ජවිපෙ නම් කොටියාගේ පුල්ලි මාරුවක් සිදුවිය.. කැලය නම් මාරු වූ බව හිතන්ට අමාරුය.. එහෙමමයි කියන්ට තවම කල් වැඩි බවත් ඇත්තය.. ජවිපෙ කොටියා ඇල්ටීටී කොටියා හා පටලවා ගන්ට අවැසි නෑ ය. අවැසි ම නම් පටලවා ගත්තත් කමක් නෑ ය. මොකද ජවිපෙ කොටියා අපේ උන්ටම කොරපු හරිය ඇල්ටීටී කොටියා ට දෙවැනි නෑ ය. කොහොම උනත් පරණ කතා දැං වැඩක් නෑ ය. ජවිපෙ දැං හීලෑ කොටියෙක්ය.
මේ කරදහිය ලියන්ට හිතුණේ.. වත්පොතේ ජවිපෙ නංගියෙක් උදේ පාන්දර දමා තිබූ පෝස්ටුවක් දැකලාය. උන්දෑ කියන්නෙ අනුර කුමාර දිසානායක ජනතාවගේ විපක්ෂ නායක කියලා ය. නොකියා කියන්නේ ජවිපෙ ජනතාවගේ විපක්ෂය කියා ය. මං නං කියන්නේ මේක මහ විහිළුවක් කියාය. ජනතාවගෙන් අතිමහත් බහුතරය තවමත් ජවිපෙට විරුද්ධය. විරුද්ධ අද කරපු පවකට නොවේය. මේවා පරණ පවු ය. එජාපය ට වගේ ම ජවිපෙටත් මේ පවු ගෙවලාම ඉවර කරන්ට වෙනවා ය.
එයිට අමතරව ජවිපේ හිතන විදිහෙත් ලොකු අවුලක් තියෙනවාය.. උන් හිතන්නේ නිවැරදි දැක්ම තියෙන්නේ උන්ට විතරක්ය කියාය. උන් හිතන්නේ ජනතාව ඉන්නේ උන් එක්ක කියාය. උන් හිතන්නේ වැඩක් කරන්ට පුළුවන් උන්ට විතරක්ය කියාය.
ඒ විතරක් නොවේය.. උන් හිතන්නේ උන් එක්ක නැති එවුන් ද්‍රෝහියෝ කියාය, ප්‍රතිගාමියෝ කියාය. මෝඩ හැත්තක් කියාය.
ඒ විතරකුත් නොවේය.. උන් මේ මෑත යුගයේ.. ප්රජාතන්තරවාදී උනාට පස්සේ ආණ්ඩු කිහිපයක කොටස් කාරයෝ වෙලා හිටියෝය. ඒ කාලේ මීයෙක් වදලා කන්දක් වැදූ තරමට ප්‍රචාරේ දුන්නෝය.. අදටත් ආණ්ඩුව කරන්නේ මේ වැඩේ ය. එක අතකින් ආණ්ඩුව ජවිපෙ ක්‍රම වේදය කොල්ල කෑවේය. අනිත් අතට ජවිපෙ ජනතාව මහා පරිමාණෙන් රවට්ටන මේ පිළිවෙතට මුල පිරුවේය. දැන් රජයේ මාජ්ජ වල පළු ඇරියත්.. ඒ කාලේ රජයේ මාජ්ජ වල බලය ලැජ්ජා නැති විදිහට යොදාගෙන එජාපෙට ගැහුවේය.
මේ ඔක්කොම කියන්නේ අනුර කුමාර ට හැදෙන්ට නොව.. අනුර කුමාරට පක්සෙ හදනවානම් අදහසක් ගන්ටය.. ඒ වෙන මොකවත් නොවේය.. ජවිපෙ කියන්නෙ තවමත් .. දේශපාලන ව්‍යාපාරය තුළ අඩුවෙන්ම දූෂණය වෙච්ච පක්සයක් නිසාය..
අනුර කුමාර .. මං කැමතිම කතාකාරයෙක්ය. වාචාලවංස වගේ ගිරිය පිප්පගෙන නන්දෙඩෙවුවේ නැති වුණාට.. අනුර කුමාර කියන්නේ තර්කානුකූල කතාය... හරි එඩිතර කතා ය.. අනුර කුමාරටවත්, ජවිපෙටවත් බැරි නැත.. ඒත් ඇඟිල්ලේ තරම දැන ගත යුතුය.. නව නායකයාටත්.. ජවිපෙටත් මං මගේ හදපතුලෙන්ම සුබ පතනවාය..







