපට නොතේරේ...
අපි දෙන්නා ගයපු කවිය
සෙනේ බිඳුණු විරහ කවිය
ඉකි බිඳ බිඳ හඬන කවිය
ලොවට නොතේරේ..
Monday, December 24, 2012
බැරිදා විග්‍රහය!හරාම් මෙහෙයුම..
පසුගිය දිනවල මුහුණු පොත පුරා තිබු දැන්වීම් වලින් කියැවුණේ..හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා උලමා සභාව විසින් විශාල මුදලක් අදාල නිශ්පාදන ආයතන වලින් අය කරන බවත්, එනිසා එම භාණ්ඩයේ මිළ ඉහල යන බවත්.. හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින ඉතා සුළු කොටසකට බැවින් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකර ගැනීම අසාධාරන බවත්.. ඒ නිසා හලාල් සහතිකය නැතිව අපට අඩු මුදලටත්.. හලාල් අවශ්‍ය අයට එම සහතිකය සමඟ වැඩි මුදලටත් විකිණිය යුතු බවත්, එතෙක් පාරිභෝගික අප හලාල් නිශ්පාදන ප්‍රතික්ෂේප කළ යුතු බවත් ය..
මගේ වැටහීමට අනුවද මෙය ඉතාමත් සාධාරණ තර්කයකි.. එමෙන්ම වැඩි දුරටත් මෙසේ සිතමි.. බෞද්ධ ප්‍රජාව සඳහා නිර්දේශිත මෙවන් තවත් සහතික කිරීමේ ක්‍රමයක් තිබුණා නම් අගනේය..
ඊයේ දිනයේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමට බිරිඳත් සමඟ නගරයට ගියෙමි.. වාසනාවට හාල්, මුංඇට, පරිප්පු, පිටි, කඩල, කවුපි, මිරිස් තුනපහ ආදිය.. (පැකට් නොකල ඒවායින් ගත් නිසාදෝ) හලාල් කර තිබුණේ නැත.
පොඩි එවුන්ට මාගරින් නුසුදුසු යැයි කියන නිසා.. බටර් ගන්නට ගියෙමු.. තිබුණේ හයිලන්ඩ් බටර් පමණි.. එය හලාල්ය..
බටරුත් නැති එකේ බිස්කට් ටිකක්වත් ගෙහුං තියන්ට එපාය.. කියා සිතමින්.. බිස්කට් තෝරන්නට වීමු.. මංචි හලාල් ය, මැලිබන් හලාල් ය.. කිස්ට් වේෆස් එකක් තිබුණි.. බැලුවාම ඒකත් හලාල්ය.. වෙනත් බිස්කට් ජාති කිසිවක් අප ගිය කඩ වල තිබුණේ නැත..
හලාල් ලකුණ නැති මිල්ග්‍රෝ කිරිපිටි එකක් නම් බොහොම අමාරුවෙන් හොයා ගතිමු.. ඒත් ඉතිං ඒක ශ්‍රීලාංකික නොවන එකක් නොවැ..
එක්කෝ අපි හලාල් කන්න හිත හදාගන්න ඕනෑය.. එක්කෝ කෑම හලාල් නොකර ඉන්ට නිශ්පාදක ඇත්තෝ දැන ගන්ට ඕනෑය.. එහෙමත් නැත්නං වේලක් දෙකක් නොව දිගටම හරි බඩගින්නේ හිඳිමින්.. හලාල් සහතිකේ තියෙන කෑම වර්ජනය කොරන්නට ඕනෑය..
මොනවා කළත් දුකම තමා...

Tuesday, December 18, 2012
මම (අ)සාමාන්‍ය මිනිසෙක්ද?..
මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්මයාගේ දේශනයක් ඇසුරින් මීට වසර 18කට පමණ පෙර චිත්ත ධර්ම විද්‍යා පුවත් පතෙහි පළ වූවා යැයි කියන ලිපියක් ඔබ සාමාන්‍ය මිනිසෙක් ද? යන මැයෙන් ගයනී සමරසිංහ මහත්මිය විසින් සුමනදාස සමරසිංහ මහතාගේ නමින් පවත්වාගෙන යන බ්ලොගයේ පළ කර ඇත. කෝදාගොඩ මහතා මෙන්ම සමරසිංහ මහතාත් මා ඉතා ගරු කරන විද්වතුන් දෙපලක් බවත් මේ අදහස් දැක්වීම කිසිසේත්ම ඔවුන් ව නොසලකා හැරීමක් නොවන බවත් සලකන්න..
උක්ත ලිපියේ සාමාන්‍ය මිනිසා අර්ථ දක්වා ඇත්තේ අපූරු ක්‍රමයකටය.. ඒ අනුව සාමාන්‍ය මිනිසුන් තම පළමු සැතපුම වේගයෙන් ගොස්.. ඉතිරිය ඔහේ සිටින්නන්ය.. මෙය කාලයේ වෙනසක් දැයි නොදනිමි.. අද කාලයේ නම්.. සාමාන්‍ය මිනිසුන් ජීවිත කාලයම පිම්මේ දුවයි.. එහෙත් මේ දිවිල්ලෙන් ඔවුනට අහිමි වන දෑ බොහෝය.. හිමි වන දෑ ද බොහෝය..
මම .. මේ දිවිල්ල නරකයැයි දකින.. එහෙත් හැල්මේ දුවන එකෙක්මි.. මම අසාමාන්‍ය අයෙක් වන්නට ඇත.. මට මේ තත්වයෙන් මිදීමට අවශ්‍ය නැත.. මට අවශ්‍ය මේ තත්වය වර්ධනය කර ගැනීමටයි.. මට මේ දිවිල්ලෙන් හිමි වන දෑ සුළුය.. අහිමි වන දෑ ද ඉතා සුළු ය.. පළමු සැතපුම් කීපය වේගයෙන් දුවා නවතින්නට මට අවැසි නැත.. මම දිගටම දුවමි.. මට තරඟයක් නැත.. යාන්තම් ජීවත් වීම වෙනුවට අඩු පිරිවැයකින් හොඳින් ජීවත් වෙමි.. මට මානසික සිර ගෙයක් ඇත.. එය ඔය විශේෂ මිනිසුන්ටත් ඇතැයි මම සිතමි.. ඉතින් මම සාමාන්‍ය මිනිසෙක් ද?..

අනුගමනය කරන ක්‍රමවේදයන්ගෙන් පමණක් අසාමාන්‍ය වෙමි.. මම අවශ්‍ය පමණට වඩා සොයන්නේ වත්, අසීමිත ලෙස කල්පනා කරන්නේ වත්, නැවතීමේ ලකුණ නොදන්නේ වත් නොවෙමි.. එහෙයින් මම විශේෂ මිනිසෙකුද නොවෙමි..
හැබෑටම මම මොකෙක් ද?
හැබෑටම මම මොකෙක් ද?
Thursday, December 13, 2012
මගේ බොළඳ හිත..
හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා..
මේ පද පෙළ අපේ ජීවිත වලට කොයි තරම් සමීප ද? අපි හිත හීලෑ කිරීමේ ක්‍රමවේදය නොදන්නා නිසා කොයි තරම් නම් ප්‍රමාද වී ඇත්ද?

මෙළොව එළිය දුටු දා සිට සරලව ගලා ගිය ජීවිතයට කඳු, බෑවුම් එමට ඇති බවත්, එළියට පෙනෙන සුන්දර බවට යටින් ඇත්තේ අසුන්දර බවම බවත්, අපට මේ ගලා යන ගඟෙන් එතෙර වීමේ මඟට පිවිසීමට ඇත්තේ සීමිත ඉඩ කඩක් බවත් ක්‍රම ක්‍රමයෙන් වටහා ගත්තෙමි..
එසේ සීමිත වූ ඉඩ කඩින් ප්‍රයෝජන ගැනීමට පෙර.. මා කර ගහ ගත් දෑ.. වඩාත් සුරක්ෂිතව බිමින් තැබිය යුතු බවත්.. එසේ බිමින් තැබීමෙන්.. ඒ දෑ වලට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවත් මම වටහා ගත්තෙමි..
ඉතා පරෙස්සමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත්, පළමුව ඒ සඳහා ඇති බාධාව වන ආර්ථික ගැටලු නිරාකරණය කළ යුතු බවත් අවබෝධ කොට ගත්තෙමි..
අන්තර්ජාලය නම් මෙවලම පහුරක් ලෙස මිස විනෝදාශ්වාදය සපයන හුළං බෝට්ටුවක් ලෙස යොදා ගත යුතු නොවන බව ද වටහා ගත්තෙමි..
එහෙත් තවමත්.. ෆේස් බුක්, බ්ලොග් හරහා.. මගේ හිත ඇවිදියි.. හිතෙන හිතෙන තැන නවතියි.. කවි ලියමු යැයි කියයි.. බ්ලොග් පෝස්ටුවක් දමමු යැයි කියයි...
යළි යළිත් මම ප්‍රමාදයට පත් වෙමි.. ආර්ථික යුද්ධය යළි යළිත් පරාජය වීමේ අවදානමක් ඇත..
මා තනි වෙනවා මා ලිව යුතු වූ වැඩසටහන් අතරේ..
සිත දිව යනවා.. මූණු පොතේ ඇති කවි සටහන් අතරේ..
සිත පවසනවා බ්ලොග් එක ලියලා නිදියා ගමු කියලා
වැඩ ගොඩ වෙනවා.. හෙටම නිදාගමි අද රෑ නිදි වරලා

Monday, December 10, 2012
රන් වන් අනාවක් වේවා පුතුනි මගේ..!
පුතුනේ නුඹේ සුන්දර ජීවිතය මත
අප හැම දෙනගෙ පැතුමන් හා සතුට ඇත
බාධක කම්කටොලු මැඩ, වීරියෙන් සිත
මා නිම නොකළ මෙහෙයට අත තබනු පුත
ජාතිය සිහල කම රැක සලසවා සෙත
ආගම දහම ඇසුරෙන් මෙත වඩා සිත
කාටත් හොඳින් සලකා තෙත දරා නෙත
ජීවත් වෙයන් මිනිසෙකු ලෙස මගේ පුත
තුන්වැනි වියට පා ඔසවන දිනේ නුඹ
සුන්දර නුඹේ නළලත ආදරෙන් සිඹ
යන්නට වෙතට සතුටේ රන් පහන් ටැඹ
දෙන්නෙමි සෙත් පැතුම් උණුසුම් සුසුම් පිඹ
සුන්දර නුඹේ නළලත ආදරෙන් සිඹ
යන්නට වෙතට සතුටේ රන් පහන් ටැඹ
දෙන්නෙමි සෙත් පැතුම් උණුසුම් සුසුම් පිඹ
Saturday, December 8, 2012
මෘදුකාංග (Software)
ඔන්න ඉතිං.. ඒ ගැන දන්න කස්ටිය .. අපි නොදන්න සොෆ්ට්වෙයාර්.. කියලා මාව කපලා දාන්නෙ නැතුව.. පොඩියක් කියවලා බලලා..ඌණ පූර්ණයක් එහෙම කොළා නම් තමයි වටින්නේ..
සොෆ්ට්වෙයාර් කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන වැදගත්ම දෙයක් නොවැ.. ඒ කියන්නෙ.. සොෆ්ට්වෙයාර් නැතුව කොම්පියුටරේ දුවන්නෙ නෑ.. ඔයාලට කියන්න. ඒවා නැතුව අද කාලෙ සමාගම් බොහොමයකුත් දුවන්නෙ නෑ..ඒ ගැන පස්සෙ දවසක විස්තර ඇතුව කියන්නම්කෝ..
කොම්පියුටරේ පාවිච්චි කරද්දී අපිට පේන්න තියෙන සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් තියෙනවා..
එකක් තමයි සිස්ටම්ස් සොෆ්ට්වෙයාර් (මෙහෙයුම් පද්ධතිය .. දන්න සිංහලෙන් කියනවා නම් OS එක එහෙම අයිති වෙන්නෙ මේ වර්ගයට ). මේවැයින් තමයි කොම්පියුටරේ තියෙන හාඩ්වෙයා ගැජට් කෑලි එක්ක සම්බන්දතාවය හදලා දෙන්නෙ.. Windos 7, WinXP වගේ උදාහරණ ඕන තරම් තියෙනවානෙ මේ OS වලට. ඒ වගේම අපි සමහර අලුත් ගැජට් කොම්පියුටරේට දැම්මාම.. Drivers කියලා එකක් Install කරනවා නේද? අන්න ඒවත් වැටෙන්නෙ මේ කොටසටම තමයි මයෙ හිතේ..
අනික් එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්.. ඒවැයින් තමයි අපි වගේ පරිශීලකයො (Users) කොම්පියුටරේ පොරෝජනේට ගන්නෙ.. අපි කවුරුත් දන්න උදාහරණෙ තමයි ඉතිං.. MSOffice (ඇම්. ඇස් ගේ කාර්‍යාලය) . ඔය ඇප්ලිකේෂනුත් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් සහ වෙබ් ඇප්ලිකේෂන්ස් විදිහට බෙදෙනවා.. මං මේ ලිපිය ලියන්නෙ එහෙවු වෙබ් ඇප්ලිකේෂන් එකක.. (Madhura Real Time Singlish කියන ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකේ සහායෙන්).. හිතලා බැලුවහම.. මේවායේ නිර්මාපකයෝ කොහොම මේවා නිර්මාණය කළා ද කියලා හිතා ගන්ටත් බෑ.. මේ ඇප්ලිකේෂන් හදන්ට ලැන්ග්වේජස් කියලා ජාතියක් තියෙනවා.. ඒ ලැන්ග්වේජස් පාවිච්චි කරන්න පුළුවං විදිහේ ඇප්ලිකේෂන්ස් වගයකුත් තියෙනවා.. විසුවල් ස්ටුඩියෝ කියන්නෙ එහෙම එකක්..
වැදගත්ම දේ මම දෙවැනියට කිවුව.. ඇප්ලිකේෂන් නිසා අපේ කාලය හා ශ්‍රමය විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම නිරවද්‍යතාවය හා පිළිවෙල ඉහලටම ගිහිං තියෙනවා..විශේෂයෙන් ව්‍යාපාර වලට එහෙම.. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලින් ලැබෙන්නේ එසේ මෙසේ තල්ලුවක් එහෙම නෙවෙයි..
ඒ ගැන අපි පස්සෙ දවසක කතා කරමුකෝ..

Saturday, December 1, 2012
෴෴උරුමයි නම් යමක් හිමිවෙයි෴෴
පුංචිම පුංචි කාලේ ඇය වෙත බැන්ද
ඒ ආලයේ අරුතක් නොදැනුණෙ මන්ද
ඉන්පසු උදාවිය කාලය සැප වින්ද
බෝලය පිත්ත වූවා මගෙ පණ කෙන්ද
ගැටවර වියට එළැඹුණු ගත සිත සැනිණ
ඔබ වෙත නොවේ වෙනතක යන බව දැනිණ
අවසන පෙම් සුවේ රස තව කුළු ගැනිණ
ඇය ඇති හදෙහි ඔබ හට කොටසක් නොවිණ
කම් සැප නොවෙයි ආලය යනු හිතපු මම
අම්බරයට කියා මගෙ ඇති සුදන කම
නිම් නැති ලොවක සෙවුවා සුන්දරම පෙම
පෙම්බර ඇය ගියා ගිලිමින් ඔහුගෙ ඇම
කාලය පැමිනුණා මට දීගෙක යන්න
කෝමත් නොහැක මවුපිය හිත් හඬවන්න
ආ.. යෝජනාවට හෙමිහිට ඉඩ දුන්න
මා ගියෙ අලුත් මනමාලිව හමු වෙන්න
පුදුමයි ඒත් ඇත්තයි ඒ ඔබම තමා
සතුටුයි මටත් නෑ හසරැළි තවම නිමා
උරුමයි නම් යමක් හිමිවෙයි දනිමි මෙමා
හිනැහෙයි ඔබත් එහෙනම් යයි සුළඟ හමා..
Friday, November 30, 2012
අවාසනාවට.. ඇත්ත කතාවක්..
දැන් සතියකට විතර කලිං අපේ පාරිභෝගිකයෙකුට (රජයට සම්බන්ධ ආයතනයකි) අපේ Payroll Software එකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.. දුරකථනයෙන් සහාය දිය නොහැකි මට්ටමක ඒවාට සහාය දීම සඳහා Remote Software එකක් හරහා සම්බන්ධ වීමේ ක්‍රමය මෙතැනදී යොදාගන්නට නොහැකි.. අදාල පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාව නැති නිසා.. ඉතින් අපි කිවුවේ.. අපේ Software එක හරහා ලබාගත් Database Backup එකක් අපට ඊ- ලිපියකින් එවන්න කියලා.. ඔන්න පහුගිය දවස් ටිකේ ම උත්සාහ කරලා අද උදේ Backup එකක් එවලා තිබුණා.. ඒත් ඒ Backup එක Restore කරන්න බෑ.. Corrupt වෙලා..
ඉතිං වඩාත් හොඳ විසඳුම විදිහට අපේ Staff එකේ කෙනෙක්ව එහෙට යැවුවා..(එයාගෙ නම ඉන්දික කියමුකෝ..) ඉන්දික ගිහිං පරීක්ෂා කරලා බැලුවාම තේරුණු විදිහට ලෙඩේ හොයාගන්න.. Backup එක Office එකට එවීමේ වුවමනාවක් තිබුණා.. Dongle එක ක්‍රියාත්මක වෙන්නෙත් නැති තරමට පරිගණකය හොඳ තත්වෙක තිබුණු නිසා.. එයා Backup එකක් අරගෙන ඒක E-Mail කරන්න කියලා අදාල User (කාන්තාවක්) ට දුන්නා.. එයා E-Mail එක යවන්න කියලා ගිහිං ගොඩාක් වෙලා ගියත් තාම ආවෙ නැති නිසා ඉන්දික එයාව හොයාගෙන ගියා..
යනකොට අපේ User සහ තවත් සගයෙක්.. පරිගණකයේ ලොකු වැඩක්.. ඊට පස්සෙ ජවනිකාව මේ වගෙයි..
U: එන්න ඉන්දික.. (අතින් සන් කරයි.)
I : මිස් අර E-Mail එක යැවුවද?
U: ආ.. ඒක තමයි මේ යවන්න හදන්නේ..
U ගේ සගයා.. Notepad වලින් විවෘත කරගත් ගොනුවක තැනින් තැන ඇති අපැහැදිලි යමක් මකා දමමින් සිටී.. එය ඔහු කරන්නේ දැඩි අවධානයෙනි..
I : (මඳක් විපරමින් ඒ දෙස බලා හිඳ.. ) ඔය මොකද කරන්නෙ..?
සගයා: මේක මල්ලි එයාට තේරුම් ගන්න පුළුවං විදිහට යවන්න එපාය.. අනික Open කරගන්නත් බෑ නෙව..
I : මේ ඒ Backup එකද?
සගයා: ඔවු..
I: අපෙ අප්පේ.. ඕක දෙන්න මෙහාට.. ඕක එහෙම වෙනස් කරන්න යන්න එපා.. ඕක Backup එකක් නේ..
සගයා: එතකොට එයා Open කරගන්නේ කොහොමද?
අපේ සගයා මුවින් නොබැණ ඔහුව එතැනින් නැගිට්ටවා.. E-Mail එක අපට එවුවායින් සාර්ථකව ප්‍රශ්නය විසඳාගන්නට හැකි විය..
පසුව දැනගත් පරිදි සගයා.. අදාල ආයතනයේ.. IT පිළිබඳ වැඩ්ඩාය.. ඔහු හිතාගෙන ඉන්නේ ඔහු සියල්ල දන්නවා කියාය.. එහෙත් ඔහුගේ දැනුමේ තරම..! Backup එක එවන්න මේ තරම් කල් ගියේ ඇයිද කියා දැන් අපට වැටහේ.. යළිත් නම් මෙවැනි පණ්ඩිතකම් කරන්නට එපා යැයි.. ඉන්දික විසින් ඉතා කාරුණිකව පැහැදිලි කර දුන්නද? එය එසේ සිදුවේ දැයි.. තවමත් ඇත්තේ සැකයකි..
==============================================
මේ කතාව නිසා මට පරණ කතාවක් මතකයට නැගුණි..

එක්තරා ගමක ශක්තිමත් තරුණයෙකු සිටියේ ය.. ඔහු කෙතරම් ශක්තිමත් ද යත් ගමේ ඉහලට දිවෙන පාරේ වූ ඉතා විශාල ආනතියකින් තිබෙන කන්ද ඔහු පාපැදියේ තවත් අයෙකුව නංවාගෙන පැද්දේය..
දිනක් ඔහුට මේ කන්ද පාමුල දී ඔහු ප්‍රිය කරන ගැහැණු ළමයෙකු හමු විය..
නංගි එන්න මේ ටික මං ගිහිං දාන්නම්.. ඔහු කීවේ ආඩම්බරයෙනි..
දැන් කාලේ මෙන් කාර් බාර් නැති එකල අපේ හැඩි දැඩි මිත්‍රයාගෙන් ලද ඇරයුමෙන් සතුටු වුවත්.. පාපැදියේ යෑමට ඇති බිය නිසාම තරුණිය මඳක් අදිමදි කළාය..
එහෙත් තරුණයා කීවේ.. අයියෝ නංගි බය වෙන්න එපා ඔයිට වැඩිය ලොකු අය දාගෙන මම මේ කන්ද පැදලා තියෙනවා.. කියාය..
ඉතිං දැන් නංගීත් නැංගාය.. කන්ද මඳ දුරක් යද්දී.. තරුණයාට දැනුණේ වෙනදා මෙන් පාපැදිය පදින එක පහසු නොවන බවයි.. උපරිම උත්සාහ කිරීමෙන් පසු බිමට බැසගත් තරුණයා හති හලමින් පැවසූවේ..
පුදුම වැඩක්නේ නංගි.. වෙනදට මං ඔයිට වැඩිය බර අයත් දාගෙන පදිනවා.. කවදාවත් මෙච්චර අමාරු වුණේ නෑ නේ. කියලාය..
නංගි කීවේ..
"අනේ ඒක තමයි අයියා මං මුලින්ම කීවේ.. මං හරිම බයෙන් ආවේ.. ආපහු පල්ලමට යයි කියලා.. කොයි එකටත් මං බ්‍රේක් එක අල්ලගෙනම ආවා.."
* කෙටි යෙදුම්..
I: ඉන්දික
U: User
ප.ලි
ඇත්ත කතාව.. පළමු කතාව පමණි..

Monday, November 26, 2012
ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා...
එදා ඉඳං අද වෙනකම් අපි රැවටෙනවා
රැවටි රැවටි ඉතිහාසය ගැන දොඩවනවා
බිංදු බිංදු එකතු වෙලා ගඟක් හැදෙනවා
දන්නෙම නෑ ගං වතුරට අපි යට වෙනවා
අපේ මලේ පැණි කවුරුත් බෙදා ගන්නවා
අනේ අපේ කරුණාවනෙ.. සතුටුත් වෙනවා
අපට කොහිද මල් අපි දැං උක් පැණි බොනවා
ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා
ශ්‍රී ලංකාව කියන්නෙ පුංචි රටක්.. අපි මේ රටේ ස්වදේශිකයො වගේ සුද්දන්ට පර සුද්දෝ... දෙමෙල්ලුන්ට පර දෙමෙල්ලු කියමින් බැන්නට අපිත් පර සිංහලයෝ තමයි.. ඒත් ඉතිං දැං කාලයක් තිස්සේ බහුතරය වෙලා හිටි එකට අමතරව.. අපිටයි කියලා වෙන රටක් නැති එකේ.. මේක අපේ රටයි කියලා කියන්ට අපට අයිතියක් තියෙන බව හැබෑව.. මං ඒකෙන් කියන්නෙ නෑ.. දෙමළ නැත්නම් මුස්ලිම් ජාති වල කට්ටියට ඒ අයිතිය නැහැයි කියලා.. එයාලා මොන හේතුවට මෙහාට ආවත්.. එයාලත් අවුරුදු ගානක් අපිත් එක්ක මෙහෙ ඉඳලා දැං අපේම අය බවට පත්වෙලා කියලා අපට හිතෙනවා...
ඒත් එයාලගෙ සමහර අය තවම හිතින් ජීවත් වෙන්නෙ.. ඉන්දියාවෙ නැත්නම් පකිස්ථානෙ කියලා අපට ඔය කිරිකොට් මැච් කාලෙට එහෙම පේනවා.. දෙමල අයත් එක්ක කෙහෙවලු පටලවගෙන අන්තිමේ අවුරුදු තිස් ගානක්.. ජීවිත දාස් ගානකින් වන්දි ගෙවුවා අමතක නෑ.. ඒකට අපි දෙගොල්ලොම වැරදියි.. ඒත් අපි කවුරුත් එකයි කියලා හිතපු දෙමල වගේම සිංහල මිනිස්සුත් ඒ කාලයේ ඕන තරං හිටියා.. තවත් ඉන්නවා..
ඒත් ඉතිං මුස්ලිම් කට්ටිය ගෙන් බහුතරය යන්නේ අමුතුම ගේමකටය කියලා මට තේරුණේ බොහොම ළඟදී.. එයාලා මාස්ටර් ප්ලෑන් එකක් කොටස් වශයෙන් දිග හරිමින්.. අපේ වෙළඳ පොල... අපේ නිදහස.. වගේ අපි කාටත් පොදු බොහෝ තැන් වල පැතිරුණේ හරියට සිරුරටත් නොදැනී පිළිකා සෛල සිරුර පුරා පැතිරෙන්නා වගේ.. මේ ප්‍රශ්නය කලිංම තේරුම් ගත්ත සමහර සිංහල ඈයො.. එළිපිටම මේවට විරෝධය පළ කරමින්.. සිංහල ආධිපත්‍යය පතුරවන්ටත් උත්සාහ කළා.. හිඟුරක්ගොඩ.. කිරිබත්ගොඩ වගේ නගර වල සිංහල ආධිපත්‍යය තියෙන්නේ.. ඒ ජාතිවාදයට පිංසිද්ධ වෙන්ට..
මුහුණු පොතේ අද තිබුණු දැන්වීමක තිබුණා.. කොළඹ ජනගහනය
සිංහල - 76,000 දෙමළ - 106,000 සහ මුස්ලිම් 126,000 කියලා.. මේ අපි දියවෙලා කියන්ට හොඳ උදාහරණයක්..
තවත් පුවතකින් කියැවුණේ.. උතුම් සිංහල කුල කතක් වූ ඇහැලේපොල කුමාරිහාමි නමින් වූ මාවතක් මුස්ලිම් පල්ලිය පාර බවට පත්වූ කතාවයි.. එපමණක් නොවේ.. තවත් පුවතකින් කියැවුණේ.. ඇතැම් මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල පිරිමින් හා ගැහැණුන්ව වඳ බවට පත් කිරීමට කටයුතු කරන බවයි.. මේවා බොහොමයක් මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන ක්‍රියා බව පිළිගත යුතුයි..
එහෙත් මුස්ලිම්වරු ස්වභාවයෙන් මෙන් කරන... සිංහල අපට තර්ජනයක් වන කරුණු බොහොමයක් වනවා..
ඒ අතර ප්‍රධානම වන... ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගන්නා කූට උපක්‍රම.. මා උදාහරණ කිහිපයක් කියන්නම්..
* ඔවුන්ගේ පාරිභෝගිකයා මුස්ලිම් වරයෙකු හෝ පාරිභෝගික සමාගම තුළ මුස්ලිම් ජාතික තීරණ ගන්නෙකු ඇත්නම්.. තමන් මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසා.. අනිවාර්‍යයෙන්ම තමන්ගෙන් මිළ දී ගත යුතු බවටත් එසේ නොකළහොත්.. උලමා සභාව හරහා දඬුවම් කරවන බවටත් තර්ජනය කරයි..
* යමක් අලුත්වැඩියා කර ගැනීමට පැමිණි විට තමාට එය අලුත්වැඩියා කරන්නට බැරි නම්.. වෙනත් කෙනෙකුටත් අලුත්වැඩියා කරන්නට නොහැකි තත්වයට එය පත්කරනු මිස.. බැරි දේ බැහැයි කියන්නේ නැත.. එමගින් සිය පාරිභෝගිකයා වෙනත් තරඟකාරී සේවා සපයන්නෙකු වෙත විශ්වාසය ඇති කර ගැනීම ප්‍රෝඩාකාරී ලෙස වළක්වයි..
* යමක් මිළ දී ගැනීමේ දී සැම විටම මුස්ලිම් ව්‍යාපාරිකයාට සහ විකිණීමේ දී.. මුස්ලිම් පාරිභෝගිකයාට ප්‍රමුඛතාවය ලබා දේ..
මේ වගේ විවිධ උපක්‍රම වලින් එයාලා එයාලගේ වර්ගයා ඉදිරියට ගෙන යද්දි.. අපිත් එයාලට වෛර කර කර ඉන්නෙ නැතුව.. සහජීවනයෙන් ජීවත් වෙන ගමන්..
ගනු දෙනු වලදී.. අපේ කෙනාට ප්‍රමුඛ තාවය දීලා..
අපේ සිංහලයින් තුළ මනුෂ්‍යත්වය හා සහෝදරත්වය වර්ධනය කර ගනිමින්.. මුස්ලිම්, දෙමල ආදී ජාතීන් වල අයත් සහෝදරත්වයෙන් පිළිගනිමින්..
අපගේ ජනගහනය පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි (පවුල තුළ) සංවිධානය වීමෙන් මේ ගැටුම් අවම කරගන්න පුළුවන්..
කොයි ආගමෙත් අන්තවාදීන් ඉන්නවා.. බුදු දහමේ කියලා එහෙම නැති වෙන්නේ කොහොමද?අනෙකුත් ආගම් හා ජාතීන් සමඟ සැසඳීමේ දී මුස්ලිමුන්.. අන්තවාදී පිරිස වැඩිම ජාතියක් බවත් කියන්ටම ඕන..
වෛරය පිටු දකිමින්.. අනවබෝධය තුළ නොමියෙන්නට ගනිමු ද පුංචි උත්සාහයක්..?
ප. ලි.
මෙයාලා කරලා තියෙන විනාශ කීපයක් මේ ලිපියෙන් අනාවරණය වෙනවා.. යළිත් මුස්ලිම් පල්ලි ඩෝසර් කරන්නෙ නෑ කියලා මුස්ලිම් අයට පොරොන්දු දුන්නයි කියන ආඩම්බරකාරයා.. නැගෙනහිර වෙහෙර විහාර විතරක් නෙවෙයි බත්තරමුල්ලේ පවා බුදුපිලිම, විහාර ඩෝසර් කරද්දී මුණිවත රැකීම.. ආඩම්බරයට කරුණක් නොවේද?

Tuesday, November 13, 2012
බැරිදා විග්‍රහය! බජට් එක
බජට් එකෙන් මොකද වෙන්නෙ.. සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක්.. මං නං දන්නවා.. බජට් එක කියන්නෙ.. තවත් එක මවා පෑමක් විතරයි.. මෑත කාලෙ මොන බජට් එකෙන් ද අපේ ප්‍රශ්න වලට උත්තර ලැබුණේ?
රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..
හැබැයි බජට් එකේ ඇත්තටම වෙන්න පුළුවන් දේකුත් කියලා තියෙනවා.. 2015 වෙද්දී.. දුප්පතුන් නැතිකරනවා කියන එක.. ඒකෙ අරුත ඒ වෙද්දි උන්ව පොහොසතුන් කරනවා කියලා හිතුවා නම් ඒක මෝඩ කම.. ඔය කියන්නෙ 2015 වෙද්දි රටේ දුප්පත්තු ටික නැති බංගස්තාන කරන බව කියලා මට නං සුවර්..
මට කණගාටු බජට් එකෙන් පඩි වැඩි කරාවි කියලා බලං උන්නුඅහිංසකයො කාලකන්නි ටික ගැන. සරත් අංකල්ගෙ 10,000/= එපා කියලා මහින්ද මාමගෙ 2,500/= ගන්න බලං හිටියා.. මොකද වුණේ..? තවත් මොනවා බලන්නද? දැං ඔය දෙනවා කියන 1,500/= දෙන්නෙත් කෑලි තුනකට ලු නේ.. බය වෙන්න එපා.. ඕකෙනුත් කෑලි දෙකකට වඩා ලැබෙන්නෙ නෑ..
රා මදින කට්ටියට පොඩි චෑන්ස් එකක් දීම හොඳ දෙයකි.. අඩු ගානෙ උන්ට හිතේ අමාරුවට තෙලිජ්ජ ටිකක් වත් වක්කොරගන්ට ඇහැකියි නොවැ..
ආණ්ඩුවට නං.. බදු ගහලා හරි අයවැය පරතරය පියවා ගන්ට පුළුවං.. අපි මොනවා කියලා ගහන්ටද? අපේ බඩටම තමයි ගහන්න වෙන්නේ..
හෙජින් සූදුවෙන් කොච්චර ගානකට කෙළ වුණා ද? තාමත් කෙළ වෙනවා නේ.. අපිට තවමත් වැඩි ගානට පැට්‍රෝල් ගන්න වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුව නොසලකා හැරපු හින්දයි කියලා ඔය ඇන්. සිල්වා මහත්තයා කියන්නේ..
උන්නැහේගේ කතා නං අහගෙන ඉන්ට ආසයි.. ඒත් ඉතිං උන්නැහේට කතා කොරනවා ඇරෙන්ට වෙන කොරන්ට දෙයක් නෑ.. හරියට මේ මට වගේ..
එහෙවු එකේ වැඩකට නැති බජට් එකක් ගැන ලියන්ට ගෙහුං නිකරුණේ මගෙ කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.. ඡන්දෙ දීපු උන්දැලාම බජට් එකේ සුන්දරත්වය විඳ ගත්තාවෙ.. මං යනවා මගෙ වැඩක් කොරගන්ට..
රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..
හැබැයි බජට් එකේ ඇත්තටම වෙන්න පුළුවන් දේකුත් කියලා තියෙනවා.. 2015 වෙද්දී.. දුප්පතුන් නැතිකරනවා කියන එක.. ඒකෙ අරුත ඒ වෙද්දි උන්ව පොහොසතුන් කරනවා කියලා හිතුවා නම් ඒක මෝඩ කම.. ඔය කියන්නෙ 2015 වෙද්දි රටේ දුප්පත්තු ටික නැති බංගස්තාන කරන බව කියලා මට නං සුවර්..
මට කණගාටු බජට් එකෙන් පඩි වැඩි කරාවි කියලා බලං උන්නු
රා මදින කට්ටියට පොඩි චෑන්ස් එකක් දීම හොඳ දෙයකි.. අඩු ගානෙ උන්ට හිතේ අමාරුවට තෙලිජ්ජ ටිකක් වත් වක්කොරගන්ට ඇහැකියි නොවැ..
ආණ්ඩුවට නං.. බදු ගහලා හරි අයවැය පරතරය පියවා ගන්ට පුළුවං.. අපි මොනවා කියලා ගහන්ටද? අපේ බඩටම තමයි ගහන්න වෙන්නේ..
හෙජින් සූදුවෙන් කොච්චර ගානකට කෙළ වුණා ද? තාමත් කෙළ වෙනවා නේ.. අපිට තවමත් වැඩි ගානට පැට්‍රෝල් ගන්න වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුව නොසලකා හැරපු හින්දයි කියලා ඔය ඇන්. සිල්වා මහත්තයා කියන්නේ..
උන්නැහේගේ කතා නං අහගෙන ඉන්ට ආසයි.. ඒත් ඉතිං උන්නැහේට කතා කොරනවා ඇරෙන්ට වෙන කොරන්ට දෙයක් නෑ.. හරියට මේ මට වගේ..
එහෙවු එකේ වැඩකට නැති බජට් එකක් ගැන ලියන්ට ගෙහුං නිකරුණේ මගෙ කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.. ඡන්දෙ දීපු උන්දැලාම බජට් එකේ සුන්දරත්වය විඳ ගත්තාවෙ.. මං යනවා මගෙ වැඩක් කොරගන්ට..
Saturday, November 10, 2012
උපන් දිනය දා..
ආදරණීය සචී වෙත..
ක්‍රමක්‍රමයෙන් වියැකිලා යන ජීවිතය තුළ අපි කියපු කරපු දේවල්, අපි ගොඩනඟපු දේවල්, අපි ලබාගත්තු ජයග්‍රහණ ගැන පොඩි තක්සේරුවක් කරන්න අපට අවුරුද්දට තුන් හතර වතාවක් ඉඩ ලැබෙනවා.. ඒ අතර උපන් දිනය සුවිශේෂ වෙන්නේ.. අපේ වයසත් එක්කලා අපි කොයිතරම් දුර ඇවිල්ලද කියලා හිතන්න හොඳම අවස්ථාවක් හින්දයි..
ඉතිං ඔයාගෙ 34 වැනි උපන් දිනය දවසෙ ඔයාට හිතන්න ගොඩක් දේවල් තියෙන බව මම දන්නවා.. මේ ජීවිතයෙ ආපු අසීරුතා, සතුටු දායක අවස්ථා හැම එකකටම මට සහභාගී වෙන්න බැරි වුණත්.. එහෙම පුළුවං වුණු අවස්ථාත් සෑහෙන තරමක් තියෙනවා.. මං දන්නවා.. ඔයා හුඟක් දේ දරාගෙන මගෙත් එක්ක මේ ගමන යන බව.. දැං පටං ගන්න යන්නේ අපේ ජීවිතයෙ දුෂ්කරම අවධිය කියලයි මට හිතෙන්නේ..
අපි තරුණ කමින් දුරස් වෙනවා..
අපේ ජීවන බර එන්න එන්නම වැඩි වෙනවා..
ජීවිත තව තවත් සංකීර්ණ වෙනවා..
ආර්ථිකේ තවත් අමාරු වෙනවා..
අපි අතරම අපි තනි වෙනවා..
හිනා වෙන්න කතා කරන්න අමතක වෙනවා..
ඒ මොනවා වුණත්..
මතක තියාගන්න..
විශ්වාසය..
ඔවු.. අපි අතර තියෙන විශ්වාසය..
ඒක බිඳෙන්න නම් දෙන්න එපා..
මැරෙන කල්..
මං විශ්වාසය ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්..
ඒක හරි ලේසියෙන් බිඳෙන්න පුළුවං...
හැබැයි..
ඒක නිකරුණේ නොබිඳෙන්න නම්..
ඔයාටයි මටයි දෙන්නට ම..
ඒ විශ්වාසය තියෙන්න ඕන..
අපි අද පන්සල් යමු.. පැතුම් වෙනුවට.. විශ්වාසය හිතේ පුරවගමු..!
විශ්වාසය තියෙනවා නම්.. මොකුත්ම අපෙන් ගිලිහෙන එකක් නෑ..
ඔයාගේ උපන් දිනය යෙදෙන දවසෙම මිය පරලොව ගිහිං තියෙන ඔයාගෙ සීයා ටත්, මගේ අත්තම්මාටත්..
ඒ ආසන්නම දවස් වල මිය පරලොව ගොස් ඇති.. ඔයාගේ තාත්තා, මගේ ආතා සහ මගේ ආච්චි අම්මාටත්
පිං බලාපොරොත්තු වෙනවා නම්.. පිං පෙත් පතමු..
කලිං අවුරුද්දෙ.. මං ඔයාට ලියපු ලිපිය හුඟක් දේවල් කියන නිසා ඔයාට තුනුරුවන්ගේ ආශිර්වාදය පතමින් නවතින්නම්..

Friday, November 9, 2012
෴෴කොමාව෴෴
මං පුංචිම පුංචි කාලෙ
මට සෙල්ලම් කරන්න දුන්
සෙල්ලම් බඩු සැරින් සැරේ
මගෙන් උදුර ගත්තා...
තව චුට්ටක් ලොකු වෙනකොට
මගේ තිබුණු චණ්ඩි කමට
නුඹේ කෑම බීම පවා
මාත් උදුර ගත්තා..
ගැටයො ගැටිස්සියො වුණාම
එකිනෙකාට ලැජ්ජාවෙන්
අපෙ හිත් වල තිබුණු සතුට
අපි නැතිකර ගත්තා..
මගෙ යාළුවො හොරෙන් හොරෙන්
නුඹට කොලොප්පං කළාම
මගේ හොඳම යාළුවන්ව
මං නැතිකර ගත්තා..
ලස්සන හොඳ මහත්තයෙක්
නුඹෙ හිත හොරකම් කළාම
මගේ හිතේ ආල පැතුම්
මං හංගා ගත්තා..
කුසින් උපන් දරු එක්කලා
නුඹ ආයෙත් තනි වුණාම
නුඹට තනිය නුසුදුසු බව
මං තේරුම් ගත්තා..
ඒ තනියට තිත තියන්න
ආදරයෙන් ලං වුණාම
කොමාවකට වැඩිය ඉඩක්
නැති බව දැනගත්තා..
Thursday, November 8, 2012
මගේ වාහනේ..
එළියට පෙනුනට
බෙන්ස් එකක් වගෙ
මං පදින්නෙ පොඩි
ඇල්ටො එකක්
ඉඳ හිට ලෙඩ වෙයි
සද්දෙ වැඩියි නොවැ
ඒ උනාට හරි
ඉකොනොමිකල්
බරත් අදිනවා
ගමනත් යනවා
ගැට්ටක් නැතුවත්
ගැස්සෙනවා
ගැස්සෙනවා
කන්ඩිෂන් හොඳයි
එකම කේස් එක
චුට්ටක් වැඩිපුර
රත් වෙනවා..
Monday, November 5, 2012
නොහෙලමු ඒ ගැන කඳුළු නෙතේ!
| සමහරු කියනව රට වැනසෙන බව බය හිතෙනව ඇහුවාම | පුතේ |
| ඇත්තම කියලා මටත් හිතෙනවා නැති වෙනකොට මගෙ අතේ | සතේ |
| පාරට බැස්සම එහෙම පෙනෙන්නෑ ලොකු ලොකු වාහන දසත | ඇතේ |
| සැලා කියන්නෙත් රට ගොඩ යන බව රජයේ මහ මෙහෙවරක් | මතේ |
| හෙජින් සූදුවෙන් කෝටි අටයි තව පොළියයි දෙන්නට වෙලා | ඇතේ |
| අදියාපනෙ කෙරුවාව අහද්දී කෙළිං වෙනව නොවැ මයිල් | ගතේ |
| බෙහෙත් පෝලිමේ ලෙඩ්ඩු පිරී ඇත ඉස්පිරිතාලේ බෙහෙත් | නැතේ |
| අනේ ඒත් ඡන්දයක් තිබ්බොතින් වැඩිම මනාපය රජය | අතේ |
| අබුද්දස්ස කාලේ හැටි මෙහෙමලු අහල තියේ නෙක කතා | පුතේ |
| ගොම රිටි යට ගොස් කළු ගල් පා වෙයි තව ටික කලකින් ජලය | මතේ |
| රටේ ලොක්කො ටික අපායෙ යන හැටි අනේ ඇඳෙනවා මගේ | හිතේ |
| අනුකම්පා කර හිත පහදා ගමු නොහෙලමු ඒ ගැන කඳුළු | නෙතේ |
Subscribe to:
Posts (Atom)